Apr
12

අම්මට,මල්ලිට, තාත්තට අපහාස කරපු සියලුම දෙනාට කවී කියපු කතාව

 
1034 Views
   
The-story-told-by-the-poet-to-all-those-who-insulted-mother,-brother-and-father  

කාවින්දයා අධිකාරි කියන්නේ හැම වෙලාවෙම ඇගේම දක්ෂතාවයකින් ක්ෂේත්රය තුළ කැපී පෙනෙන්න ස්ථාවරත්වයක් හදාගන්න උත්සාහ දරපු කෙනෙක්. ඇය දක්ෂ ගායිකාවක්. ඒ වගේම රංගන ශිල්පිනියක් , වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් කාවින්දයා බොහෝ අවස්ථාවන් වලදී අපට දැකබලා ගන්න පුළුවන්.

ඇගේ ආදරණීය දෙමව්පියන් තමයි සමිතා මුදුන්කොටුව සහ අතුල අදිකාරී කියන්නේ. ඒ වගේම කාවින්දයට ආදරණීය සහෝදරයෙක් ඉන්නවා. මේ සියලුම දෙනා එක්ක ඉතාමත් සතුටින් ජීවත්වන ඇයට සමාජය තුළින් නොයෙකුත් කට කතා මඩ ප්‍රචාර වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ උනහම ඕනෙම කෙනෙක්ට මේ කටකතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහේ නොයෙකුත් ආකාරයේ සිදුවීම් වලට මුහුණ දීලා අවසානයේ ඇය ඉතාමත් දැඩි තීරණයක් අරන්.

කවින්ද්‍යා හරිම කලකිරීමෙන් තමන්ගේ මුහුණු පොතේ ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඇය කිව්වේ අම්මට තාත්තට මල්ලිට අපහාස කරපු ඒ සියලුම දෙනා දිහා මුල ඉඳන් බලාගෙන හිටියා කියලා සහ මේ ලෝකයේ ආයේ ඉපදෙන්න වත් ඇය හිතන් නැහැ කියනා ආකාරයේ අදහසක්. ඉතින් ඇය ඉදිරිපත් කරපු ඒ සටහන පහතින් උපුටා දක්වා ඇත.

මේ තියෙන්නෙ ඒ සටහන…

මට මිනිස්සු හුඟාක් දොස් කියන්න පුලුවන් මේ දාන දේ සම්බන්ධයෙන්, ඒත් මම අවශ්‍ය තැනදී හරි දේ කතා කරපු මනුස්සයෙක්…
දේශපාලනය සම්බන්ධව කතා කරන කිසිම තැනකදී මම කිසිම දෙයක් කාටවත් කියන්න යන්නේ නෑ, මොකද ඒක ඒ ඒ අයගේ කැමැත්ත සහ අයිතිය.
ඉවසන් ඉඳලා ඉඳලා දාන පෝස්ටුවක් මෙන් ද කරුණාවෙන් දන්වා සිටිමි…
මගේ පවුලේ මිනිස්සු හැම මනුස්සයෙක්ටම එක විදිහට සලකන පුදුම මනුස්සකමක් ඇති මිනිස්සු. සමාජෙට එකක් ගෙදරට තව එකක් නෙමේ කියලා අපිව ලඟින් ඇසුරු කරන කියලුම දෙනා දන්නවා… මම ගැන ඕන දෙයක් දැම්මට කිසි ප්‍රශ්නයක් නෑ, නමුත් මගේ අම්මා ගෙ නම, මගේ මල්ලි ගෙ නම, මගෙ තාත්තා ගෙ නම කියලා අපහස කරන සහ එක එක දේවල් සමාජගත කරන හැම කෙනා ගැනම මම මේ දේ පටන්ගත්ත දවසේ ඉඳන් හොඳින් බලාගෙන හිටියේ සහ ඉන්නේ…
මගෙ මූණ ඉස්සරහටවත් ඒ මිනිස්සු හම්බවෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා…
කලාකරුවන් විදිහට සාමාන්‍ය ජනතාවට කතා කරලා කියන්න හරවත් දේ ඇති මිනිස්සු වෙන්න, කටට එන හැමදේම කියන්න හිහින් තමාට ඇති ගරුත්වය නැති කරගන්නේ නැතුව!
මේ කාලය ඇතුලත සමාජයේ මිනිස්සු සහ විශේෂයෙන් කලාකරුවන් ගැන පුදුම විදියට ඉගෙනගත්තා සහ තේරුම්ගත්තා.
උපතින්ම මේ ශේස්ත්‍රයට එන්න උනා ඇරෙන්න හීනෙකින්වත් මේ වගේ මිනිස්සු ඉන්න තැනකට එන්න හෝ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේ නම් නෑ ආය කවමදාවත්!
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දේශපාලන තරහාවල්, අදාළ මිනිස්සු එක්ක තිගාගත්තා නම් හොඳයි, පාඩුවේ ඉන්න මගෙ පවුලේ මිනිස්සුන්ගේ නම කියව කියව දඟලන්නේ නැතුව..
මම කාටවත් ණයත් නෑ. බයත් නෑ… ඒක නිසා මේ පෝස්ට් එකෙන් පස්සේ මට කවුරු මොනා කිව්වත් මට අදාළත් නෑ!!
මම පවුලේ මිනිස්සුන්ට පුදුම විදිහට ආදරේ කරන මනුස්සයෙක්…
මම මිනිස්සුන්ට පුදුම විදිහට ගරු කරන ආදරේ කරන මනුස්සයෙක්… එහෙම මනුස්සයෙක් ගෙ හිතක් තමයි මේ රිදුනේ…
-කවි-

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්