Jun
13

විපක්ෂයට විපක්ෂනායකයා අවිශ්වාසයි

 
1445 Views
   
 

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට සහාය පළ කිරීමේ යෝජනාවක් කඩිමුඩියේ ගෙන ඒමෙන් පෙනී යන්නේ ඔවුන් තුළ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කිසියම් අවිශ්වාසයක් ගොඩනැඟී ඇති බව යැයි පරිසර අැමැති මහින්ද අමරවීර මහතා පවසයි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මේ කරුණු දෙස විමසිලිමත්ව බැලීමෙන් පෙනී යන්නේ විපක්ෂය දෙකට බෙදී යෑමේ තත්ත්වයක් නිර්මාණය වී තිබිමයි.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂය දෙකඩ වීමේ තත්ත්වයක් තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් කඩිමුඩියේ ගෙන ඒමෙන්ම ඒ බව පෙනෙනවා.

විපක්ෂ නායකවරයාට සහාය පළ කිරීමේ හෝ විශ්වාසය පළ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. දැන් විපක්ෂ නායකයා පත් කර අවසන්. නමුත් මේ හදිසියේ එවැනි යෝජනාවක් විපක්ෂය තුළ සම්මත කර ගැනීමෙන් පෙනී යන්නේ ඔවුන් තුළ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කිසියම් අවිශ්වාසයක් ගොඩනැඟී ඇතිබවයි.

අද විපක්ෂයේ සිටින සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඒ පක්ෂයේ සිටි අය. ඒ නිසා ඒ සියලු දෙනාම රනිල්ගේ පිරිස තමයි.

විපක්ෂ නායකකම හිමි වන්නේ විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය දිනාගත හැකි පුද්ගලයාටයි. ඒ නිසා යම් ගැටලුවක් තිබෙනවා.

විපක්ෂයේ බහුතරයක් සහයෝගය පළ කළ හොත් රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායකකම හිමි වේවි.

newday.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්