Oct
19

සිංගප්පූරු සෞඛ්‍ය සේවාවේ ඉහළ දැනුම මෙරටට

 
532 Views
   
 

සිංගප්පූරුවේ වෛද්‍ය සහ තාක්ෂණික දැනුම ඔස්සේ මෙරට හදිසි ප්‍රතිකාර සේවා සම්භන්ධයෙන් පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය පියවර ගෙන ඇත. කොවිඩ් වසංගතයත් සමඟ ඇතිවන්නාවූ හදිසි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එරට වෛද්‍ය හා සෞඛ්‍ය සේවාවේ ඉහළ දැනුම මෙරට සෞඛ්‍ය පද්ධතියට ලබා දීම මෙහි අරමුණයි.ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරුවේ තමාසෙක් පදනමේ මුලිකත්වයෙන් සිංගප්පූරුවේ නැං යෙං පොලිටෙක්නික් අධ්‍යාපන ආයතනය මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

මේ සම්භන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සිංගප්පූරුවේ එම ආයතන සම්භන්ධ නිළධාරීන් සමග Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට පියවර ගෙන ඇත.
මෙලෙස දියුණු රටවල් සමඟ එක්ව නව තාක්ෂණය ඔස්සේ නව ගමනක් යෑමට රජය නිරන්තරයෙන් උත්සාහ කරන අතර එහි අවසානයේ සියලු ප්‍රථිඵල සහ ප්‍රතිලාභ හිමිවන්නේ ලාංකික පුරවැසියන් වන අපටමය. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්