Aug
1

ගෙවන වැටුපට වැඩ කරන්න බැ’රිනම් උද්ඝෝෂණ කර කර ඉන්නේ නැ’තුව කරුණාකරලා රැකියාවෙන් ඉල්ලා අස්වෙන්න

 
2522 Views
   
 

ගුරු උද්ඝෝෂණය සාධාරණීකරණය කරමින් කතා කරන ගොඩක් අය දන්නේ නැ’හැ ඔවුන් මේ ඉල්ලන්නේ පරිපාලන සේවයේ වැටුප බව. (පරිපාලන සේවයට අයත් වෙන්නේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, අමාත්‍යාංශය ලේකම් වැනි තනතුරු) ඔවුන් දන්නෙ නැ’හැ පරිපාලන සේවයේ තනතුරක් ලබා ගැනීමට අවශ්‍ය අවම මූලික සුදුසුකම වන උපාධියවත් ගුරුවරුන්ගෙන් 53%ක් ම සපුරා නො’මැති බව. උද්ඝෝෂණය කරන ගුරුවරුන්ගෙන් අති බහුතරයක් අය දන්නේ නැ’හැ මොකක්ද මේ වැටුප් විෂමතාවය කියන්නෙ කියලා.

මේ වැටුප් විෂමතාවය කියලා කියන්නේ පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වැටුප සහ ගුරු වැටුප අතර වෙනස. ගුරු සංගම් වල ලොක්කෝ ගුරුවරුන්ගේ ඔලුවට දාලා තියෙනවා ගුරුවරුන් ට අයිති වෙන්න ඕන පරිපාලන සේවයේ වැටුප කියලා. (SL වැටුප් කාණ්ඩය රු 47,615ක) පරිපාලන සේවයේ වැටුපක් ලැබීම සඳහා අවශ්‍ය කරන මූලික සුදුසුකම වත් නො’මැතිව, තමන්ට අයිති වෙන්න ඕන පරිපාලන සේවයේ වැටුප කියලා හිතින් මවාගෙන තමන්ගේ වැටුප සහ පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වැටුප සංසන්දනය කරලා ඒ දෙක අතර වෙනස තමන්ගේ වැටුප් විෂමතාවයක් කියලා උද්ඝෝෂණය කරනවා.

මේ ගැන සමාජ කතිකාවතක් ඇති වෙන එක වළක්වන්න තමයි “අපි ඉල්ලන්නේ වැටුප් වැඩි කිරීමක් නෙ’මෙයි හිමි වැටුප” කිය කිය වෙනම කතාවක් කිය කිය යන්නේ ගුරුවරයෙක්ට වැටුප් මදිනම් වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලන එකට එකඟයි. නමුත් මේ ඉල්ලන්නේ වැටුප විතරක් වැඩි කරන්න කියලා නෙ’මෙයි තමන්ට නැ’ති සුදුසුකම් වලට අදාල තනතුරු කාණ්ඩයක් ලබා දෙන්න කියලා. එතකොට වැටුප වැඩි වෙන එකට අමතරව එම තනතුරට අදාළ විශාල වරප්‍රසාද ප්‍රමාණයකුත් ලැබෙනවා. (වාහන බලපත්‍ර, ඉන්ධන දීමනා, දුරකථන දීමනා, නිල නිවාස) මේ වැඩේ කරොත් සමස්ත රාජ්‍ය සේවයම අගාධයකට ඇද වැටෙනවා.
මේ යෝජනාව ලබා දුන්නො’ත් රාජ්‍ය සේවයේ අවම බඳවා ගැනීමේ සුදුසුකම උපාධියක් වන රැකියාවක සේවකයාට ලැබෙන පඩිය MN (රුපියල් 32,000) වෙද්දි අවම බඳවා ගැනීමේ සුදුසුකම උසස් පෙළ/ඩිප්ලෝමා වන අයට SL (රුපියල් 47,615) වැටුපක් ලැබෙනවා.

අන්න ඒකට තමයි නියම වැටුප් විෂමතාව කියන්නේ. එතකොට වෙන්නේ ඒ සේවකයොත් නැවත පාරට බහිනවා. බඳවා ගැනීමේ අවම සුදුසුකම උපාධියක් වන රැකියාවක වැටුපට වඩා, බඳවා ගැනීමේ අවම සුදුසුකම උසස් පෙළ/ඩිප්ලෝමා වන රැකියාවක වැටුප ඉහළ යනවා.
මේ නිසා උපාධියකට ඇති වටිනාකම පිරිහී ඩිප්ලෝමාවට ඇති වටිනාකම ඉහළ ගිහින් විශ්ව විද්‍යාලයකට ඇති පිළිගැනීම පහළ ගොස් විද්‍යාපීඨ වලට ඇති පිළිගැනීම ඉහළ යනවා. දැන් අපි බලමු ඇයි මේ අය තමන්ගේ වැටුප දීප ව්‍යාප්ත සේවයේ වැටුප සමග සංසන්දනය කරන්නේ කියලා.

88/89 කාලේ රටේ තිබුන භීෂණයත් එක්ක රටේ උගත් බුද්ධිමත් තරුණියන් විශාල වශයෙන් ඝාතනය වුණා. ඒ කාලේ රාජ්‍ය සේවයට එන්න සැලකිලි යුතු පිරිසක් හිටපු නැ’ති නිසා වැටුප් වැඩිකරලා අඩු සුදුසුකම් සහිත පුද්ගලයන් පවා රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගත්තා. ඒ කාලේ දීප ව්‍යාප්ත සේවයේ නිලධාරීන් හැරුනාම රාජ්‍ය සේවයේ හිටපු ඊළඟට වැඩිම සුදුසුකම් සහිත පිරිස ගුරුවරු වූ නිසා ගුරුවරුන්ගේ වැටුපත් දීප ව්‍යාප්ත සේවයේ වැටුපට සමාන වුණා. නමුත් පසුකාලීනව රාජ්‍ය සේවයට ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලටත් වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් තියෙන විශාල පිරිසක් වෙනත් වෙනත් තනතුරුවලට බඳවා ගත්තා. අන්න ඒ හේතුව නිසා තමයි ගුරු වැටුප දීප ව්‍යාප්ත සේවා වැටුපෙන් ඉවත් වෙන්නේ.

දැන් තියෙන්නේ 1997ට කලින් රාජ්‍ය සේවය නෙ’වෙයි. එදා රාජ්‍ය සේවයේ වෙනත් වෙනත් තනතුරු වල ගුරුවරුන්ගේ අද්‍යාපන සුදුසුකම් වලට සමාන හෝ ඊට වැඩි පුද්ගලයන් නො’සිටි නිසා ගුරුවරුන්ටත් දීප ව්‍යාප්ත සේවාවේ වැටුපට සමාන වැටුපක් ගෙව්වා කියලා අවුරුදු 24කට පස්සේ අදත් ඒ සමානතාවය නැවත ඇතිකරන්න කියලා ඉල්ලලා උද්ඝෝෂණය කිරීම ම මහ මෝඩ වැඩක්. ඔබම කල්පනා කරලා බලන්න 1997ට පෙර රාජ්‍ය සේවය සහ අද රාජ්‍ය සේවය කොතරම් වෙනස්ද කියලා.

1997ට පෙර තිබුණු සමානතාවය නම් අද නැවත ඉල්ලන්නේ අපි 1997ට පෙර රාජ්‍ය සේවය සහ අද රාජ්‍ය සේවය සංසන්දනය කරලා බලමුකෝ. 01) 1997 වර්ෂයේ රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව කොපමණද ? අද කොපමණ ද ?

02) 1997 වර්ෂයේ රාජ්‍ය සේවයේ සේවය කළ දීප ව්‍යාප්ත සේවයේ නො’වන සේවකයන්ගෙන්, කොපමණ ප්‍රමාණයකට ගුරුවරුන්ගේ අද්‍යාපන සුදුසුකම් වලට සමාන හෝ ඊට වැඩි සුදුසුකම් තිබුණද ? 2021 අද දීප ව්‍යාප්ත සේවයේ නො’වන ගුරුවරුන්ගේ අද්‍යාපන සුදුසුකම් වලට සමාන හෝ ඊට වැඩි සුදුසුකම් තියෙන කොපමණ ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ වැඩ කරනවද ?

1997 වර්ෂයට පෙර ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට සමාන හෝ ඊට වැඩි සුදුසුකම් සහිත වෙනත් පුද්ගලයන් ගුරුවරුන්ගේ වැටුපට වඩා අඩු හෝ සමාන වැටුපකට රාජ්‍ය සේවයේ වෙනත් තනතුරු වල නො’සිටි නිසා එදා දීප ව්‍යාප්ත සේවාවේ වැටුපට සමාන වැටුපක් ගුරුවරුන්ටත් ලබා දුන්නත් 2021 අද වන විට ගුරුවරුන්ගේ අද්‍යාපන සුදුසුකම් වලට සමාන හෝ ඊට වැඩි සුදුසුකම් සහිත වෙනත් තනතුරු වල සේවය කරන රාජ්‍ය සේවකයන් ලක්ෂ තුනක් පමණ සිටියදී එම සමානතාවය නැවත ලබා දීම සුදුසුද ?

රාජ්‍ය සේවයේ 1997 වර්ෂයට කලින් ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට සමාන හෝ ඊට වැඩි සුදුසුකම් තිබුණු අය හිටියේ දීප ව්‍යාප්ත සේවයේ විතරයි. නමුත් කාලයත් එක්ක ටිකෙන් ටික රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවයට අයත් නො’වන අලුත් තනතුරු ඇති වුණා. ඒ තනතුරු වලට ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට සමාන හෝ වැඩි සුදුසුකම් තියෙන විශාල පිරිසක් ඇතුළු වුණා.

දැන් රාජ්‍ය සේවය ගත්තොත් 1997ට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තියෙන්නේ. දීප ව්‍යාප්ත සේවයට අයත් නො’වන ගුරුවරුන්ගේ අද්‍යාපන සුදුසුකම් වලට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් තියෙන විශාල පිරිසක් රාජ්‍ය සේවය වෙනත් තනතුරුවල ගුරුවරුන්ගේ වැටුප හා සමාන වැටුපක ඉන්නවා. උදාහරණයක් විදියට කියනවා නම් සංවර්ධන නිලධාරී සේවය.
1997ට කලින් ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් රාජ්‍ය සේවය තුළ ඉහළ අධ්‍යාපන සුදුසුකමක් වුණත් අද වෙනකොට ගුරුවරුන්ගේ අද්‍යාපන සුදුසුකම් වලටත් වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් සහිත විශාල පිරිසක් රාජ්‍ය සේවයේ වෙනත් තනතුරු වලට බැඳිලා තියෙනවා. මේක නිසා තමයි එදා ගුරුවරුන්ට නියමිත අධ්‍යාපන සුදුසුකම් නැ’තුව දීපු දීප ව්‍යාප්ත සේවා වැටුප නැවත අද දෙන්න බැ’රි.

1997ට කලින් තිබුණු සමානතාවය නැවත ඉල්ලීම පිස්සුවක් විතරයි. එහෙම කරනවා නම් රාජ්‍ය සේවය නැවතත් 1997ට පෙර තිබුණු තත්ත්වයට පත් කරන්න වෙනවා. ඒ කියන්නේ ගුරු වරුන්ගේ අද්‍යාපන සුදුසුකම් වලට සමාන හෝ ඊට වැඩි ගුරුවරුන්ගේ වැටුපට සමාන වැටුපක් ලබන සියලුම රාජ්‍ය නිලධාරීන් සේවයෙන් ඉවත් කරන්න වෙනවා.

පසුගිය රජය වැටුප් විෂමතාවයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ රනුග්ගේ කමිටුව වත් ගුරු වැටුප් විෂමතාවයක් පිළිබඳ නිර්දේශ ලබා දීලා නැ’ත්තේ මේ හේතුව නිසා. අවුරුදු ව්සි හතරකට කලින් එයාලගේ වැටුප පරිපාලන සේවයේ වැටුපට සමාන වුණා කියලා අවුරුදු විසි හතරකට පස්සේ අදත් එහෙම වෙන්න අවශ්‍ය නෑ. මොකද එදා රාජ්‍ය සේවයේ නො’තිබුණු එයාලගේ අධ්‍යාපන සුදුසුකම් වලට සමාන සුදුසුකම් තියෙන තවත් තනතුරු විශාල ප්‍රමාණයක් දැන් ඇතිවෙලා තියෙනවා.

අවුරුදු විසි හතරකට කලින් පරිපාලන සේවයේ වැටුපට එයාලගේ වැටුපට සමාන වෙලා තිබුණා කියලා එයාලා ඒ වැටුප ඉල්ලනවා නම්, අද වෙද්දි එයාලගේ වැටුපයි සංවර්ධන නිලධාරින්ගේ වැටුපයි එක සමානව තියෙද්දි එයාලගේ වැටුප විතරක් වැඩි කරොත් එයාලා කියන්නෙත් ඔය කතාවම තමයි.

එතකොට සංවර්ධන නිලධාරීන් කියාවි ගිය මාසෙ වෙනකං අපේ වැටුපයි ගුරු වැටුපයි එක සමානව තිබුණේ. දැන් ගුරුවරුන්ට විතරක් වැටුප් වැඩි කරලා වැටුප් විෂමතාවයක් ඇති කරලා අපටත් අපට හිමි වැටුප දියව් කියයි. එතකොට සැපද ? ගුරු වැටුප් මේ ඉල්ලන ප්‍රමාණයෙන් වැඩි කලොත් ඊළඟට උද්ඝෝෂණය කරන්නේ සංවර්ධන නිලධාරීන්. වැඩේ කියන්නේ එදාට ඒ උද්ඝෝෂණය මෙහෙයවන්නෙත් මේ උද්ඝෝෂණය මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණ ම තමයි.

එයාලට වැටුප් වැඩි කරොත් ඊළඟට උද්ඝෝෂණය කරන්නේ රාජ්‍ය කළමනාකරණ සහකාරවරු. එදාට ඒ උද්ඝෝෂණය මෙහෙයවන්නෙත් මේ ජනතා විමුක්ති පෙරමුණ ම තමයි.
මේවා තේරෙන්නේ නැ’තුව ඒක වෘත්තියක් දිහා විතරක් බලන අයට නම් තේරුම් කරන්න අමාරුයි. පඩි වැඩි කරනවා කියන්නේ අනිත් පැත්තෙන් මහජනතාව මත පටවන බදු වැඩි කරනවා කියන එකම තමයි.

දැනටමත් මිලියන 22ක් වූ ජනතාව ගෙවන බදු මුදලින් 86%ක්ම මිලියන 1.5 ක් වූ මේ රාජ්‍ය සේවකයෝ ටික උලා කනවා. ණය ගෙවන්නේ නෑ කියලා හිතුවත් රාජ්‍ය ආදායමෙන් සංවර්ධන ව්‍යාප්තියක් කරන්න ඉතිරි වෙන්නේ වෙන්නේ 14%යි. ලක්ෂ 15ක් වූ මේ අතිරික්ත රාජ්‍ය සේවකයෝ නඩත්තු කරන්න මේසා විශාල මුදලක් වැය කරන නිසා තමයි රටේ හැම සංවර්ධන ව්‍යාප්තියක් ම කරන්න ණය ගන්න වෙලා තියෙන්නේ. මේ රාජ්‍ය සේවයේ පිං පඩි කාරයොන්ට වයසට යනකොට විශ්‍රාම වැටුපකුත් ගෙවනවා. එතකොට පෞද්ගලික අංශයේ වැඩ කරන මිනිස්සු වැඩකරලා නෙ’මෙයිද වයසට යන්නේ?

මිලියන 22ක් ජීවත්වෙන රටේ රාජ්‍ය සේවකයෝ ඉන්නේ මිලියන 1.5යි. රාජ්‍ය සේවකයෝ මිලියන 1.5 විතරද වයසට යන්නේ ? පුද්ගලික අංශයේ මිනිස්සු 8.30-5.30 වශයෙන් සතියට දින 06ක් බැගින් වැඩ කරනවා. රාජ්‍ය සේවකයෝ 8.30-4.15 බැගින් සතියට 05යි වැඩ කරන්නේ. රාජ්‍ය සේවකයෙක් ට රජයේ අනුමත නිවාඩු වලට අමතරව අවුරුද්දකට නිවාඩු 45 ක් තියෙනවා. පුද්ගලික අංශයේ සේවකයන්ට රජයේ අනුමත නිවාඩු ටිකවත් හරියට ලැබෙන්නේ නෑ.

මෙච්චර පහසුකම් ලැබිලාත් මේ කාලකන්නි රාජ්‍ය සේවකයෝ ටික හැමදාම කරන්නෙ උද්ඝෝෂණ විතරයි. ආණ්ඩුව මේ කාටවත් බලෙන් රැකියා දුන්නේ නැ’හැ. වෙන රැකියාවක් කරන්න එපා කියලා ආණ්ඩුව කිව්වෙත් නෑ. අයදුම්පත් කැඳවන කොට ගෙවන පඩිය ගැන සඳහන් කරලා තමයි අයදුම්පත් කැඳවූයේ. පත්වීම් ලිපිය දෙනකොට වර්තමාන වැටුප සහ වාර්ෂික වැටුප් වර්ධකය පිළිබඳවත් සඳහන් කරලා තමයි පත්වීම් ලිපිය දුන්නේ. ගෙවන වැටුපට වැඩ කරන්න බැ’රිනම් උද්ඝෝෂණ කර කර ඉන්නේ නැ’තුව කරුණාකරලා රැකියාවෙන් ඉල්ලා අස්වෙන්න. ඔබ වැටුප් ලබන්නේ අපේ බදු මුදලින්. අපි ඔබට වැටුප් ගෙවන්නේ වැඩ කිරීමට මිස උද්ඝෝෂණ කර කර පිං පඩි ගන්න නෙ’මෙයි.

ගුරු වෘත්තීය සදහා එක්කෙනෙක් එලියට යනකොට තවත් ඇතුලට විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. ගෙවන වැටුපට වැඩ කරන්න බැ’රි අය ඉන්නවානම් කරුණාකර ඉල්ලා අස්වෙන්න.
ඔබට පුළුවන් වැඩි පඩි ලැබෙන මේසන් වැඩ කරන්න කොත්තු බාස් ගේ වැඩේ කරන්න අත්උදව් වැඩ කරන්න. කරුණාකරලා ගුරු රැකියාවෙන් ඉල්ලා අස්වෙලා ඔබ එවැනි රැකියාවක් සොයා ගන්න
දනුශ්ක සම්පත්

මුළු ලොවම භයානක වසංගතයකට මුහුණ දී ඇත. එමෙන්ම අපගේ රටත් තීරණාත්මක සංධිස්ථානයකට ප්‍රවිෂ්ඨ වී සීටී. දිනකට වාර්තාවන ම’රණ සංඛ්‍යාව 50 ඉක්මවයි. මේ මියයන්නේ බෙිරාගැනීමට හැකිව තිබියදීත් එය කිරීමට ඉඩ නො’දී හුදෙක්ම මුදල් ඉල්ලා කරන මෙලේචිඦ සටනක් නිසා ඇතිවන විකෘතියකි. එයත් වසර 24 පැරණි පිළුනු වුන විසදිය නො’හැකි විෂමතාවක් නිසාය. රජය ප්‍රතිපත්තිමය වශයෙන් ගුරැ වැටුප් සාධාරණව වැඩිවිය යුතුය යන මතයට පක්ෂව අදහස් දක්වා තිබුනි.එහෙත් එය බංකොලොත් දේශපාලුවන් ඉල්ලන සයිලොක් න්‍යායට අනුව නමි නො’වෙි..ගුරැවරැන් යනු සමාජය පිලිගත් ගෞරවනීය පිරිසක් බැවින් ඔවුන් සතුටින් තිබිය යුතු නිසාය.

සයිලොක් න්‍යායය එනමි සූබෝධිනී කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමක් කල නො’හැක. එම නිර්දේශ. ඒ එය රජයේ වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමින් පමනක් නො’ව මහා භාණ්ඩාගාරයෙන්ද මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බැවිනි. මෙවන් දරැණු ව්‍යසනයක් ඇතිව තිබියදී. 27% සිට එක්වරම 80% දක්වා වන දැවැන්ත වැටුප් වර්ධකයක් ඉල්ලීමත් අමු විහිළුවකි. කිසිසේත්ම නො’කෙරෙන වෙදකමකි. එසේම වාර්ෂිකව රැපියල් කෝටි 6870 ක් වෙන්කිරීමට ⁣ධනවත් රටකටවත් කල නො’හැක්කක්. එපමනක් නො’ව ඇතිවන විෂමතාව වැලකීමට සමාන්තර රජයේ සේවාවන්වලටත් රැපියල් කෝටි 1000 කට ආසන්න මුදලක් වෙන්කල යුතුවෙි.

මෙිවා කිසිසේත්ම නො’කෙරෙන දෙවල්ය. රජය නම්‍යශීලියි. දැනට රැපියල් 2500 ක වැටුප් වර්ධකයක් සමග අදියර තුනකින් වසර හතරක් ඇතුලත මෙම වසර 24 ක් පැරණි වැටුප් විෂමතාව සමනයකර දීමට සූදානමි. එය පිලිගන්නේ නැ’තිනමි. තවදුරටත්. ආදරණීය සිසුදරැවන් මෙන්ම ආදරණීය වැඩිහිටියන්ද වසංගතයට ගොදුරැ කිරීමෙි මහා පාපයට කර ගැසීමට ගුරැවරැන්ට හැකිවනු ඇත.බුද්ධිමත් ගුරැ ප්‍රජාවට සිහිනුවනින් කටයුතු කිරීමට කාලයයි මෙි.. මහාචාර්යය කපිල පෙරේරා පලකල අදහස් ඇසුරෙන් සැකසුනි..
පරාක්‍රම බස්නායක.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්