Nov
12

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සහ තේ අපනයනයේ අනාගතය

 
1544 Views
   
 

තේ මණ්ඩලය යනු කුමක්ද පිළිබද කතා කිරීමේදී, එහි කාර්යභාරය මෙන්ම තේ මණ්ඩලයේ ඉතිහාසය පිළිබඳ කෙටි හැඳින්වීමක් කිරීම අත්යවශ්ය වේ. ඒ අනුව 1975 තේ මණ්ඩල පනත විසින් ශ්රී ලංකා තේ මණ්ඩලය ආරම්භ කරන ලදී. එම පනතට අනුව තේ කර්මාන්තය නියාමනය කිරීමත්, අපනයනය කිරීම හා ශ්රී ලාංකික පරිභෝජනය සඳහා පූර්ණ අධීක්ෂණයෙන් යුක්තව නිකුත් කිරීමත්, තේ කර්මාන්තය සංවර්ධනය කිරීමත්, තේ කර්මාන්ත ශාලා නවීකරණය කිරීම හා පහසුකම් සැපයීමත් යන කටයුතු තේ මණ්ඩලය විසින් සිදු කරනු ඇත.

එමෙන්ම දේශීය මෙන්ම විදේශීයව තේ ප්රවර්ධන කටයුතු වල නිරත වීම රුසියාව මැදපෙරදිග චීනය යන රටවල් තේ මණ්ඩලය ශාඛාවක් පවත්වාගෙන යෑමත් අපනයන කරුවන් සමග සම්බන්ධ වී ලොව පුරා “Ceylon Tea” නාමය ප්රවර්ධනය කිරීමේ කටයුතුවල ද නිරන්තරයෙන් සිදු කෙරේ. වසර 150කට වැඩි ඉතිහාසයක් ඇති ශ්රී ලංකා තේ කර්මාන්තය, කර්මාන්තයකටත් වඩා මේ තුලින් සංස්කෘතියක් ගොඩනැගී ඇත.

“Ceylon Tea” සන්නාමය යටතේ විශිෂ්ට ගණයේ තේ ලොව පුරා රටවල් ගණනාවකට අපනයනය කෙරේ. පසුගිය කාලය පුරාවට තේ නිෂ්පාදනය පුළුල් කර ගැනීමටත්, ඒ තුළින් අපනයන ආදායම ඉහළ නැංවීමටත් හැකි වීම තේ කර්මාන්තය ලැබූ ජයග්රහණයක් වේ. රාජ්ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ අපනයනකරුවන් ද මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙනු ලැබේ.

ගරු ජනාධිපතිතුමන්ගේ ප්රතිපත්ති ප්රකාශනයෙහි තේ කර්මාන්තය සඳහා වෙනමම කොටසක් වෙන් කොට තිබෙන අතර එහි සදහන් වූ පරිදි තේ වල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම, ජාත්යන්තර වෙළෙඳ පොළ තුළ Ceylon Tea නාමය ප්රවර්ධනය කිරීමත්, අගය එකතුකල නිෂ්පාදන ලෙස අපනයනය දිරිගැන්වීම, මෙන්ම කාබනික තේ වගාව ප්රවර්ධනය සදහා රජයේ ඉහලම අනුග්රහය ලබාදීම වැනි අත්යවශ්ය කරුණු රාශියක් එහි සදහන් වේ. කාබනික යෙදවුම් තේ කර්මාන්තය සඳහා යොදා ගැනීම වසර ගණනක පුරා පැවති පරීක්ෂණවල ප්රතිඵලයක් වන අතර, පස නිසරු වීම, පාංශු ඛාදනය, අස්වැන්න අඩු වීම ආදී කරුණු කාබනික පොහොර වැනි දීර්ඝකාලීන විසඳුමකට යෑමට හේතු විය.

ශ්රී ලංකාවේ නිෂ්පාදනය වන තේ වලින් 90% Traditional tea හෙවත් පාරම්පරික තේ නිෂ්පාදනය වේ. අනෙත් ප්රමාණය විවිධ විශේෂ තේ වර්ග වේ. 90% පාරම්පරික තේ නිෂ්පාදනය කරන රටක් ලෙස කිසිම ආකාරයකින් පාරම්පරික තේ ප්රතිඅපනයනය සිදු කිරීමට අවශ්යතාවයක් නොමැති අතර, පාරම්පරික නොවන විශේෂ තේ වර්ග සඳහා ගැනුම්කරුගේ අවශ්යතාවය මත අදාල වට්ටෝරු පිටරටින් ආනයනය කර නිෂ්පාදනය කිරීම් සිදුකරනු ලැබේ. මෙය 1981 ගැසට් නිවේදනයක් මගින් අනුමත කර ඇත්තේ ශ්රී ලංකාවේ නිෂ්පාදනය නොවන තේ ප්රති අපනයනය සඳහා පමණක් ගෙන්විය හැකි වේ.

ආනයනය කෙරෙන එවැනි තේ සඳහා රේගුව භාරයට අදාල මුදල් තැන්පත් කොට නැවත එය ප්රති අපනයනය කෙරෙන අවස්ථාව දක්වා නිරන්තර අධීක්ෂණය යෙදෙන බවත්, මෙම ක්රියාවලිය මගින් විශේෂ තේ වර්ග සඳහා අගය එකතු කිරීමක් සිදු වේ. මෙම ක්රියාවලිය අද පමණක් නොව 1981 සිට දීර්ඝ කාලීනව සිදුකරගෙන එනු ලැබේ. ලොව පුර රටවල් 150කට අදික ප්රමාණයකට Ceylon Tea නාමය යටතේ ශ්රී ලංකාව විසින් තේ අපනයනය කරනු ලැබේ. සිංහල ලාංඡනය සමග ඇති Ceylon Tea සන්නාමය ලොව ඕනෑම තැනක හඳුනාගැනීමේ පහසුව සැලසේ.

නව ප්රවර්ධන කටයුත්තක් ලෙස සිංහල ලාංඡනය සමග සිටි සන්නාමය එහි ඇති ගුණාත්මක භාවය මෙන්ම සෞඛ්ය සම්පන්න භාවය සනාථ කරමින් ප්රවර්ධන කටයුතුවලට නිරත වේ. ගුණාත්මක භාවය නිසාම ශ්රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන තේ සඳහා ඉහළ මිලක් යටතේ වෙළඳපොළට හඳුන්වාදීමට දීමට හැකියාව ඇත. තේ වගාව අවශ්ය කාබනික පොහොර ප්රමාණ මෙන්ම පසෙහි නයිට්රිජන් ඇති කරන ක්ෂුද්ර ජීවීන් වගාවන් සඳහා යොදා ගනිමින් කාබනික තේ වගාවක් ඉහළ අස්වැන්නක් ලබාගැනීමටත් Ceylon Tea සන්නාමය යටතේ ගුණාත්මක නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ඉහළ අපනයන ආදායමක් ලබාගැනීමට නිබඳවම කටයුතු කිරීම සදහා ශ්රී ලංකා තේ මණ්ඩලය නිරන්තරයෙන් කැපවෙනු දැක ගත හැකිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්