Feb
21

” මගේ දරුවා තනිකරල මම කිසියම් චරිතයකට සාධාරණයක් කළොත් ඒ සතුට මට මනසින් විඳින්න බැහැ” ජනප්‍රිය නිළි හිමාලි සිරිවර්ධන

 
817 Views
   
 

මෙරට කලා කෙත පෝෂණය කරන ජනප්‍රිය චරිතයක් තමයි හිමාලි සිරිවර්ධන කියල කියන්නේ. නිරූපිකාවක, මෝස්තර ශිල්පිනියක් ලෙස කලාවට පිවිසි ඇය මේවෙනකොට දක්ෂ රංගන ශිල්පිනියක ලෙසින් මෙන්ම නර්තන ශිල්පිනියක ලෙසද කටයුතු කරනවා. කොහොම නමුත් විවිධ ක්ෂේත්‍රයන් තුළින් සිය දක්ෂතාවය පෙන්නුම් කළ හිමාලිව අපට කලක් නිරන්තරයෙන් පුංචි තිරයේ දැනගන්නට ලැබුණු බව නොරහසක්. කෙසේවෙතත් වර්තමානයේදීනම් අපට ඇයව වැඩිය පුංචි තිරය තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරන්නේ මේ ජනප්‍රිය චරිතය සමගිනුයි

හිමාලි කියන්නේ කාලයක් අපට ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබුණු චරිතයක්. නමුත් වර්තමානයේ ඇයි ඔබ නිහඩ චරිතයක් වෙලා ඉන්නේ ?

අද සමාජේ ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕක. මම මාක්ස් එක දාගෙන පාරේ ගියත් සමහරු මාව අඳුරන ලඟට ඇවිත් කතා කරලා අහනවා ඇයි දැන් ඔයාව දකින්න නැත්තේ කියලා. මම කලාවෙන් සමු අරගෙන නැහැ. මම හැංගිලා ජීවත් වෙන්නෙත් නැහැ. පුතා ලැබුණට පස්සෙ මම කලාවෙන් ටිකක් ඈත් වුණා. අවුරුදු තුනක් විතර ම මම කාලය ගත කළේ එයා වෙනුවෙන් විතරයි

මොකද අම්මා කෙනෙකගේ ආදරේ සෙනෙහස රැකවරණය මට එයාට උපරිමයෙන් දෙන්න ඕන වුණා. ඒ නිසාම මම ටෙලිනාට්‍ය ආරාධනා භාරගත්තේ නැහැ. හැබැයි මම දැන් ආයෙත් රංගනයට ඇවිල්ලා ඉන්නවා. සමහර ටෙලි නාට්‍යවල රූගත කිරීම් පවා අවසන් වෙලා ඉවරයි. එකිනෙකට වෙනස් චරිත තමයි මට මේ වෙද්දි ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. ඉදිරියේදී නැවතත් මාව ප්‍රේක්ෂකයින්ට බලාගන්න පුළුවන්

ඇත්තටම හිමාලි කියල කියන්නේ චරිත තෝරා ගැනීමේදී යම් සිමා පනවා ගන්න කෙනෙක්ද ?

මම කවදත් චරිත තෝරා ගැනීමේදී සීමා ඇතුලේ හිටපු කෙනෙක්. මම ගොඩක් සැලකිලිමත් වෙන්නේ මගේ චරිතය මොකක්ද ඒ චරිතයෙන් සමාජයට වෙන දේ මොකක්ද ආදී කරුණු ගැන. මම සමහර චරිත රිජෙට් කරද්දි මගේ පුතා ගැන ද හිතෙනවා. මොකද දැන් මම අම්මා කෙනෙක්. දින ගණන් මට රූගත කිරීම් වලට ගෙදරින් පිට වෙලා ඉන්න බැහැ. මගේ දරුවා තනිකරල මම කිසියම් චරිතයකට සාධාරණයක් කළොත් ඒ සතුට මට මනසින් විඳින්න බැහැ. ඒ නිසා මම සමහර දේවල් ගැන හිතලා තමයි චරිත තෝරගන්නේ. කොහොම වුණත් මගේ ජීවිතය මුල් තැන හිමි වෙන්නේ මගේ පවුලට

කොහොම නමුත් ඔබ කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙසින් මෙන්ම නර්තන ශිල්පිනියක ලෙසත් කටයුතු කරන කෙනෙක්. ඉතින් ඔබ නර්තන කටයුතු අවසන් කළා ද ?

ගොඩක් අය අහනවා මම නර්තනයට තිත තියලද කියලා. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා. මම වැඩ බදාගෙන කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම දෙයක් කරන්නේ මට කරන්න පුළුවන් සීමාවේ ඉදලා. ඉදිරියේදී නර්තනයටත් සහභාගි වෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා

හිමාලිට ජීවිතයේ තියෙන බලාපොරොත්තු මොනවාද කිව්වොත් ?

ඇත්තටම මම ආසයි සිනමාවේ හොඳ චරිතයක් කරන්න. ඒක තමා මගේ ජීවිතේ ලොකුම හීනය. තව පොඩි පොඩි හීන තියෙනවා. ඒ දේවලුත් එකන් එක හැබෑ කරගන්න කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්