Dec
7

කෝටි 70 ක් වටින රජයට අයිති හන්තානවත්ත ඇමති හිතවතෙකුට අත යටින් දීලා

 
1893 Views
   
 

රුපියල් හැත්තෑ කෝටියකට (7,00,000,000) අධික වෙළෙඳ වටිනාකමක් ඇති පර්චස් 2,335 (අක්කර 14 රූඩ් 1 පර්චස් 21) ‘හන්තානවත්ත’ නමැති ඉඩම කිසිදු හිමිකමක් නැත්තෙකුට (ව්යාජ ඔප්පුවක් ඉදිරිපත් කළ අයෙකුට) වංචනිකව පැවරීමට ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2021.11.12 දින පැවති හත්සිය හැටතුන් වන (763) අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

සිද්ධිය මෙසේ ය.

මහනුවර, හීරැස්සගල පිහිටි හන්තානවත්ත නමැති යථෝක්ත ඉඩම් හන්තාන ඉන්වෙස්ට්මන්ට් නමැති සමාගමෙන් 1972 ඉඩම් පනත යටතේ රජයට අත්වීමෙන් අනතුරුව ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවට පැවරුණකි.

අනතුරුව එකී ඉඩමෙන් රජයෙන් නීත්යනුකූලව 2009දී ලද පර්චස් අසූවක (80) කොටසේ අමරපුර මහ නිකායේ අනුනායක ධුරන්ධර යටිරාවණ සීලානන්ද නායක ස්වාමීන් වහන්සේ (077-7553166) ‘ජාත්යන්තර බෞද්ධ පුස්තකාලය’ නමැති විහාරස්ථානය ඉදි කර ශාසනික සහ සමාජ මෙහෙවර පවත්වාගෙන ගොස් තිබේ.

එහෙත් උන්වහන්සේ විහාරස්ථානයේ වැඩ නොසිටි දිනෙක රාත්රියක කිසියම් මැර කණ්ඩායමක් විහාරස්ථානය බිඳ ගොඩනැගිල්ල බිමට සමතලා කර එහිදී කුඩුපට්ටම් කළ පිළිම වහන්සේලා ද වාහනයකට පටවා ගෙන ගොස් තිබේ.

(අවට පදිංචිකරුවන් පැවැසුවේ බුද්ධ ප්රතිමාවේ ගෙලට කඹයක් බැඳ කන්ද පහළට ඇදගෙන පැමිණි බවයි.) ඒ අතරතුරේ ‘සෑම් ප්රභාත් රොඩ්රිගු’ නමැත්තකු තමාට සමස්ත ඉඩමම අයිති බවට හිමිකම් ප්රකාශ කරමින් ඒ සඳහා කටයුතු කිරීමට ‘රත්නසිරි’ නමැත්තකුට ‘ඇටෝනි’ බලය ද පවරා තිබේ.

සිද්ධියෙන් වින්දිතභාවයට පත් නාහිමියෝ තමන්වහන්සේට සාධාරණය ඉටුකර දෙන ලෙසට ඉල්ලා ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර මහනුවර දිසා අධිකරණයේද අංක DSP/26/18 දරන පැමිණිල්ලක් ගොනුකර ඇත.

උන්වහන්සේගේ පැමිණිල්ල අනුව සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කිරීමට රාජ්ය සේවා කොමිෂන් සභාවේ ද නිර්දේශය මත විමර්ශන නිලධාරියෙකු පත් කරනු ලැබ ඇත. ‘සුපිළිපන්න’ සම්මානයද දිනූ කෘතහස්ත නීතිඥවරයෙකු වන බී.ඒ.ඩබ්ලිව්. අබේවර්ධන මහතා විසින් කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මියගිය නොතාරිස්වරයෙකුගේ සහ මියගිය මානකවරයෙකුගේ (SURVEYOR) නිලමුද්රා භාවිත කර ව්යාජ ඔප්පු සහ පිඹුරුපත් සකසා හිමිකම් පෙන්වා ඇති බවයි.

ඉඩම් අමාත්යංශයේ බලඅධිකාරියේ අයෙකු දේශපාලන බලපෑම මත යථෝක්ත ඉඩම ව්යාජ ඔප්පු ඉදිරිපත් කළ තැනැත්තාට ම ලබාගත හැකිවන අන්දමට 2021.11.12 දින පැවැති අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව කොමිෂන් සභා ආරංචිවලින් පැවසේ.

1972 ඉඩම් පනත යටතේ මෙය රජයට පැවරුණු බව පැහැදිලිවම දැක්වෙන ලිඛිත සාධක තිබියදීත් ප්රස්තුත ඉඩම ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් එකක් නොවන බවට අධ්යක්ෂ මණ්ඩලය ‘බරපතළ අසත්ය තීන්දුවක්’ ගෙන ඇති බව නීතිඥ මතය යි. ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ, ජාතික ක්රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඊ.ඒ. රත්නසීල, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, වැවිලි කර්මාන්ත අමාත්යාංශයේ ජේයෂ්ඨ සහකාර ලේකම් කේ.එස්. විජයකීර්ති සහ ගොවිජන සංවර්ධන අධ්යක්ෂ ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න යන අධ්යක්ෂ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමේදී එකී තීන්දුව ගෙන ඇත.

තීරණයට අස්සන් කර ඇත්තේ ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ, ජාතික ක්රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඊ.ඒ. රත්නසීල, ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ, විධායක අධ්යක්ෂ නීතිඥ පද්මික මහානාම තිලකරත්න සහ කොමිෂන් සභා සාමාජික ආර්.එම්.යූ.කේ. විජේරත්න යන මහත්වරුන් පමණක් බව ද සෙසු අධ්යක්ෂවරුන් අස්සන් කිරීම ප්රතික්ෂේප කර ඇති බව ද දැනගන්නට ඇත.

මේ වංචනික ක්රියාවට එරෙහිව නඩු පැවරීමට විමර්ශන නිලධාරි නීතිඥ බී.ඒ.ඩබ්ලිව්. අබේවර්ධන මහතා කටයුතු කරන බව ද දැනගන්නට තිබේ. මේ පිළිබඳව විමසීමට ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් තොරතුරු විමසීමේදී ඔහු කීවේ ඉඩම කොමසාරිස් ජනරාල් කාර්යාලයේ කමිටුවක් මඟින් මේ ඉඩමට අදාළ තීන්දුව ගත් බැවින් ඉඩම් කොමසාරිස් ජනරාල්ගෙන් තොරතුරු දැනගන්නා ලෙස ය.

මෙම සිද්ධිය පිළිබඳව ඉඩම්, කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඔහු පැවසුවේ එවැනි සිද්ධියක් පිළිබඳව මේ වනතුරු තමාට වාර්තා වී නොමැති බවයි.

එසේ වුව ද එවැනි සිද්ධියක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා අවශ්ය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. ව්යාජ ඔප්පුවක් ඉදිරිපත් කළ අයකුට කෝටි ගණනක් වටිනා ඉඩමක් මෙසේ පැවැරීම ගැන ඉඩම් අමාත්යංශයේ ලේකම්වරයාට ඊයේ (දෙසැ. 6) නීතිඥයෙකු විසින් පැමිණිල්ලක් ද කළ බව වාර්තා වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්