Feb
7

” පෙම්වත් චරිත කැමරාව ඉස්සරහ කරාට කැමරාවෙන් මෙපිට එහෙම දෙයක් නෑ ” නීතිඥවරයෙක් බැන්ද උදයන්ති කුලතුංග

 
844 Views
   
 

මෙරට කලා ක්ෂේත්‍රය තුළ හැමදාමත් එක ලෙසින් ජනප්‍රියත්වය රදවාගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියල කියන්නේ. ඇත්තෙන්ම තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටු කිරීමට හැකි විශිෂ්ට රංගන හැකියාවක් උදයන්ති සතුව තිබෙනවා. කොහොම නමුත් උදයන්ති කියල කියන්නේ මීට වසර ගණනාවකට පෙරදී මෙරට කලා ක්ෂේත්‍රයට පිවිස වේදිකාව වගේම පුංචි තිරය එකලෙසින්ම ජයගන්නට සමත්වූ චරිතයක්

කොහොමහරි ඉතින් මේවෙනකොට අති විශාල ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න උදයන්තිගේ වර්තමාන ජීවිතය පිළිබඳ කියනවානම් ඇය විවාහවෙන්නේ මෙරට නීතිඥයෙක් සමගිනුයි. එලෙස විවාහවෙන ඇය මේ වෙද්දී ඉතාමත් සතුටින් ආදරණිය ජිවිතයක් ගත කරනවා. මේ අතර ඇය නීතිඥයෙකු සමගින් විවාහවීම ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි

” මම හිතන්නේ නීතිඥයෙක් රංගන ශිල්පිනියක් බදින එක හොදයි කියලා. එයාලා ගොඩක් හිතලා මහන්සිවෙලාම වැඩ කරන පිරිසක්නේ එක නිසා. එයා ගෙදර ආවම පිස්සු වැඩ කර කර කියව කියව ඉන්න එකට එයා හරි ආසයි. මට හිතෙන්නෙම එහෙම වෙද්දී ඒ දෙන්න හොදට ගැලපෙනවා කියලා ලොකු පීඩනයක් නැහැ. ගෙදර කියන්නේ හිත නිවන තැනක්නේ.” කියලයි

ඒ වගේම රගපෑමට සැමියාගෙන් තහංචියක් නැහැ කියන උදයන්ති කියන්නේ මුල් දවස් දෙකක් විතර එයාත් මාත් එක්ක ශුටින් ගියා කියලයි. ඒ මොනවගේද කියලා බලන්න වගේම කට්ටියත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා බලන්නත් එක්ක කියලයි ඇය කියන්නේ. ඔහුටත් ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනනේ කියන උදයන්ති කියන්නේ අනික පෙම් චරිත කරන කොට ඕනෑම කෙනෙකුට ඉරිසියාවක් එනවනේ කියලයි. ඒ වගේම හොයලා බලන්නත් ඕනෑ කියන ඇයනම් කියන්නේ එයා හොද අවබෝධයක් ලබාගත්තා ඒ ගැන කියලයි

එලෙස අදහස් දක්වපු ඇය කියන්නේ පෙම්වත් චරිත කැමරාව ඉස්සරහ කරාට කැමරාවෙන් මෙපිට එහෙම දෙයක් නෑ කියලයි. ඒ අවබෝධය ගන්න නම් ශුටින් බලන්න යන්නම ඕනේ කියලයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ. කොහොම නමුත් උදයන්ති මේවෙනකොට සිය ආදරණීය සැමියත් සමගින් සුන්දර ජිවිතයක් ගත කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්