May
30

මොනරාගල බන්ධනාගාරයේ රැඳවියන් 56 දෙනෙකුට කොවිඩ්

 
1155 Views
   
 

මොනරාගල බන්ධනාගාරයේ නිලධාරියෙකුට සහ රැඳවියන් පනස්හය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා ප්‍රකාශ කළා.

 

මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (29) අලුතෙන් කොවිඩ් 19 රෝගීන් 73 දෙනෙකු හමුවී තිබෙන අතර වැඩිම සංඛ්‍යාවක් හමුවී ඇත්තේ බන්ධනාගාරය තුළින්.

 

මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 2,484 දෙනෙකු හමුවී තිබෙනවා. ඉන් පුද්ගලයින් 1,635 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව සඳහන්.

මොනරාගල සුමනසිරි ගුණතිලක

මෙන්න බලන්න තවත් ගොසිප්