Sep
6

සුඛිතලාට මුදිතලාට කිරීම

 
549 Views
   
 

දළ ජාතික නිෂ්පාදිතය යනු රටේ ආර්ථිකයේ සෑම අස්සක් මුල්ලක්ම ශක්තිමත් කළ හැකි අංශයකි. රට තුළ කෙරෙන නිෂ්පාදිතය ඉහළ යාමෙන් ලැබෙන සියළුම ප්‍රතිලාභ හිමිවන්නේ මහ ජනතාවටය. රට තුළ පරිභෝජනය සඳහා කෙරෙන නිෂ්පාදන කාර්‍යයෙන් ආනයන අඩු කළ හැක. (උදා: ආහාර, බෙහෙත්, ඇඳුම් ආදිය) එයින් විදේශ විණිමය පිටතට ගලා යාමද අවම කරයි. එමෙන්ම අතිරික්තය අපනයන කිරීමෙන් අලුතෙන් විදේශ විණිමයක් රට තුළට ගලා එයි. මෙය අ.පො.ස. උසස් පෙල ආර්ථික විද්‍යා පාඩම්වල පවා සරල බසින් සඳහන් වෙයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මානුෂීය මෙහෙයුම ආරම්භයේ සිට යහපාලන රජය බ ල ය ට එන තෙක් දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියනවලින් පහළ දක්වා ඇත.

2004 – $ 20.1 / 2005 – $ 23.5 / 2006 – $ 28.3 / 2007- $ 32.4 / 2008- $ 40.7 / 2009 – $ 42.1 / 2010- $ 56.7 / 2011- $ 65.3 / 2012- $ 68.4 / 2013- $ 74.3 / 2014- $ 79.4

දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයන් වෙත ප්‍ර හා ර එල්ලකරමින්, විදෙස් ආයෝජකයන් බියවද්දමින්, මෙරට ආර්ථිකයට ම රු ප හ ර ක් එල්ල කළ ත්‍ර ස් ත වා ද ය තුරන් කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට එකළ රජයට සිදුවිය. ඒ නො වන්නට මෙරට ආර්ථිකය තව තවත් ප්‍රසාරණය කිරීමේ හැකියාව තිබුණි. නමුත් මහින්ද රාජපක්ෂ රජය බලයට ආ වර්ෂයේ සිට මානුෂීය මෙහෙයුම් අතරේදී පවා එම මෙහෙයුම් නො මැති ප්‍රදේශවල සංවර්ධන ක්‍රියාවලීන් කරගෙන යන ලදී. උතුරු නැගෙනහිර සංවර්ධනය වේගවත් කිරීමට 2009 මානුෂීය මෙහෙයුම්වල ජයග්‍රහණයෙන් පසු ඉඩකඩ ලැබුණි.2004 දී ඇ.ඩො.බි 20.1 ක් ව තිබු ආර්ථිකය 2009 අවසානය වන විට දෙගුණයකටත් වඩා (ඇ.ඩො.බි 42 ක්) වර්ධනය කර තිබුණේ රටේ සැළකිය යුතු කොටසක යු ද් ධ ය ක් පවතින අතරේය. 2009 න් පසු මෙරට ආර්ථිකයේ ශක්‍යතාවය ඉදි වූ කර්මාන්තශාලා, මහාමාර්ග, අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ ආදී මහාපරිමාණ ව්‍යාපෘතීන්ගෙන් පෙනීයයි. විදෙස් ආයෝජකයන්ටද 2009 න් පසු මෙරටට ඒම සඳහා බියක් තිබුණේ නැ ත.

රටේ ආර්ථිකය ස්වර්ණමය යුගයක් කරා යාමේ වේගවත් ගමනක යෙදී සිටියදී 2015 වසරේ බලයට පැමිණියේ යහපාලන ආණ්ඩුවයි. ඔවුන්ගේ පාලන ක්‍රමවේදය දළ ජාතික නිෂ්පාදිතයට එල්ල කළේ ම රු පහරකි. ඔවුන්ගේ පාලන කාලය තුළදී දළ ජාතික නිෂ්පාදිතයේ වේගය තිබුණේ ඉබි ගමනක ස්වභාවයෙනි.

2014- $ 79.4 / 2015 – $ 80.6 / 2016- $ 82.4 / 2017- $ 87.4 / 2018- $ 88.4 / 2019- $ 84
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දළ ජාතික නිෂ්පාදිතය මෙන්ම ආර්ථික වර්ධන වේගය පිළිබඳවද මහ බැංකු වාර්ථා මෙන්ම ජාත්‍යාන්තර පුවත්පත්වලද සටහන් වන්නේ ඉතා වේගවත් බවයි. 2009 දී ඇ.ඩො.බි. 42 ක් වූ එය 2014 වන විට ඇ.ඩො.බි. 79.4 දක්වා ඩොලර් බිලියන 37.3 කින් ඉහළ දමා තිබුණද යහපාලන රජය 2015 සිට 2019 දක්වා කළා යෑඉකියන සංවර්ධනය වැඩි වීම සටහන් වෙන්නේ ඩොලර් බිලියන 4 ක් පමණි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් අස්ස වේගයෙන් ගෙන යමින් තිබූ ආර්ථිකයේ වේගය යහපාලන සමයේ වර්ධනය වූයේ මානුෂීය මෙහෙයුම් කාලයටත් වඩා අඩු වේගයකින් බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. නමුත් දුක්ඛසහගතම දෙය වන්නේ යුද්දයක් හෝ නැතිව භාර දුන් රටේ සංවර්ධන අඩාල කිරීම පමණක් නොවේ. 2018 වසරේ ඇ.ඩො.බි. 88.4 ක් වූ ආර්ථිකය 2019 වන විට ඇ.ඩො.බි. 84 ක් දක්වා පහත හෙලීමයි. මෙහි ඇද වැටීම ඩොලර් බිලියන 4.4 කි. එය සුළුවෙන් තැකිය හැක්කක් නො වේ.

මත්තල ගුවන්තොටුපොළ තුළ වී ගබඩා කිරීමෙන් යහපාලන රජයේ ඊර්ෂියාසහගත හැසිරීමත් අද වන විට ඉතා ඉහළ ආදායමක් ලබන හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීමෙන් ඔවුන්ගේ කලමනාකරණයේ නො හැකියාවත් ලෝකයට ප්‍රදර්ශනය කළෝය. දළ ජාතික නිෂ්පාදිතයට අත දුන් මෙරට ගොවීන් විසින් සිදු කරමින් ගිය, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ ‘අපි වවමු රට නගමු’ යන සංකල්පයට මරු පහරක් එල්ල කරමින් ආර්ථික ඔස්තාර්ලා යැයිතමන්ටම කියාගත් යහපාලන තන්ත්‍රය වී ගොවීන්ට එම ගොවිතැන අතහැර වෙනත් භෝග වවන ලෙස උපදෙස් දුන්නෝය. දකුණු ආසියාවේ අංක එකේ තේ අපනයනකරු වූ ශ්‍රී ලංකාවේ තේවල ප්‍රමිතිය බාල කළ ඔවුන් ශ්‍රී ලංකාවේ විශාලම තේ ගැණුම්කරුවා වූ රුසියාවට කියා තහනමක්ද පනවා ගත්තේ කුරුමිණියන් සහිත තේ එරටට අපනයනය කිරීමෙනි. ගම්මිරිස් අපනයන ආදායම අඩාල කිරීම සඳහා සම්බන්ධ කරගත් ඇතැමුන් 2019 වසරේ පා ස් කු ව ට ද සම්බන්ධ වී තිබිණි. ඒ ඔවුන් හොඳටම කරපු හැටි ය.

යහපාලන ආර්ථික ඔස්තාද්ලා විසින් 2015-2019 වර්ෂයන් තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදියට පමණක් හෝ අත හිත දුන්නා නම් 2020 මෙරටට පැමිණි කො විඩ් වසංගතයට අපට ශක්තිමත්ව මුහුණ දීමට හැකියාව තිබුණි. නමුත් විනාශ කර තිබූ ආර්ථිකයක්, අඩාල කර තිබූ ජාතික ආරක්ශාවක්, නෂ්ට කර තිබූ දළ ජාතික නිෂ්පාදිතයක් නැවත යථා තත්ත්වයට පත් කර ගනිමින් ලෝක වසංගතයකට මුහුණ දීමේ වගකීම වර්තමාන රජයට ඇත. මහින්ද රාජපක්ෂ බලයට පැමිණියේ යුද්දය අවසන් කර දීමේ පොරොන්දුව පමණක් සහිතවය. ඔහු යු ද් ද ය ද අවසන් කර ආර්ථිකයද ඉහළ නංවා පෙන්නුවේ බෝනස් එකක් ලෙසය. නමුත් යහපාලනය බලයට පැමිණියේ රටේ ආර්ථිකය සුඛිත මුදිත කළ හැකි එකම කණ්ඩායම ඔවුන් පමණක් බව පවසමිනි. අවසානයේ ඔවුන් සුඛිතලාට සහ මුදිතලාට කළා මිස ආර්ථිකයට කළ දෙයක් තිබේ නම් එය ආර්ථිකය ඝා ත න ය කිරීම පමණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්