Nov
27

හොඳ නරක නිවැරදිව දකින සුබවාදී ආණ්ඩුවක්

 
1634 Views
   
 

අගමැති මහින්ද රාජපක්ෂ මේ කුමන දේශපාලන සම්ප්රදායයකින් වුව හොඳට තෙම්පරාදු වූ චරිතයකි. දැනට පාර්ලිමේන්තුවේ සිටින පරිණතම දේශපාලකයා ඔහු යැයි කිව හොත් එහි අතිශයෝක්තියක් නැත. ආසියාවේ දේශපාලනය ගත්ත ද ඔහුගේ චරිතය කැපී පෙනෙයි.

ප්රේමදාස පාලන සමයේ පැවති රාජ්ය භීෂණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගිය ද ඔහු ප්රේමදාස මහතාගේ ජනසවිය වැඩසටහන විවේචනය කළේ නැත.

ජනසවියේ ආරම්භක උත්සවයට ද මහින්දද සහභාගී විය. හොඳ දේවල් හොඳ ලෙස දකින්නටත්, නරක දේවල් නරක ලෙස දකින්නටත් පුළුවන්කමක් දේශපාලකයකුට තිබිය යුතුය. විරුද්ධවාදියා වුව යහපත් දෙයක් කරන්නේ නම් ඊට කොන්දේසි විරහිතව සහාය පළ කිරීම මහින්දගේ ක්රමය වෙයි.

අගමැතිවරයා අයවැය කාරක සභා විවාදයේදී කාගේත් අවධානයට ලක් විය යුතු දේශපාලන අදහසක් පළ කර තිබේ. එනම්, ආණ්ඩුව විපක්ෂයේ සාධනීය විවේචන හා යෝජනාවලට හොඳින් ඇහුම්කන් දෙන බව හා ඒවා සැලකිල්ලට ගන්නා බවය. මෙය ශෝබන කතාවක් නොවන බව පෙනී යන්නේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවා කොවිඩ් අර්බුදය ගැන කතා කරන්නට ආණ්ඩුව පියවර ගත් නිසාය.

ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයන් කොවිඩ් වසංගතයට හසු වී දුර්වල අඩියකට ඇද වැටී ඇත. ධනපති රටවල් පවා මේ වසංගතය තුළ ආර්ථික කම්පනයකට ලක් වී ඇත. කුඩා ආර්ථිකයක් හිමි ශ්රී ලංකාවට කොවිඩ් බර වැඩියෙන් දැනෙන බව අමුතුවෙන් කිව යුතු නැත. රටේ ප්රධාන ආදායම් මාර්ග බොහොමයක් තවම යථා තත්ත්වයට පත් වී නැත. මේ අනුව රාජ්ය ආදායම් ශීඝ්රයෙන් පහළ බැස ඇත.

එහෙත් රාජ්ය වියදම් ශීඝ්රයෙන් ඉහළ යයි. ලබන වසරේ අයවැය ඉදිරිපත්ව ඇත්තේ එබඳු අර්බුදකාරී තත්ත්වයක් යටතේය. එහෙත් පොදු ජනයාට බරක් නොවන අයුරින් අයවැය ඉදිරිපත් කිරීමට මුදල් අමාත්යවරයා සමත් වී තිබේ. ඒ ගැන සතුටු විය හැකිය.

එහෙත් විපක්ෂය එය අගය කරන්නේ නැත. දේශපාලන වශයෙන් ගහමරා ගැනීමක් නැතිව ප්රතිපත්ති හා වැඩසටහන්වලින් පමණක් දේශපාලන තරගයේ යෙදෙන සමාජ සංස්කෘතියක් මීට දශක දෙක-තුනකට පෙර අපේ රටේ දක්නට ලැබිණි. රට විපත්තියකට පත් වූ සැණින් එය විසඳීම සඳහා විපක්ෂය ආණ්ඩුවට සහයෝගය දුන්නේය. 1971 කැරැල්ලට මුහුණ දුන් සිරිමාවෝ මැතිනියට ජේ.ආර්. ජයවර්ධන සහයෝගය පළ කළේය.

ඉන් නොනැවතී කැරැල්ල මර්දනය කිරීමට අවශ්ය උපදේශන දීමට ද ඉදිරිපත් විය. ආණ්ඩු පක්ෂයේ විවෘත කිරීම්වලට විපක්ෂයේ මන්ත්රීවරුන් ගොස් කතා පැවැත්වූ අවස්ථා ද අප දැක තිබේ. 1980 ගණන්වල විපක්ෂ මන්ත්රීවරයකු වූ දි.මු. ජයරත්න ගම්පොළ ආසනයේ විවෘත කිරීම්වලට සහභාගී විය.

අගමැතිවරයාගේ අදහස යෝජනාවක් හැටියට ද ගත හැකිය. එසේ කළ හොත්, කියවෙන්නේ විපක්ෂය රටේ ජාතික වැදගත්කමකින් යුතු දේවල් සම්බන්ධයෙන් නිරීක්ෂණය කොට ඒවා සම්බන්ධයෙන් යුක්ති සහගත විවේචන හා වැදගත් යෝජනා ඉදිරිපත් කළ යුතු බවය.

කොවිඩ් මර්දනයේදී, හරිත කෘෂිකර්මයේදී පමණක් නොව අයවැය යෝජනාවලදී ද විපක්ෂය එබඳු ප්රතිපත්තියක සිට වැඩ කිරීම ඉතා වැදගත්ය. අප මුහුණ දෙන අර්බුදය ගතහොත් සාමූහිකත්වය එය විසඳීමට ඇති හොඳම මාර්ගය බව පිළිගත යුතුය. විපක්ෂය සාධාරණ විවේචන ඉදිරිපත් කරන්නේ නම් ඊට ඇහුම්කන් දීමට ආණ්ඩුව සූදානම් යැයි කීම පවා සුභවාදිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්