Nov
14

බැසිල් කළ වැඩෙන් මහින්දට සහ මෛත්‍රීට විශ්‍රාම වැටුප අහිමි වෙයි

 
3501 Views
   
 

ජනාධිපතිවරයකුට සහ පාර්ලිමේන්තු මන්තරීවරයකුට විශරාම වැටුප් හිමිවීම සඳහා වසර දහයක කාලයක් එම ධුරය දැරිය යුතු බවට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (12දා) 2022 වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේය. දැනට වසර 05 ක් සිය ධුරය දැරීම විශරාම වැටුප් ලැබීම සඳහා සුදුසුකම වේ. 

මෙම යෝජනාවට අනුව තම පක්ෂයේ ජනාධිපතිවරුන් දෙදෙනකුට විශරාම වැටුප් අහිමි වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛතරීපාල සිරිසේන යන මහත්වරුන්ට සහ දිවංගත ආර්. පේරමදාස මහතාගේ බිරිඳ වන හේමා පේරමදාස මහත්මියටද විශරාම වැටුප් අහිමි වීමේ අවිනිශ්චිත බවක් පවතී. 

එසේම ඇමැතිවරුන් සහ රාජ්ය නිලධාරීන්ට මාසිකව ලබාදෙන ඉන්ධන පරමාණයෙන් ලීටර් 05 ක් අඩු කිරීමටත් රාජ්ය ආයතනවල අලූතින් ගොඩනැ`ගිලි ඉදිකිරීම වසර දෙකකින් කල්දැමීමටත් යෝජනා කළේය. 

රාජ්ය සේවකයින්ගේ විශරාම යෑම වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීමටත් රාජ්ය සේවයේ වැටුප් විශරාම ඉවත් කර නව වැටුප් ව්යුහයක් හඳුන්වා දීමටත් යෝජනා කළ අතර අලූත් ව්යාපාර ආරම්භ කරන විට ලියාපදිංචි ගාස්තු අය නොකිරීමටත් රාජ්ය ආයතනවල දුරකථන වියදම් සියයට 25 කින් කපා හැරීමටත්, තරිරෝද රථ සඳහා නියාමනයක් ඇති කිරීමටත් ඖෂධ මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට මිල යාන්තරණයක් ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ යෝජනා කඩිනම් කිරීමටත් යෝජනා කළේය. 

රජයට ඇති වැඩිම වියදම විදේශ ණය සඳහා පොලී ගෙවීම බවත් මේ වන විට රජය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක ජාත්යන්තර බැඳුම්කර දෙකක් ගෙවා අවසන් කර ඇති බවත් මුදල් ඇමැතිවරයා පැවසීය. 

2021 වසරේ අයවැයෙන් යෝජනා කළද කරියාත්මක නොවූ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද 2022 ජනවාරි මස 01 වැනිදා සිට කරියාත්මක කෙරේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්