Apr
4

මම ගැන social media වල යන news සම්පූර්ණයෙන් අසත්‍යයි – රඟපෑමෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණා

 
952 Views
   
The-news-about-me-on-social-media-is-completely-untrue---I-quit-acting-completely  

දැන් කොහොමද ඔයා මෙතනින් එහා ජීවිතේ ගත කරන්නේ  ලංකාවේ ද නැත්නම් කැනඩාවේ ද?

ඇත්තටම මම ආසම රට ලංකාව ඒක වෙනස් වෙන්නේ නැහැ.දැන් මේ තියන ප්‍රශ්න අමතක කරලා බලමුකෝ ඒව එහෙම තමයි ඒත් ආසම රට ලංකාව එක ලෝකෙ තැන් තැන් වල ගියා ම ලස්සන දේවල් දකිනවා කොච්චර දැක්කා වුණත්. ලංකාවේ නුවර එළියට ගියාම දැනෙන දේ කතරගමට ගියාම දැනෙන දේ අනුරාධපුරයට ගියාම  දැනෙන දේ මේවා ඉතින් මම හිතන්නේ මොනතරම් සුන්දර තැන් වලට ලෝකයේ ගියත් මේ දේවල් අමතක කරන්න බැහැ මේ දේවල් ටක් ගාලා ඔලුවට එනවා අපිටත් මේ වගේ කොච්චර ලස්සන තැන් තියෙනවද අපේ කියලා හැඟීම දැනෙනවද ඒවා වෙනස් කරන්න බෑ. ඔයාටත් එහෙම තමයි කොච්චර කිව්වත්.

නමුත් පහුගිය දවස්වල ලංකාවේ සෝෂල් මීඩියා දිගින් දිගටම වාර්තා කරන්නේ ඔයා පවුල පිටින්ම කැනඩා ගිහිල්ලා කියලා ?

සෝෂල් මීඩියානේ යවලා තියෙන්නෙ මම දන්නෙත් නැහැ ඒගොල්ලන්ගෙ වියදම් කොච්චරද කියලා. මට මේ වෙලාවේ යූටියුබ් වලට, යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ උත්තරයක් දෙන්න පුළුවන් කම ලැබෙනවා. ඇත්තම කියනවනං මේ ගියපු සියලුම නිව්ස් අසත්‍ය කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. මොකද මම යම් රටකට ගිහිල්ලා මගේ පෞද්ගලිකව තියන personal Instagram එක පේජ් එකේ  මේකෙ මම පින්තූරයක් දාන්නෙ මං ඒ තැනකට ගියාම මට ඒ තියෙන සතුටට .අපිත් ඉතින් ශ්‍රී ලාංකික මිනිසුනේ. වෙනත් රටකට ගියාම එහි සුන්දරත්වය දැක්කහම සතුටක් එනවා.එක සාමාන්‍ය ඕනම මනුස්සයෙක්ට තියෙන අහිංසක ආසාවක්. ඒක අනික මං විතරක් කරන දෙයක් නෙමෙයි.මම ඔතනට ගියා ගියාම මං මේ ලංකාවේ actress

කෙනෙක්  කියලා මට දැනෙන්නෙ නෑ නේ මං මගේ පවුලේ උදවියත් එක්ක වෙනත් රටක සංචාරයකට ගියාම. මං මනුස්සයෙක්නේ .ඉතිං ඒ වගේ වෙලාවක මං විතරක් නෙමෙයි හැමෝම මිනිස්සු පවා තමන්ගේ ගන්න ඡායාරූප වල ලස්සනම ඡායාරූප දැක්කහම ඒක පෝස්ට් කරනවා .ඉතිං ඒ දේ තමයි මමත් කරන්නේ. මේ දේ කරහම එක්කෝ මට කෝල් එකක් දීලා අහන්න මම මොකක්ද මේ කරන්නේ කියලා. නමුත් ඒක අහන්නේ නැහැ. කෙලින්ම ඡායරූපය ගත්තා මෙන්න මෙයා රට අත ඇරලා ගිහිල්ලා. කට්ටිය දාන්නේ ගයත්‍රි ඩයස් කැනඩාවේ ගෙවන සුපිරි ජීවිතේ. මොන සුපිරි ද .මම දන්නෙ නෑ මම අපේ නංගිගේ ගෙදර හිටියේ. ඒත් ඒ කියන්න තරම් ලොකු සුපිරියක් අපේ නංගිත් ගෙදර නැහැ .අනිත් එක මම මේ රට දාලා ගියේ නැහැ .

මට රට දාලා යන්න තරං එහෙම උවමනාවකුත් නැහැ. නමුත් මම කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ හිටියා, මගේ දරුවෝ  වෙනුවෙන් මගේ කාලය හරිම අඩුවෙන් මම යෙදෙව්වෙ. ඉතින් මගේ දරුවොත් එන්න දැන් සාමාන්‍ය වයසක ඉන්නේ. ඒගොල්ලොන්ට මම ඉන්න ඕන කාලේ. ඒගොල්ලොන්ගෙ අධ්‍යාපන කටයුතු වලට උදව් කරන්න ඕන කාලේ. නැත්නම් අම්මා කෙනෙක් විදියට මට ජරා විදියට මැරිල යන්න වෙනවා.  මට එහෙම කරන්න බැහැ ඒ නිසා මම රඟපානවා කියන එක අත ඇරියා. මට රඟපාන්න දැන් කිසිම ආසාවක් නැහැ.එකක් තමයි මම පහුගිය කාලේ කරපු රඟපෑම් කරපු නිර්මාණත් එක්ක එකතු වෙලා ඉද්දි  වෙච්ච කලකිරීම් මට ඇති .අපි උදේ 6:00 ට යනවා. ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා මාර සැප ජොබ් එකක් කියලා කට්ටිය හිතන්නේ සුපිරි ජොබ් එකක් සුපිරි සල්ලි ගොඩක් හොයාගෙන රටකට ගිහිල්ලා එනවා කියලා .

රෑ දොළහ එක වෙනකන් අපි ෂූටිං කරනවා. එතකොට අපි ගෙදර යනකොට දරුවෝ නිදි එතකොට ආයිත්  උදේ නැගිටලා ගෙදරින් එනකොටත් දරුවෝ නිදි.ඒ ළමයි හිතාගෙන ඉන්නේ මම මාසයක් විතර ෂූටිං ගිහිල්ලා කියලා . ඉතිං ගෙදර එනවා දන්නෙත් නෑ යනවා දන්නෙත් නැ.ඔය වගේ පුදුමාකාර කර්කෂ ජීවිතයක් අපි ගත කළේ .ඉතිං අපේ ටෙලි නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයෝ විනාඩි විස්සක් ඇතුළත ටාර් ගාල බලන එක අපි දවස් ගානක් තිස්සේ දුක් විඳලා විඳලා තමයි කරන්නේ.දැන් ඇත්තටම මං මේ සල්ලි ගොඩක් හම්බ කරගෙන රඟපෑමෙන් ඈත් වෙනවා නෙමෙයි මට ඇත්තටම එහෙම සල්ලියක් නැහැ මට සාමාන්‍යයෙන් මම ජීවත් වන ප්‍රමාණයට හම්බ කරන කෙනෙක් .නමුත් ඉතින් රඟපෑම අත්හැරියා. හේතුව මේක කර කර මට මගේ දරුවන්ගේ ජීවිතයට මගෙන් ලැබෙන සහාය දෙන්න බැ. ඉතින් ඒ නිසා මම තීරණය කළා එක අයින් කර ගන්න. ඉතිං ඒව නිසා තමයි මම කැනඩාවට ගියේ මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය කරන පොඩි පොඩි යම් යම් වටපිටාවක් හදාගන්න. ඒ ඇරනෙන් රටවල් අත ඇරලා දාලා එහේ ගියා එකක් නැහැ..ඒවා තනිකර ඒගොල්ලො හදාගත්ත දේවල් කියක් හරි හම්බ කරන්න වෙන්නැති නේ කමක් නෑ ඉතින් .

පලවෙනි දුව ජීවිතයට හම්බ වුණ දවස මතක් වෙද්දි ,කොයි තරම් සොඳුරු මතකයක් ද අද වෙනකම් අවුරුදු විසි හතරක් ලොකු කරනවා කියන්නේ නේද?

ඇත්තටම කියනවා නම් මගේ ලොකු දුවට මේ අවුරුද්දට අවුරුදු විසි හතරක් වෙනවා. එතකොට මගේ වයසත් අහුවේයි කමක් නැහැ .මම අවුරුදු දාහතෙන් බැන්දා කියලා හැමෝම දන්නවා. ඒ වගේම මට දහනවයෙන් දුවව හම්බවුණා.එහෙම හංගන්න ඕනෙත් නෑ වයස මොකද මැරුණට පස්සේ හැමෝම දැන ගන්නවනේ .අනිත් එක මට  වයස එහෙම හංගන්න ඕන නෑ. සමහර අය ඉතින් එක එක වයස් කියලා මාව පෙන්නන්න බලනවා.

ඒක මට කිසි ප්‍රශ්නයක් නෑ .මම දකින්නේ ඕනෑම මනුස්සයෙක්ගේ පේන දේ තමන් ජීවත් වෙන ක්‍රමය මත තමයි තමන්ගේ වයස සහ සිතුවිලි හැමදේම තියෙන්නෙ.මගේ පේජ් එකෙ ගත්තොත් එහෙම මං මොකක් හරි පින්තූරයක් දැම්මොත්  ඒකෙ යටින් තියන හේට් කමෙන්ට් දැක්කහම මට හිනා යන්නේ.. සමහර අය මට කියල තියෙන දේවල් දැක්කහම මට හිනා යනවා. හේතුව සමහර අය මට දානවා මේ දරුවෝ දෙන්නෙක් එක්ක ඉන්න අම්මා කෙනෙක් නේද කියලා. ඔව් ඉතින් මම ඉන්නම්කො හොඳ කැන්ඩියන් එකකුත් ඇදගෙන ගෙදරට වෙලා කොන්ඩෙත් බැඳගෙන සුදු කරගෙන ඉන්නම් කෝ .

නමුත් මට එහෙම ඉන්න ඕනේ නැහැ. මට දෙයියො දීලා තියෙන විදිහක් තියෙනවා මට ගිය ආත්මෙ ඉඳලා  මේ ආත්මෙ කරපු දේවල් ටිකක් ඇති. මට මේ ලැබිච්ච දේ මං මේක නැති කරගන්න මට කවුරුත් නිසා උවමනා නැහැ .මම කිසිකෙනකුට ඉරිසියා කරන්නෙත් නැහැ.මම ඉන්න විදිය මම හිතන්නේ නැහැ නරකයි කියලා.මගේ දරුවන්ට ආදර්ශයක් විදියට මම ජිවත් වෙනවා.  දරුවන්ටත් ප්‍රශ්නයක් නැත්නම් ගෙදර අයටත් ප්‍රශ්නයක් නැත්නම් එක කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නැහැ.

ඉතින් ඇත්තටම ලහිරු ඔයා අහපු දේ මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ.මම හිතන්නේ මගේ ලයිෆ් එකේ  මම දෙයක් ඉදිරියේදී මම කොහොමද මේ දෙවල් කරගන්නේ කියලා බය ඇති වෙච්ච දවස එදා.මොකද මගේ වයසත් එක්ක මගේ දරුවෙක්ව කුසේ දරාගෙන මාස ගානක් ඉද්දි ඒ කාලේ මට තිබිච්ච ප්‍රශ්න මම මාරම බයේ. ලං වෙන්න ,ලං වෙන්න හැමෝම කියනවා ඔය බඩේ ඉන්නකම් හොඳයි එළියට ආවට පස්සේ තමයි ඔයාට තමයි වැඩ වැඩි වෙන්නේ .මට බබා හම්බ වෙලා මම කිරි දෙන්න වත් දන්නෙ නැහැ.ඒ කාලෙත් එක්ක එහෙමයි. නමුත් මේ වෙද්දි නම් එහෙම නැහැ දැන් ගොඩක් අය ඇඩ්වාන්ස්.ඉතින් හම්බවෙන්න ගිහිල්ලා ඉද්දිත් මම හරි බයෙන් ඉන්නේ.මම කෑගහනව. ඊට පස්සේ කියවනවා කියනවා.

ඩොක්ටර් කිව්වා ඊළඟට කෑ ගහන්න එපා තව අම්මලා ඉන්නවා එහා පැත්තෙන්. ඒ අම්මලා බය වෙයි කියලා .ඉතිං ඊට පස්සේ ඩොක්ටර් මගෙන් එක එක විස්තර අහනවා. මේ දවස් වල හස්බන්ඩි ගේ ෂූටිං මොනවද.ඒ විදිය දේවල් අහල මගේ මනස වෙනස් කරනවා. මම කියන්නේ මම දන්නේ නෑ කියන එක.ඇත්තම  කියනවනම් මට මගේ අම්මව ඒ වෙලාවේ ගොඩක් මතක් උනා.ඒක ඕනම කෙනෙක් අම්මා කෙනෙක් වෙන වෙලාවේ තමන්ගේ අම්මව මතක් වෙන්න වෙලාවක් .මොකද මමත් මේ ලෝකෙට එන්න ඇත්තෙ මෙහෙම නේද නේද කියලා මගේ හිතට ආවා.කාටවත් කිසිම ගැහැනියට අමතක කරන්න පුළුවන් දේකුත් නෙමෙයි, හැම ගෑනියෙක් ම විදින්න ඕන දෙයක් ඒක.

සම්පූර්ණ සාකච්ඡාව මෙතනින් බලන්න.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්