Jun
26

බැසිල්ට මන්ත්‍රී ධූරය දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරයාට ඉහල තනතුරක්

 
1894 Views
   
 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් සිය මන්ත්‍රී අසුන ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර තීරණය කර ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේ. එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 06 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවටයි වාර්තා වන්නේ. ඔහුට ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ලබාදෙනු ඇති බවට ද වාර්තා පළ වුණා. ඒ අනුව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක්ද පිහිටු වීමට නියමිතයි. අදාළ අමාත්‍යංශයට නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය ද එක්කරනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

source – neth news

මෙන්න බලන්න තවත් ගොසිප්