Feb
1

දිනෙන් දින කල එළි බහින සංචාරක ක්ෂේත්‍රය

 
1659 Views
   
 

ගෝලීය වසංගත තත්ත්වය යටතේ වැඩිම බලපෑමකට ලක්වූ ක්ෂේත්ර අතර සංචාරක ව්යාපාරය ද ඉහළින්ම තිබේ. 2020 වසරේදී මුළුමනින්ම බිදවැටුණු මෙම ක්ෂේත්ර 2021 වසරේදී විශාල වශයෙන්ද බිඳ වැටිණි. ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංචාරකයන් අතර ප්රකට ශ්රී ලංකාවට ද එම බලපෑම් විශාල වශයෙන් බලපාන්නට විය.

2020 වසරේදී මාස 9ක් පමණ එක් සංචාරකයෙක් හෝ රටට නොපැමිණියේ වසංගත තත්ත්වය යටතේ රට ලොක්ඩවුන් කිරීමට ද සංචරණ සීමා පැනවීමට ද සිදුව තිබූ පසුබිමකය. වසංගතය පැමිණ දෙවසරකට පසුව, 2022 වසර උදාවත් සමඟ සංචාරක ව්යාපාරය පිළිබඳ යළි අපේක්ෂා දල්වා ගැනීමට ශ්රී ලංකාවට හැකි වී ඇති බව පෙනෙන්නට තිබේ. සංචාරක ව්යාපාරය ඍජු හා වක්ර ආදායම් මාර්ගයක් කරගත් මෙරට මිලියන 3කට ආසන්න ජනතාවකට ද රටේ ආර්ථිකයට ද එය සුබ ද පණිවිඩයක් වනු ඇත.

වසංගතය හේතුවෙන් කොළඹ නගරයේ ද සංචාරකයන් අතර ජනප්රිය සෙසු නගර සහ ස්ථානවල ද එක් සංචාරකයෙක් හෝ දැක ගැනීමට නොමැති ස්වභාවයක් වසරකට ආසන්න කාලයක් තිබිණි. මේ වන විට කොළඹ නගරයේ පවුල් පිටින් පැමිණ සිටින සංචාරකයන් දැක ගත හැකිය. පසුගිය දින කිහිපය තුල පමණක් සංචාරකයන් 51583ක් ශ්රී ලංකාවට පැමිණි ඇත. මේ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්යාව 9000ට ආසන්නය, යුක්රේනයෙන් ආ සංඛ්යාව 5000 ඉක්මවා ඇත.

ඉන්දියානුවන් සංඛ්යාව 8000 ක් පමණ වන අතර, බ්රිතාන්ය සහ යුරෝපා රටවලින් ද 9000 ඉක්ම වූ පිරිසක් මෙහි පැමිණ ඇත. මින් පිළිබිඹු වන වැදගත්ම කාරණය නම් තවමත් වසංගත තත්ත්වය පහව ගොස් නැති පසුබිමක වුවද ශ්රී ලංකාව සංචාරය සඳහා සුදුසු මෙන්ම ආරක්ෂිත රටක් ලෙස සංචාරකයන් අතර විශ්වාසය තහවුරු වී තිබීමය. සංචාරක ව්යාපාරයට සම්බන්ධ වෙබ් අඩවී, මත විමසුම් ආදියෙන් ද ඒ බැව් සනාථ කෙරෙන අතර. ආසියාවේ සංචාරය සඳහා ආරක්ෂිතම රටක් ලෙස ශ්රී ලංකාව යළිත් සංචාරක කර්මාන්තයේ ඉදිරියට පැමිණෙමින් සිටී.

ශ්රී ලංකාව මේ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා ගත යුතු ක්රියාමාර්ග මෙන්ම මෙලෙස පැමිණෙන සංචාරකයන්ගේ සුව පහසුව, තෘප්තිමත් බව, ආරක්ෂාව ආදී කාරණා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ තවදුරටත් ගත යුතු ක්රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කල යුතුය. ලොව ආකර්ෂණීය සංචාරක ගමනාන්ත අතර ශ්රී ලංකාව ද ඇත්තේ මෙරට මනරම් සොබා සුන්දරත්වය, දේශගුණය, සංස්කෘතිය හා උරුමය, සංග්රහශීලී බව හා ආගන්තුක සත්කාරයට ඇති ළැදියාව ආදී කාරණා හේතුවෙනි. සංචාරක ව්යාපාරය හා සම්බන්ධ වගකිව යුතු රාජ්ය ආයතන වලින් තොරතුරු හා සේවා ලබාගැනීමට ඇති පහසුකම් ද මීට වඩා පුළුල් හා කාර්යක්ෂම විය යුතුව පවතී.

එහිදී දැනටමත් සතුටු දායක ක්රියාමාර්ග ගෙන තිබේ නම්, එම වැඩපිළිවෙළ එලෙසින්ම ක්රියාත්මක වන්නේදැයි පසුවිපරම් කිරීමද බලධාරීන් කළ යුතුය. මෙම ක්ෂේත්රයේ අදාළ ආයතන අත්කරගෙන ඇති සාර්ථකත්වය ඉදිරියට ගෙනයාම මිසක එය කඩාවැටීමට ඉඩ නොතැබීම විය යුතුය. ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වසංගත අභියෝගයට මුහුණ දෙමින් ගෙන ඇති සාධනීය ක්රියාමාර්ග අගය කොට සැලකිය යුතුය. මෙය සාමූහිකව නැඟී සිටිය යුතු අවස්ථාවකි.

සංචාරකයන් සඳහා තැඹිලි ගෙඩියක් අලෙවි කරන වෙළෙන්දාගේ පටන් සංචාරක ක්ෂේත්රයේ ඉහළම ප්රගතිය දක්වා එම සාමූහික හැඟීම, සාමූහිකව ක්රියාකිරීමේ හැකියාව ප්රගුණ කරන තරමට අපේ සංචාරක ව්යාපාරයේ හෙට දවස පැහැබරය. මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණයක් නම්, සංචාරක ව්යාපාරයේ ප්රතිලාභ එම ව්යාපාරයේ බිම් මට්ටම දක්වාම සාධාරණ ලෙස බෙදී යන බවට වගබලා ගත යුතුය. දේශීය නිෂ්පාදන හා කර්මාන්තකරුවන් දිරිගැන්වීම හා එම නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳ පොළක් ඇති කිරීමට ද මේ අවස්ථාව යොදාගත යුතුය.

මෙවර අය වැයෙන් යෝජනා කළ කර්මාන්ත ගම්මාන වැඩපිළිවෙළ ඉතා සුදුසුය. මැටි භාණ්ඩ, ආභරණ, පන්පැදුරු හා ආශ්රිත නිෂ්පාදන, බීරළු, ලාක්ෂා ආදී කර්මාන්ත ගම් වශයෙන්ම සංචාරකයන් අතර ප්රවර්ධනය කළ හැකිය. සංචාරකයන් එවැනි ගම් කරාම ගෙනයාමේ වැඩපිළි වෙළ දියත් විය යුතුය. එය ග්රාමීය ආර්ථිකය ඔසොවා තැබීමට ද විශාල දායකත්වයක් සපයනු ඇත

මෙන්න බලන්න තවත් ගොසිප්