Aug
16

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත්කෙරේ

 
2090 Views
   
 

මෙතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් එම වගකීම ඉවත් කර තිබෙනවා.

ඒ අනුව, නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අද දින සිට කටයුතු කරනු ලබන්නේ පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව යි.

මේ වන විට පොලිස් අ ප රා ධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, 2011 වසරේ සිට මේ දක්වා කාලය තුළ අවස්ථා පහකදී වරින් වර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් කළ විමසීමකදී, ඔහු කියා සිටියේ පොලිස් අ ප රා ධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ වශයෙන් තමන් කාර්යබහුල වීම හේතුවෙන් දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමට එකඟතාව පළ කළ බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්