Jan
25

රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

 
291 Views
   
 

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ R11-01 කිලෝමීටර් කණුව අසලදී අද (25) අළුයම 02.00ට පමණ සිදුවූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය මාර්ගයේ එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටෙහි ද ගැටී ඇති බවයි.

මෙම අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂකයා ලෙස කටයුතුකළ පොලිස් කොස්‍තාපල් ජයකොඩි (72542) ද ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂක ලියනගේ රණවීර සඳහන් කළේ.

එමෙන්ම ජීප් රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ ආරක්ෂකයාගේ මෘත දේහයන් මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයෙහි තැම්පත් කර තිබෙනවා.

 

a5f6187f 7d2e 44bf a4e5 a52dd3eeeae2

a30198e2 709c 40fe ae5e 564a81d03a1a

af33e1df 1d92 4629 ae9f e00504da90fd

be02d3d8 ca7f 446a b6df 99cae0e2c063

f5823366 fbef 4560 82cc ecfeb968c6c0

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්