Nov
19

දුම්රිය ගේට්ටු වසා තිබියදී රිංගා ගිය බස් රථය හිර වෙයි – ම ර ණ බියෙන් මගීන් කෑ ගසයි

 
4167 Views
   
 

ගාල්ලේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් බෙන්තොට දුම්රිය ගේට්ටුව වසන අවස්ථාවේදී අනාරක්ෂිත ලෙස ඊයේ 18 පස්වරුවේ බස් රථය ඇතුල්කර හිර වූ ආකාරය ඡායාරූපයෙන් දැක්වේ.

ස්වයංක්රීය ක්රියාත්මක වූ දුම්රිය ගේට්ටු දෙකෙන් එක් ගේට්ටුවක් වැසෙන්නට කලින් බස් රථය ඇතුල් කර අතර අනෙක් ගේට්ටුව වැසීමෙන් බස් රථය මෙයාකාරයෙන් හිරවී දුම්රිය අනතුර අනූනවයෙන් වැළකී තිබුණි.

මරදාන සිට බෙලියත්ත දක්වා ධාවනයවු සීඝ්රගාමි දුම්රිය බෙන්තොට ගාලුපාර හරහා ධාවනය වන ආකාරය සහ පෞද්ගලික බස් රථය වසා තිබුණ දුම්රිය ගේට්ටු සීමාවේ හිරවී නතර කර තිබෙන ආකාරය දැක්වේ.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

මෙන්න බලන්න තවත් ගොසිප්