Mar
6

” මම හිතන්නේ කලාකරුවෝ විදිහට අපේ පැවැත්ම තියෙන්නේ රසිකයින් මත” ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා

 
1219 Views
   
 

සමනලී ෆොන්සේකා කියල කියන්නේ අපේ රටේ ඉන්න නිරන්තරයෙන් කා අතරත් කතාබහට ළක්වන දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක්.1981 නොවැම්බර් 23 වැනි දින උපත ලබන ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.A උපාධියක් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා තිබෙනවා. ඒ විතරක් නොවෙයි සමනලී කියල කියන්නේ ජනප්‍රිය සම්මානලාභී නිළි මාලිනී ෆොන්සේකාගේ සහෝදරයා වන ආනන්ද ෆොන්සේකා මහතාගේ දියණියයි. තවද ප්‍රවීන නිලි ශ්‍රියානි ෆොන්සේකා ඇගේ නැන්දනියයි

කොහොමහරි ඉතින් කලා පවුලක උපන් ඇය අපේ කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙසින් සැලකිය යුතු ආකාරයේ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙනවා. මේ අතර සමනලී ෆොන්සේකා කියන්නේ විවිධ චරිත ඔස්සේ ජනතාවගේ හදවත් වලට එන චරිතයක්. කොහොම නමුත් අද අපි කතා කරන්න යන්නේ මේ ජනප්‍රිය චරිතය සමගිනුයි

සමනලී කියන්නේ මේවෙනකොට අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඉතින් උපන් දිනය දවසට ඔබ මොකද කරන්නේ ?

මම පුංචි කාලේ නම් අම්මා තාත්තා එක්ක එකතු වෙලා පුළුවන් විදිහට පුංචි සැමරීමක් කලා. ඒ ගෙවුණු හැම අවුරුද්දකම උපන් දින කේක් එකක් කැපුව කියලා නම් මට මතකයි. මගේ තාත්තා ඡායාරූප ශිල්පියෙක් නිසාම ඒ හැම උපන්දින සැමරුමකම ෆොටෝ අරගෙන තියෙනවා. ඒවා ගොඩක් පරිස්සමට අදටත් මම ළඟ තියෙනවා. මේ හැමදේටම අමතරව උපන් දිනය දවසට අනිවාර්යෙන් අපේ ගෙදර කිරිබත් හදනවාමම පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ආසයි ඒවා කන්න. ඔය විදියට විශේෂ දේවල් තමා කළේ. හැබැයි දැන් නම් එහෙම විශේෂ දෙයක් නැහැ. ඒ දවසත් මට අනිත් දවස් වගේම සාමාන්‍යයි

සමනලී කියන්නේ බැලු බැල්මට දගකාර චරිතයක්. ඉතින් පාසල් යන කාලේ යාලුවෝ සමගින් ඔබ ගතකල කාලය ගැන කිව්වොත් ?

මගේ උපන් දිනය දවසට පාසල් යන කාලේ අනිවාර්යෙන් කේක් අරගෙන යනවා. හැමෝම එක්ක බෙදාගෙන කනවා. හැබැයි ටික ටික ලොකු වෙනකොට ගෙදර පුංචි පාටියක් දෙනකොට යාලුවන්ට ආරාධනා කළා. ඔය වගේ සිම්පල් දේවල් තමා කලේ

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඔබට උපන්දිනේ දවසට රසිකයින්ගෙන් ලැබෙන ආදරේ කොහොමද ?

මට රසිකයින්ගෙන් ලැබෙන ආදරය ගැන කියන්න වචන නැහැ. ඒ ආදරේ මම ගොඩක් සතුටින් බාරගන්නවා. මම හිතන්නේ කලාකරුවෝ විදිහට අපේ පැවැත්ම තියෙන්නේ රසිකයින් මත. මගේ උපන් දිනය දවසට මට රසිකයින්ගෙන් විශාල සුබපැතුම් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ලැබෙන හැම ප්‍රතිචාරයක්ම හරිම ආදරණීයයි මට ඒ ගැන තියෙන සතුට කියාගන්න බැහැ

ඔබට උපන්දිනය දවසට ගෙදර⁣ට තෑගිබෝග එහෙම ලැබෙනවද ?

දැන් කාලේ තාක්ෂණය ගොඩක් දියුණුයි. ඒ නිසා ගොඩක් සුබපැතුම් මට එකතු වෙන්නෙ සමාජ ජාලා හරහා. හැබැයි මීට වසර කිහිපයකට කලින් උපන් දිනය දවසට සුබපැතුම්පත් ලියුම් වගේ දේවල් ලැබුණා. එක උපන් දිනයකට මට මතකයි මට ලැබුණා මගේ පින්තූර එකතු කරපු පොතක්. ඒ වගේ ලැබෙන රසික ආදරය ගැන මට ගොඩක් සතුටුයි. මම ඒ හැම දෙයක්ම ගොඩක් අගය කරනවා. මේ හැමදේම මට ලොකු ආශිර්වාදයක්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්