May
14

මුදල් මුද්‍රණය කිරීම මගේ ප්‍රතිපත්තිය නෙමෙයි

 
623 Views
   
Printing-money-is-not-my-policy  

ශ්‍රී ලංකාව මේ වන විට වසර 200ක් 300ක් තුළ මුහුණ දෙන ආර්ථික අර්බුදයට ‌මුහුණ දෙන බවත් ශ්‍රි ලංකාව සතුව විදේශ විනිමය හෝ රුපියල් නොමැති බවත් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

බි.බී.සී. සිංහල සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවැසිය. මුලින්ම රුපියල් ආදායම වැඩිකර ගත යුතු බවද ඔහු පැවැසිය.‌

පෝලිම් ක්‍රමය නැති කිරීමට කටයුතු කරන බවත් මුලින්ම ජනතාව තුන්වේලක් කන තත්ත්වයට පත්කල යුතුව ඇති බවත් ඔහු පැවැසීය.

ගෝඨාගෝගම ඉදිරියට ගෙන යා යුතු බවත්, කමිටු පත්කර තරුණ නියෝජයන් ඒ් සඳහා පත්කළ යුතු බවත් ඔහු පැවැසීය.

වැඩ කිරීම ආරම්භ කළ බවත් වෙසක් දිනයේදි හෝ නිවාඩුවක් ලබා නොගන්නා බවත් රාත්‍රිය ‌වෙනකම් වැඩ කරන බවත් ඔහු පැවැසීය.

මුදල් මුද්‍රණය කිරීම තම ආර්ථික ප්‍රතිපත්තිය නොවන නමුත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බවත් ඔහු පැවැසිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්