Dec
23

“මගේ පෙනුම හින්ද තමයි විලන් චරිතම ලැබෙන්නේ” – ෂැගී වීරනායක

 
3075 Views
   
 

‘තුලාන් දන්දෙණිය’ බැංකු නිලධාරියෙක් ඔහු තම පෙම්වතියට දක්වන ආදරයද අවංක බවක් තිබුනත් තුලාන්ගේ යටි හිතේ සැඟවුණු රහස් තවම අපට තේරුම්ගත නොහැකිය. තුලාන් දන්දෙණිය ලෙසින් වෙස් ගත්තු ටෙලිනාට්ය තුළ සාර්ථක රංගනයක යෙදෙන ඔහු ෂැගී වීරනායකයි. ජනප්රිය රංගන ශිල්පිනී ධනංජි තාරුකාගේ ආදරණීය සැමියාද වන අතර ඔහු “වෙස් ගත්තෝ” සමග රඟන රැඟුම් ගැන ෂැගී සමඟ කතා කිරීමට අපි හිතුවා… 

ෂැගී කාලෙකට පස්සේ වෙස් ගත්තා නේද ? 

“වෙස්ගත්තෝ” ටෙලි නාට්යයේ මම තුලාන් දන්දෙණිය ලෙසට තමයි රඟපාන්න. ඒ චරිතය වෙනුවෙන් මටත් වෙස්ගත්තෝ සමග රඟපාන්න අවස්ථාවක් ලැබුණා.

ඔබ නිරූපණය කරන තුලාන් දන්දෙණිය චරිතය තවමත් ප්රේක්ෂකයන්ට හරියට දැන ගැනීමට අපහසුයි නේද ? 

ඒ වෙනස තමයි ප්රේක්ෂකයන්ට දැනගන්න ඕන. මගේ ආදරණීය ප්රේක්ෂකයන් වෙස්ගත්තෝ සමඟ දිගටම රැඳිලා හිටියොත් මොන වගේ කෙනෙක්ද කොහොම කෙනෙක්ද කියලා දැන ගන්න පුළුවන් මම කියනවට වඩා.

ඔබට කොහොමද චරිතය දැනුනේ ? 

තුලාන් මොනවගේද කියලා මම දැන් කියන්න ගියොත් ප්රේක්ෂකයන්ට ඒ කුතුහලය නැති වෙනවා.

ඊට ලැබෙන ප්රතිචාර කොයි වගේද ? 

“වෙස්ගත්තෝ” ටෙලි නාට්ය විකාශය වීමට අරගෙන තවම ලොකු කාලයක් නැති නිසා තවම හොඳ ප්රතිචාරයක් නැහැ. මම හිතනවා ඉදිරියේදී හොඳ ප්රතිචාර ලැබෙයි කියලා.

ඔබේ ආදරණීය බිරිය ජනප්රිය රංගන ශිල්පිනියක්. අයගෙන් ලැබෙන සහාය කොයි වගේද ? 

ධනංජි නිසා තමයි මම නළුවෙක් වුණේ. ඇයගෙන් මට ලොකු සහයක් ලැබෙනවා. මම රංගන ශිල්පියෙක් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ. ඉතින් දනංජි දෙන සපෝට් එක නිසාම මම අද තැනකට ඇවිල්ලා ඉන්නවා.

ධනංජිට සහ ඔබට තවම එකට රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද ? 

අලුත් චිත්රපටයක අපි දෙන්න රඟපානවා. ඉදිරියේදී විකාශනය වීමට නියමිත 21 ටෙලිනාට්යයේත් අපි රඟපානවා. හැබැයි ඉතින් අපි දෙන්නට පෙම්වතුන් විදියට තවම එකට රඟපාන්න අවස්ථාව ලැබිලා නැහැ.

ෂැගී නිර්මාණ වලට කොටු වෙලා සිටින බව අපි දකිනවා ? 

මම මේ ක්ෂේත්රයට ඇවිත් වැඩි කාලයක් නැහැ. තවම ඉතින් විලන් චරිත තමයි මම වැඩිපුරම රඟපෑවේ. එයින් මිදීමට මමත් දැන් උත්සාහ කරනවා. සමහර විට මගේ පෙනුමත් එක්ක නිසා වෙන්න ඇති එවැනි චරිත වලට මාව තෝරාගන්නේ.

දෙන්නම ෂූටින් කියලා එළියට ගියාම ලයිෆ් එක ගත කිරීමට දෙන්නට ලොකු කාලයක් නැහැ නේද ? 

ඔව්… සමහර අවස්ථාවලදී ධනංජි ෂූටිං යනකොට මම ගෙදර. මම යනකොට ධනංජි ගෙදර. සමහර අවස්ථාවල අපි දෙන්නම නිර්මාණ දෙක දෙපැත්තට යනවා. ඒ කොහොම වුණත් අපේ ආදරේ තේරුම් අරගෙන සතුටින් කාලය ගත කරනවා.

ෂැගීගේ කැදැල්ලේ තවම දරු සුරතල් දකින්න හිතලා නැද්ද ? 

අපි බැඳලා සෑහෙන කාලයක් වෙනවා. පුංචි පැටියෙක්ගෙ මූණ දකින්න අපි දෙන්නා ආශාවෙන් බලාගෙන ඉන්නවා. බලමු ඉදිරියේදී ඒ සියල්ලම ඉටු වේවි.

2022 වසරේ ඉටුකර ගැනීමට බලාපොරොත්තු ඇති නේද ? 

මගේ නම් තියෙන එකම බලාපොරොත්තුව මේ කොරෝනා උවදුර මුළු ලෝකෙන්ම දුරුවෙලා මේ රට හොඳ තැනකට එනවා නම් වටිනවා. මොකද මොන බලාපොරොත්තු තිබුණත් වැඩක් නැහැ රටේ මේවගේ ප්රශ්න තියෙනකොට. නීරෝගීමත් රටක් වුනොත් තමයි අපිටත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් උදා වෙන්නේ.

 

– වසන්ත විතාරණ –

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්