Mar
6

රටම ආදරය කරන ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි කාලෙකට පස්සේ කියපු කතාව

 
1922 Views
   
 

පියුම් හංසමාලි කියල කියන්නේ මෙරට නිරූපණ ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සුන්දර නිරූපණ ශිල්පිනියක්. ඇත්තෙන්ම පියුමිව මේවෙද්දී මෙරට නොහදුනන කෙනෙකු නැති තරම්. ඒ තරමට ඇය මෙරට ජනප්‍රියයි. ඒ විතරක් නොවෙයි සමාජ ජාලා මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් ලෙස අපට ඇයව හදුන්වන්න පුලුවන්. ඊට එක් හේතුවක් වනුයේ ඇය කාලයෙන් කාලයට සමාජ ජාලා මාධ්‍යට එකතු කරන ජායාරූප සහ ඇගේ විලාසිතාවන්

ඒ වගේම ඇයගේ ජීවන රටාව හින්දා ඇය නොයෙකුත් විවේචන වලට බදුන් වෙන එක හැමදාමත් වෙන දෙයක්. හැබැයි මේ කිසිම අවස්ථාවක ප්‍රේක්ෂකයින් කියන දෙය ඇය ඇගේ ජීවිතයට අදාළ කර ගන්නේ නැහැ. කියන කතා වලට ඇය පිළිතුරු බඳීන්නේ ද නැහැ. ඒ කොහොම උනත් පියුමි ලංකාවේ නිරූපණ ශිල්පිනියක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදිහටත් මේවෙද්දී එක්තරා නමක් දිනාගෙන තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ජනප්‍රිය චරිතය සමගයි

පියුමි එදා ඔබ චන්දිමාල් එයාපෝර්ට් එකෙන් යද්දි කිව්වේ ඇයි ඔබ නයෙක්වයි එක්ක යන්නේ කියලා, එහෙම කියන්න ඔබට විශේෂිත හේතුවක් තිබුණද ?

ඇත්තටම ඒකට හේතුව තමයි මේ අවුරුදු තිහට මම යාලුවෝ ගොඩක් ආශ්‍රය කරලා තියෙනවා. ඉතින් මම දන්නවා ඒ නිසාම අපට බොරුවට හොඳ මූණ පෙන්නගෙන බබා පාට් දාන අය කොයි වගේද කියලා. ගොඩක් වෙලාවට මට අනාගතය කියන දේ පේනවා. මට අවුරුදු තිහක් උනාට මට අවුරුදු හතළිහක ගැහැනියගේ අත්දැකීම් ජීවිතේ තියෙනවා. ඉතින් ඒ හැමදේම එක්ක තමා මම එයාට ඒ වගේ දෙයක් කිව්වේ

මේවෙද්දී සමාජයේ තිබෙන කතාවක් තමයි ඔබ ලස්සන වෙන්න සර්ජරි කලා කියන කතාව, ඒක ඇත්තක්ද ?

සමහරු කියනවා වගේ මම ප්ලාස්ටික් සර්ජරි කරනවා. ඇත්තම කතාව ගැහැනියක් මවක් උනහම ඒ දරුවාට කිරි දෙනකොට ඒ ගැහැනිය වැහැරෙනවා. මම මගේ දරුවට අවුරුදු අටක් වෙනකම් කිරි දුන්නා. ඒ දේවල් නිසා මම දරුවා කිරි බිලා ඉවර වුන කාලේ ආවහම මම සර්ජරියක් කලා. හැබැයි මම මුණටනම් කිසි දෙයක් කලේ නෑ. බොරු කියන්න ඕනි නැහැනේ. හැබැයි ලංකාවේ ගොඩක් අය කියන්නේ බොරු. ඒ ගෙදර තියෙන දේවල් ගාලා සුදු වුනා ලස්සන වුනා කියලා

නිරූපණ ක්ෂේත්‍රය තුළ ඔබ මේවෙනකොට ජනප්‍රිය චරිතයක් ඉතින් රංගන ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තොත් රංගනයෙන් ඉස්සරහට යන්න ඔබ ආසද ?

මම ලංකාව ඇතුලේ ටෙලිට්‍රාමා ෆිල්ම් කරනවා කියන තැන නෑ. ඒකට හේතුව තමයි මේ රටේ ගොඩක් අය හරි කුහකයි. ගොඩක් අය මගේ අවස්ථා ම⁣ට නැති කලා. මම ඉන්දියා වල කරපු ෆිල්ම් එක ලංකාවේ කලානම් මාව ඒ ඩිරෙක්ටර් අනිවාර්යයෙන් කපලා දානවා. ඒකයි ඇත්ත. ඒ නිසා මම හිතාගෙන ඉවරයි මම ඒවා කරන්නේ නෑ කියලා. මගේ පිනකට තමා මට ඉන්දියා මුවි එක සෙට් වුනේ

මෑතකදී හැමෝම අතරේ කතාබහට ළක්වු කතාවක් තමයි චමුදිතගේ ගෙදරට එල්ල වුන ප්‍රහාරය, ඒකට ඔබේ සම්බන්ධයක් තිබෙනවාද ?

ඇත්තටම ඒක මහ මෝඩ කතාවක්. අපි අතර යම් යම් ප්‍රශ්න වුනා. ඔය කියන සම්බන්ධයට මගේ කිසි සම්බන්ධයක් නෑ. චමුදිත කියන්නේ යම්කිසි මාධ්‍ය ආයතනයක වැඩ කරන කෙනෙක්. ඉතින් එයා කරන්නේ එයාගේ රැකියාව. එයාට ඉහළින් එන නියෝග තමා එයා කරන්නෙ. ඇත්තටම අපි ඒක තේරුම් ගන්න ඕනි. මම තරහ හිතේ තියාගන්න කෙනෙක් නෙවෙයි. චමුදිත මට කතා කලා ප්‍රොගෑම් එකක් පවා කරන්න.මම හා කියලත් කිවා. මම ඒවෙලාවට දේවල් කිවාට හිතේ තියාගෙන නෑ. ඒ මගේ හැටි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්