May
30

මාරවිල වෙරළටත් නැවේ අපද්‍රව්‍ය ගොඩ ගසයි (photo)

 
1148 Views
   
 

ගිනි ගැනිමකට ලක්වු පර්ල් එක්ප්‍රස් නෞකාවේ අපද්‍රව්‍ය මාරවිල වෙරළ තිරයට ගොඩගසා තිබියදි යුධ හමුදාව විසින් නිසි ක්‍රමවේදයන් අනුව ඉවත් කිරිම අද (30) උදෑසන සිට ආරම්භ වුණා.

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ මෙහෙය විමේන් පුත්තලම 143 වන බළසේනාවේ බළසේනාධිපති සජීත් ලියනගේ මහතාගේ උපදෙස් මත ඉරණවිල යුධ හමුදා කදවුරේ ලුතිනන් කර්නල් ජනක පෙරේරා මහතා ඇතුළු නිළධාරින් අදාළ අපද්‍රව්‍ය ඉවත් කිරිම් කටයුතවල යෙදි තිබුණා.

සමුද්‍රිය ආරක්ෂණ අධිකාරියේ පරිසර නිළධාරි ප්‍රියංගා සමරසේකර මහත්මිය පවසා සිටියේ දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන එක්කර ගනිමින්  තොප්පුව කම්මල් මෝය වෙරළ තිරයේ සිට කල්පිටිය දක්වා මේ වන විට අධික්ෂණය කිරිම් අරඹා ඇති බවයි.

ඒ අනුව ගිනි ගැනිමේන් හානියට ලක්වු නැවේ අපද්‍රව්‍ය වෙරළ තිරයන්ට පලමු අදියරේදිම පැමිනි ඇති බවත් එම අපද්‍රව්‍ය අතර ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්න  අමුද්‍රව්‍ය මෙසේ වෙරළ තිරයන්ට ගොඩ ගසා ඇති බව සඳහන්.

එසේ අද දින යුධ හමුදා නිළධාරින් විසින් එකතු කිරිම් සිදුකල අපද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරියට භාර දිම සිදුකිරිමට නියමිතව බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්