Jun
16

රට අගුලු දාලද නැද්ද කියලා සැකයක් තියෙනවා, ඒ තරම්ම ප්‍රජාව සමාජයේ දකිනවා

 
1248 Views
   
 

රට අගුල් දැමීමට අවශ්‍ය කැප කිරීම නිසි පරිදි සිදු කරන්නේ නැතිනම් සංචරණ සීමා අවශ්‍ය වන කාලය තවත් දීර්ඝ විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය තුළ භයානක තත්ත්වය පහව ගියා සේ සැලකිය නොහැකි බවයි.

“භ’යානක තත්ත්වය පහව ගියා කියන එක අපිට කොහෙත්ම තාමත් කියන්න විදිහක් නෑ. අපිට දැනට කියන්න පුළුවන් වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට යම්කිසි දරන්න පුළුවන් ප්‍රමාණයකට රෝහල්වල ඇඳන් ටිකක් ආවා කියන එක පමණයි. ඒ වගේම අපි හැමෝටම සැකයක් තියෙනවා මේක අගුලු දාල ද නැද්ද කියන එක. ඒ තරම්ම ප්‍රජාව අපි සමාජයේ දකිනවා. අගුල් දැමීමට අවශ්‍ය කැප කිරීම අපි කරන්නේ නැත්නම් අපිට සංචරණ සීමා අවශ්‍ය වන කාලය තවදුරටත් දීර්ඝ වෙයි,” යනුවෙනි.

රට තුළට නව කොවිඩ් ප්‍රභේද ඇතුළුවීම වැළැ’ක්වීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගතයුතු බවද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ නව කොවිඩ් ප්‍රභේදයක් රට තුළ ව්‍යාප්ත වුවහොත් එය බරපතළ තත්ත්වයක් වියහැකි බවය.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්