Oct
5

පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා නව අපනයන සැකසුම් කලාපයක් හම්බන්තොටට

 
649 Views
   
 

.දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් ඇඹිලිපිටිය, හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්‍රික්වල පොල් ආශිත නිෂ්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන දැවැන්ත පොල් වගා කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. මේ සඳහා අක්කර 400ක් පමණ භූමි ප්‍රමාණයක් යොදා ගැනීමට අදහස් කරන බවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ ආයෝජනය කිරීමට ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය හරහා සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 15,000 පමණ උදාවන අතර පොල් ආශ්‍රිත අත්කම් නිර්මාණ කොහු නිෂ්පාදන හා ගෙවතු ආශ්‍රිත කුඩා පොල් වගා කරන්නන් හට ද මේ හරහා ප්‍රතිලාභ ජනිත වනු ඇත.දැනටමත් මෙම හම්බන්තොට පොල් අපනයන සැකසුම් කලාපය පිහිටුවීම සඳහා ඉතාලි රජය විසින් සහය ලබා දීමට කැමති බව ඉතාලියේ මෙරට තානාපති තුමිය විසින් පවසා ඇත.තවද ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමටත් ඔවුන්ගේ සහයෝගය පළ කර තිබේ.

දේශීය කර්මාන්තකරුවන්ට ද ආයෝජනය කිරීමට අවස්ථාව උදාවන අතර දුඹුරු පොල් ටෙස්ටා, පොල් වතුර, පොල් ලෙලි, පොල් කටු සඳහා අගය එකතු කළ නිෂ්පාදන දිරිමත් කිරීමට සැලසුම් සකස් කර තිබේ. මීට අමතරව නව අගය එකතු කළ නිෂ්පාදන සඳහා පොල් අවශේෂ භාවිතා කරන නිසා ඒවා සංරක්ෂණය කර ගැනීම පිළිබඳ උපදෙස් ජනතාව අතර ප්‍රචලිත කිරීමටද සැලසුම් කර තිබේ. නිසි ආකාරයෙන් සැලසුම් සහගත ලෙස නව තාක්ෂණය හා උපාය මාර්ග යොදා ගැනීමත් නව කර්මාන්තශාලා ආරම්භ කිරීමත් හරහා පොල් ආශ්‍රිත නිෂ්පාදන වල අපතේ යාම් 30% පමණ අඩු කර ගැනීමේ අවස්ථාව උදාවේ. (සඳුනිකා රාජපක්ෂ)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්