Aug
26

මෙරට කො රෝනා ආ සාදිතයන් වාර්තාවීම 40% කින් ඉහළ ගිහින් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකින් හෙළිවෙයි

 
715 Views
   
 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය අගෝස්තු 24 වන දින ප්‍රකාශයට පත් කරන ලද සතිපතා වසංගත රෝග විද්‍යා වාර්තාවට අනුව මෙරට කො රෝනා රෝගින් සංඛ්‍යාව 40.3% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. එම සතිය තුළ මෙරටින් ආ සා දිතයන් 35,032ක් වාර්තා වී තිබුණා. දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් ඉලක්ක කරමින් නිකුත් කර තිබූ මෙම වාර්තාවට අනුව මාලදිවයිනේද නව ආසාදිතයන් වාර්තාවීම 5.2%ක වර්ධනයක් වාර්තා කළ අතර එරටින් වාර්ථා වූ නව ආ සා දිතයන් සංඛ්‍යාව 822ක්.

නැගෙනහිර ටිමෝර්-ලෙස්තේ රාජ්‍යයෙන් නව ආ සා දිතයන් 1651 එම සතිය තුළ වාර්තා වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය එය පෙන්වා දී තිබුණේ 59.4%ක වර්ධනයක් ලෙසින්. මේ අතර එම සතිය තුළ ඉන්දියාවෙන් වැඩිම නව ආ  සාදිතයන් සංඛ්‍යාව වන 231,658 ක් වාර්තා වුවද එය සාපේක්ෂව 10.3% ක අඩුවීමක් ලෙසයි වාර්තා කර තිබුනේ. එමෙන්ම නව ආ සා දිතයන් 142,138 වාර්තා වූ තායිලන්තයේද එම අගය 5.7% කින් අඩු වූ අතර ආ සා දිතයන් 125,102 ක් වාර්තා වූ ඉන්දුනීසියාවේ එම අගය 33.6% කින් අඩු වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම වාර්තාවට අනුව කො විඩ් වෛරස ව්‍යාප්තියෙන් දැඩි ලෙස බැට කෑ ඉන්දුනීසියාව සහ ඉන්දියාව ගෙවී ගිය සතිය තුළ වෛරස ව්‍යාප්ති පාලනයේ කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. එම සතිය තුළ ඉන්දුනීසියාවෙන් කලාපයේ වැඩිම කො විඩ් මර ණ සංඛ්‍යාව වූ ම රණ 8,784 ක් වාර්තා වූවද එය 16%ක අඩුවීමක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම කො රෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඉන්දියාවෙන් එම සතිය තුලදී ම රණ 3,142ක් වාර්තා වූවද එය ද 6.6% අඩුවීමක්. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිල්ලට ගත් පසුගිය 24 වෙනිදායින් අවසන් වූ සතිය තුල ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වාර්තා වූ ම රණ සංඛ්‍යාවව 1,327 ක් වන අතර එය 34.7% ක වර්ධනයක් ලෙසටයි මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප හයෙන් සමස්තයක් ලෙස අඩුම කො රෝනා ආ සා දිතයින් වාර්තාවීම සටහන් කරනු ලබන්නේ අග්නිදිග ආසියානු කලාපය තුළයි. මෙවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ කො රෝනා ආ සා දිතයින් වාර්තා වීමේ සහ ම රණ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි අ ව ධානයක් යොමු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වාර්තාව හරහා පෙන්වා දෙන්නේ.

 

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්