රටේ පවතින අ ර්බුදය විසඳීම සඳහා සාර්ථක උපාය මාර්ග සෙවීමට ආණ්ඩුව උත්සුක වෙයි. ඒ අතර පවතින අර්බුදය තුළ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට තව කණ්ඩායමක් උත්සුක වෙයි. මේ වපසරිය තුළම තව තවත් සංවිධාන හා සංගම් බිහි වෙමින් පවතින්නේ අර්බුදය දඩමීමා කරගෙනය. මෙලෙස සමාජය තුළ ක්‍රියාත්මක වන විවිධ කණ්ඩායම් හා මතවාද නිසා තවත් අර්බුදයක් නිර්මාණය වී ඇත. එය රටේ පවත්නා ප්‍රධාන අර්බුදය විසඳීමට ඇති බා ධා ව ක් ලෙස හඳුනාගත හැකිය. රට ව හ න වා ද? රට අ රි න වා ද? යන්න උත්සන්න තත්ත්වයකට තල්ලු වී ඇත්තේ ඉහත කී සමාජ පරිසරය නිසා යැයි සිතන්නට පුළුවන. එහෙත් අර්බුදයට සැබෑ විසැඳුම් සෙවීම සඳහා සමස්තය පරෙස්සමෙන් විග්‍රහ කර ගත යුතුය.
මේ වන විට මූලික ගැටලු හතරකට අපි මුහුණ දී ඇත්තෙමු. ඉන් පළමු තැන හිමි වන්නේ ඩෙල්ටා වයිරස් ප්‍රභේදයත් සමඟ ශී ඝ්‍ර ලෙස කො විඩ් ව්‍යාප්ත වීමය. දෙවන තැන ගන්නේ ආර්ථිකය පවත්වා ගැනීමය. රටේ ආර්ථික තත්ත්වය සුබ දායක නො වන බව කවුරුත් දනිති. රාජ්‍ය ආදායම දිනෙන් දින පහළ යයි. රාජ්‍ය වියදම් දිනෙන් දින ඉහළ යයි. තුන් වන තැන ගන්නේ රට වහනවා ද? රට අරිනවා ද? යන්නය. එය පළමු කී ගැටලු දෙකෙහි අතුරු ඵලය ලෙස ද ගත හැකිය. හතර වන ගැටලුව වන්නේ විවිධ දේශපාලන කණ්ඩායම් හා සංවිධාන රටේ අර්බුදය උත්සන්න වන ලෙස ක්‍රියා කිරීමය.
මෙකී පාර්ශ්වය එක අතෙකින් ජනතාව උසිගන්වන අතර තව අතෙකින් රජයේ වැඩසටහන්වලට බා ධා ඇති කරයි.
එක්තරා රූපවාහිනී නාලිකාවක් පෙරේදා සිය ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ නාගරික ජනතාව වෙතින් මත විමසීමක් සිදු කර තිබිණි. ඊට විෂය වී තිබුණේ රට වහනවාට කැමැතිද යන්නය. ඔවුන් ‘ලො ක් ඩ වු න්’ යන වචනයටවත් කැමැති නැ ත. රට වසා දැමුව හොත් කුස ගින්නේ මි ය යන්නට සිදු වෙතැ’යි තර්ක කරන නාගරිකයෝ ආණ්ඩුවකට එබඳු තීරණයක් ගැනීමට අයිතියක් නැතැ’යි තර්ක කරති. රට වසා දැමුව හොත් මිලියන ගණනකගේ ජීවන මාර්ග ඇහිරෙයි. ගියවර රට වසා දැමුව විට නාගරිකයන් ආධාර ඉල්ලා සිටියේ නැ ත. ඔවුන්ගේ ඉල්ලීම වූයේ රට විවෘත කරනු යන්නය. වෙළෙඳපොළ ආර්ථිකයත් සහිත රාජ්‍යයක වැඩි පිරිසකගේ ජීවිත රැඳී ඇත්තේ වෙළෙඳපොළ ගනුදෙනු මතය. ඒවා නැවතුණු විට ඔවුනට ජීවිතයක් නැ ත.
රටේ රාජ්‍ය සේවකයන්ගේ ගණන ලක්ෂ දහසයකට ආසන්නය. ඔවුන් වැඩ කළත්; නැ තත් මාසික වැටුප බැංකු ගිණුමට වැටේ. විශ්‍රාමිකයන්ගේ ගණන ලක්ෂ හතරකට වැඩිය. රට වසා දැමුවත් ඔවුන්ගේ මාසික වැටුප බැංකු ගිණුමට වැටේ. පෞද්ගලික අංශයේ ස්ථිර රැකියා කරන අයට ද වැටුප පිළිබඳ ගැටලුවක් නැ ත. ඒවා බැංකු ගිණුමට බැර වන බැවිනි. එහෙත් ලක්ෂ ගණනක ජනතාවක් වෙළෙඳ පොළ ආශ්‍රිත අවිධිමත් රැකියාවල යෙදී සිටිති. තව පිරිසක් ස්වයං රැකියාවල යෙදී සිටිති. රට වසා දැමුවහොත් මේ සියලු දෙනාටම හාමතේ සිටින්නට සිදු වනු ඇත. මෙබඳු විශාල පිරිසකට ආධාර දීමේ හැකියාවක් ද රජයකට නැ ත. පසුගිය වසර එකහමාරක කාලය තුළ ජනතාව අතර රුපියල් කෝටි අට දහසක් බෙදා දීමට රජයට සිදු විය. ඒ නිරෝධානයන කාලයේ ආධාර හැටියටය.
ජනතා විමුක්ති පෙරමුණ දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටින්නේ රට වහාම වසා දැමීය යුතු බවය. සමඟි ජන බලවේගය කියා සිටින්නේ ද රට වහාම වසා දැමීය යුතු බවය. රට වසා දැමීම ඔස්සේ ඇති වන ආර්ථික ප්‍රතිවිපාක ගැන කිසිදු පක්ෂයක් කතා කරන්නේ නැ ත. පිළිගත් වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වන්නේ සංචරණ සීමා දැඩි කරමින් රට විවෘතව තබා ගැනීම වඩා වැදගත් බවය. රට වසා දැමූ පමණින් කොවිඩ් ව්‍යාප්තිය නවතින්නේ නැ ති බව ද ඔවුන්ගේ මතය වෙයි. මේ සියල්ලට මුහුණ දිය යුත්තේ ආණ්ඩුවය. ආර්ථික ප්‍රතිවිපාකවලට උත්තර සපයා ගත යුත්තේ ද ආණ්ඩුවය. සහනාධාර සපයා ගත යුත්තේ ද ආණ්ඩුවය. ඒ අනුව නිවැරැදි තීන්දුව ගත යුත්තේ ද ආණ්ඩුවය.
කො විඩ් වසංගත පාලනය කිරීම සඳහා ඇත්තේ උපාය මාර්ග දෙකක් පමණි. පළමු උපාය මාර්ගය වන්නේ එන්නත්කරණය වේගවත් කිරීමය. දෙවන උපාය මාර්ගය වන්නේ සෞඛ්‍ය උපදේශන අකුරටම පිළිපැදීමය. ඒ සඳහා යම් ස්වයං විනයක් පවත්වා ගත යුතුය. අපේ ජනතාව ළඟ නැ ත්තේ විනය යැයි කිව හැකිය. සමස්ත ජනතාව සෞඛ්‍ය නීති නිසි අයුරින් අනුගමනය කරන්නේ නම්, වයිරසයට ශරීරගත වීමට ඉඩක් නැ ත. ජනතා විමුක්ති පෙරමුණ හා සමඟි ජන බලවේගය පසුගිය මාස කිහිපය තුළ වර්ජන හා විරෝධතා අටසිය ගණනක් සිදු කර ඇත. ඔවුන් විරෝධතා සංවිධාන කරන ලද්දේ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ වේගයෙන් පැතිරෙන සමයකය. රට දිගටම වහන්නැ’යි කියන අයගේ තත්ත්වය මෙයින් මැන ගත හැකිය.