Mar
3

” කතා හදන උන් සේරම බෝසත් ද? අනුන්ගෙ කුණු හොයන මිනිස්සුන්ට හරි යන්නේ නෑ ” කාවින්ද්‍යා අධිකාරි එක්කළ අමුතු සටහන

 
689 Views
   
 

ලංකාවේ කවුරුත් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පීන් යුවළක් වන අතුල අධිකාරි සහ සමීතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරි කියන්නේ. ඒ වගේම තමයි කාවින්ද්‍යාත් මේවෙද්දී සිය මව්පියන්ගේ අඩිපාරේම ගමන් කරමින් මෙරට කලා ක්ෂේත්‍රය සමගින් එක්වෙලා තිබෙනවා. ඒ බව නොරහසක්. කොහොම නමුත් කලා ක්ෂේත්‍රය තුළ තාරුණ්‍යය නියෝජනය කරන කාවින්ද්‍යා මේවෙද්දී දක්ෂ රංගන ශිල්පිනියක ලෙස වගේම දක්ෂ ගායන ශිල්පිනියක හැටියටත් කටයුතු කරනවා

කොහොම නමුත් කාවින්ද්‍යා ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වෙනවා. ඊට හේතුව වනුයේ ඔවුන් මෙරට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටීමයි. කොහොමහරි ඉතින් කාවින්ද්‍යාගේ මව සහ පියා මේවෙද්දී සිය විවාහයෙන් වෙන්ව සිටින අතර ඇගේ මව නැවත වරක් විවාහවීමටයි තීරණය කරන්නේ. ඒ බව මේවෙනකොට නොදන්න කෙනෙකු නැති තරම්

එලෙස සමීතා මුදුන්කොටුව මහත්මිය නැවත විවාහ වීමත් සමග ඒ පිළිබඳ සමාජ ජාලා මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇතිව තිබුණා. ඒ ඇය තමන්ට වඩා වයසින් ලාබාල තරුණයෙකු සමගින් විවාහවීම නිසාවෙනුයි. කෙසේවෙතත් එලෙස විවාහවෙන ඇය මේවෙද්දී ඉතාමත් සතුටින් කාලය ගතකරන අතර ඇගේ විවාහය සිදුවුණු අලුත සමාජයේ විවිධාකාර කටකතාවන් නිර්මාණය වුවත් කාලයත් සමග ඒ සියල්ල නැවතිලා තිබෙනවා

කෙසේවෙතත් සමිතාගේ මේ විවාහය නිසාවෙන්ම පහුගිය කාලය පුරාවටම සමිතාට වගේම කාවින්ද්‍යාටත් සමාජයෙන් නොයෙකුත් කතා අහන්නට සිදුව තිබුණා. ඒ කොහොම උනත් මේ විදිහට අනුන්ගේ කුණු හොයන අයට කාවින්ද්‍යා ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සටහනක් එකතු කරමින් අපූරු කතාවක් කියල තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් එලෙස සටහනක් එක්කරමින් අදහස් දක්වපු ඇය එහිදී කියල තිබුනේ මෙහෙම කතාවකුයි

” කතා හදන උන් සේරම බෝසත් ද? තමන් ගෙ ජීවිතේ සතුටට යතුර තමන් සතුව පමණක් තබාගෙන ඉදිරියටම යන්න. අනුන්ගෙ කුණු හොයන මිනිස්සුන්ට හරි යන්නේ නෑ කියලා දැන දැනත් ඒ දේවල් කර කර දුක් විඳින මිනිස්සු ඉන්න රටක අපි ජීවත් වෙන්නේ. තමන්ගෙ ජීවිතේ තමන්ට ඇර වෙන කාටවත් අයිති නැති බව දැනගෙන ජීවත් වෙන්න. අපි අන්තිම හුස්ම හෙලද්දී අපි සතුටු වුන තැන් විතරයි වටින්නේ, අපි දුක් වුන තැන් වලට වැඩිය ” කියලයි

කොහොම නමුත් කවුරු මොන මොන කතා කිව්වත් සමීතා ඇතුළු මේ පවුල ඉතාමත් සතුටින් කාලය ගතකරන බව නොරහසක්. ඉතින් අපිත් ඔවුන්ට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් කල් ගෙවන්න හැකිවේවා කියල හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්