Aug
26

ඒ තිරිසනා මගේ ඇඳුම් ඉරලා දාලා මාව ඇඳෙන් පහළට තල්ලු කෙරුවා, ඌට ඕනි වුණා මම කඳුළු පුරෝගෙන ඌට වැඳ වැටෙන හැටි බලන්න. – පිරිමියෙකුගේ අමුතුම ආශාවන්වලට සිය ජීවිතය බි ලි දුන්නු සුරූපී ශෙනායාගේ කතාවේ අවසානය මෙන්න

 
672 Views
   
 

මෙම කතාවේ දෙවන කොටස කියවීමට මෙතනින් පිවිසෙන්න

කවුද ඇත්තටම ඒ කෙනා, එයාගේ ආශාවන් වලට ඉඩ දුන්නේ නැ ති කෙනා? මම ආයෙම වතාවක් දුරකථනයට එබුණා. ශෙනායා කියන්නෙ ඒ තරම් වටිනා කියන වස්තූවක් නෙ වෙයි. ඒ, ඒ උත්තමාවී තමන්ටම කියාගන්න විදිහ. එක අතකින් එයා එහෙම වටිනා කියන කෙනෙක් වෙන්නත් උවමනා නැ හැ. මේ ගනුදෙනුව සමාජය ඇතුළේ සිද්ධ වෙන පිළිකුල්ම සහගත ගනුදෙනුව වුණත් එයා ඒකට යොමු වෙන්න එක හේතුවක් තිබුණා. (සමාවෙන්න එකම එක්කෙනෙක් හිටියා)

කවුද හැබෑටම ඒ එක්කෙනා? මගේ අම්මා. ශෙනායා ඉකිගහන හඬ. ඒක විලාපයක් නෙ වෙයි, ඒත් අඳෝනාවක්. හදවත ඇතුළෙන් කෑලාන සින්ඩරෙල්ලා කෙනෙක්. ඒකි නැ තිවුණු සපත්තුව හොයාගෙන ආපු ගමනක් නො වුණත්, මේ ගමන කෙළවරක් නැ ති විත්තිය ඒකි දන්නවා. “මගේ තාත්තා මට අවුරුදු අටේදී නැ තිවුනේ. ඊටපස්සෙ මගේ හැමදේම වුනේ අම්මා. එයා තමයි මාව ස්කූල් යැව්වේ, ඉගැන්නුවේ.. ඊටත් වඩා එයා ගොඩක් දුක් වින්ඳා. මට මතකයි එක ගමනක් එයා ගෙදරක වැඩට ගියා. පස්සෙ හෝටල් රස්සාවකට ගියා. ඉස්කෝලේදී අම්මාගේ රස්සාව මොකද්ද අහද්දි ඒක කියන්න මම දැනන් හිටියේ නෑ. මම එයා ටීච කෙනෙක් කියලා හැමෝටම බො රු කිව්වා. අම්මා අසනීප වුනේ දැනට අවුරුදු දෙක තුනකට කලින්. එකපාරම එයාට එහෙම වුන හේතුව හිතාගන්න බැරිවුණා මට. එයාට ඇවිදින්න අමාරු උනා. රස්සාවකට යන්න බැ රිවුනා. පවුලේ එකම දරුවා මම. මම එයාව ගමේ දාලා කොළඹ ආවා. හැබැයි වරද්දන් නැ තුව සතිඅන්තේ මම එයා ළඟට ගියා. එයාගේ බේත් වලට සේරම සල්ලි හොයාගත්තේ මේ ජොබ් එකෙන්.

ශෙනායා ස්පා කෙල්ලෙක් වෙන්නෙ අම්මාව සනීප කරන්න හිතන් එතකොට. ඒක ගොඩක් දුක හිතෙන කතාවක්. මම ඒක කිව්වේ ඇත්තටම දුකින්. ශෙනායා ටික වෙලාවක් යනකන් කතා නො කරම හිටියා. ඊටත් පස්සෙ. එයා කතා කළා. මගේ අම්මව සනීප කරන්න බැ රිලු. ඩොක්ටර්ස්ලා එහෙමයි කිව්වේ. ඒත් මගේ හිත ඒක පිළිගන්න ලෑස්ති නෑ. මට හිතෙනවා අම්මා නො න්ඩි ගහන එක මට ඉක්මණින් සනීප කරන්න පුළුවන් කියලා. වෙලාවකට පෙෂර් වැඩිවුනත් අඩුම එයාට මෙහෙමයි කියන්න පුළුවන් ලොකු ලෙඩ තිබුන් නෑ. ඒත් කකුලේ අමාරුව එයා කාලයක් අපෙන් හැංඟුනා. ඒකයි මේ හැමදේටම මුල. මම මේ ධෛර්යවන්ත ගැහැනිය ගැන පුදුම හිතුනා. අම්මා කෙනෙක් සනීප කරන්න ස්පා ෆීල්ඩ් එක තෝරගත්තා කියන එක කොහොත්ම සාධාරණීකරණය කරන්න බෑ තමයි. ඒත් අනේ මන්දා.

ඉතින් මොකද වෙන්නෙ ඔයාට ඊටපස්සෙ? ස්පා කියන්නෙ මහා ජරාම ජොබ් එකක්. මොඩ්ලින් කරනවා වගේ නෙවෙයි, මේකට එන මිනිස්සු විවිධාකාරයි. මට එපාවෙච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එක පාරක් ආපු තිරිසනෙක් මගේ ඇඳුම් ඉරලා දාලා මාව ඇඳෙන් පහළට තල්ලු කෙරුවා. ඌ තිරිසන් සතුටක් ලැබුවා මගේ වේදනාව දැකලා. ඌට ඕනි වුණා මම කඳුළු පුරෝගෙන ඌට වැඳ වැටෙන හැටි බලන්න. මම පටාචාරවක් වගේ නි රුවතින් ඌ දිහා බලාගෙන ඇඬුවා. මම කවදාවත් ඒ තරම් දුර්වල වෙලා නෑ. මට ජීවිතේම එ පා වුණා එදා. ස්පා එකේ කෙල්ලෙක්ව බදාගෙන එදා මම වරුවක්ම ඇඬුවා. වමනෙට ගියා මට. ඈ අතීත රේල් පීලි දිගේ දුවන් ගිහින් නැ වතුණා. ආයෙම හූ හඬ අහන්න ආසාවෙන් මම ඒ දුම්රිය දිහාවම අවධානයෙන් හිටියා.

ම්ම්ම්ම්ම්…ඒ මිනිහාගේ ගෑනි මිනිහාව දාලා ගිහින්. මිනිහා අපිව පාවිච්චි කරනවා ඒ ගෑනිගෙන් පළිගන්න. අපි විනාඩි හතළිස් පහකට උගේ ගෑනි වෙන්න ඕනි. උගෙන් ගුටි කාගෙන ඉවසගෙන ඉන්න ඕනි. මිනිහා තදයෙක්. සල්ලි තියෙන කම්පැනි අයිතිකාරයෙක්. ඒ නිසා කවුරුත් කට ගහන්න බ යයි. ඔන්න ඔහොම තිරිසන්නු එක්ක තමයි අපිට වැඩ කරන්න වුනේ. ශෙනායා ස්පා රස්සාව අත අරින්න හේතුවම ඒ කම්පැනි අයිතිකාරයා ද? අනේ නැ හැ. ඌ එකම එකෙක් විතරයි. එදායින් පස්සෙ මම කොහොමත් 40 පන්නපු එවුන්ව මසාජ් කරන එක රිජෙට් කළා. මට හිතුනා අපේ හිත් කොයි තරම් හයියට තිබුණා වුණත් සමහරක් පිරිමි ඉස්සරහා අපි කඩන් වැටෙනවා. උන් ඉස්සරහා වහල්ලු වෙනවා. මම හෙමින් හිත හදාගත්තා. ඒත් අන්තිමට රස්සාව අත අරින තැනට වැඩ කටයුතු සිද්ධ වුනා.

ඇයි මොකද වුනේ? මම ඉවසුමක් නැතුව ඇහුවා. මගේ අම්මා එක්තැන් වුනා. කවදාවත් හිතුවේ නෑ මම අම්මට එහෙම දෙයක් වෙයි කියලා. එයාව සනීප කරගන්න හිතාගෙන මිනිස්සු එක්ක බුදියගත්තට මට හොඳ වැඩේ දෙයියනේ. මම මටම ශාප කරගත්තා. මට අදටත් හිතෙන්නෙ මම සල්ලි හොයපු ක්‍රෙම් වැ රදි. ඒ නිසයි මගේ අම්මට මෙහෙම වුනේ. ශෙනායා ඉකි ගැහුවා. දුරකථනය ඇතුළේ ගැහැනු සනසන්න නොතේරෙන මම ශෙනායාට ඇති තරම් අඩන්න දීලා නිහඬවම උන්නා. ඒත් අන්තිමට. මට එහෙම ඉන්න බැරිවුණා. අහන්න මම මේ කියන්න හැදුවේ එතකොට ඔයා ස්පා වලට ආයුබෝවන් කියන්නේ අම්මා නිසා.

දැනුත් මම ඉන්නෙ අම්මා එක්ක. එයාට දැන් මතක නෑ ගොඩක් දේවල්. මතකය දුර්වලයි. ඇවිදින්න බෑ. හැමදේම කරන්නෙ මම. අපේ නැන්දා කෙනෙක් ඇවිත් යනවා උදව්වට. රස්සාවක් කරන්න ඕනිම නිසා මම ගාමන්ට් යන්න ගත්තා. ඔයාට හිතාගන්න පුළුවන්ද ලස්සන නිරූපිකාවක්, නිළියක් වෙන්න හීන දැකපු මම ගාමන්ට් යනවා කිව්වම.. කොටින්ම ගාමන්ට් එකේ උන් පුදුම වෙනවා මාව දැක්කම. උන්ගෙන් සමහරු මාව ටීවී වලත් දැකලා. ඒ උත්තමාවීය දැන් දුරකථනය ඇතුළේ හිනා පෙති අහුලනවා. එක පෙළට ඒ හිනාමල් ආකාසේ අල්ලන්න දුවනවා. ගාමන්ට් ශෙනායාට ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ? මම ජීවිතේ හුඟක් හීන දැකපු කෙනෙක්. සමහරවිට දැන් ඩොක්ටර් කෙනෙක් කිව්වොත් අම්මව ජීවත් කරවන්න පුළුවන්, එහෙම නැත්තම් එයාව ඇවිද්දවන්න පුළුවන් විදිහක් තියෙනවා කියලා, මම දෙපාරක් හිතන් නෑ ආයේ ස්පා ෆීල්ඩ් එකට යනවා. ඒත් මම දන්නවා, මට අම්මා වෙනුවෙන් දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. ජිවිතේ තවත් හීන නෑ මට. අම්මව බලාගෙනම ඉන්නවා. එයාට හොඳ සිහිය තිබ්බනම්, මතකය තිබ්බනම් මතක් වෙයි, එයාගේ එකම දුව තාම කසාද බැඳලවත් නෑ කියලා. එහෙම මතක් වුනොත් එයාට කොයි තරම් දුක හිතෙයිද කියලයි මම මේ කල්පනා කරන්නේ.

ශෙනායා හිනාවෙනවා. අකුණු හාර පන්සීයක් ආකාසේ අත්පත් කරගෙන සැරවැර කරද්දිත් ශෙනායා හිනාවෙනවා. වළාකුළු එකිනෙක හැප්පිලා පොළව සමතලා කරද්දිත් ශෙනායා හිනාවෙනවා. ස්වර ප්‍රස්ථාර පටලෝගත්තූ සුළං කපොලු ඉකි ගහද්දිත් ශෙනායා හිනාවෙනවා. මේ ලෝකේ ගෑණු හරි පුදුමයි. උන්ව කියවන්න අමාරුම වුනත් එක තැනෙක උන් මේ ආකාසේ පැදකුණු කරන විදිහට පිරිමින්ට ලෝබ හිතෙනවා. මොකද පිරිමියෙක්ට බෑ කවදාවත් උන්ට තරම් කැපකිරීම් කරන්න. ඒ අතින් ශෙනායා ගැන මට දැණුනු දේ කියන්න තවමත් තේරෙන් නෑ. ඒත් විශ්වාස කරන්න. මම ඒ ගැහැනියි පිස්සු ගෑනියෙක් කියලා නම් කියන් නෑ. ඇත්තටම ශෙනායා පුදුම ගෑනියෙක්. අවසානයි.

කතාවේ පළමු කොටස කියවීමට මෙතනින් පිවිසෙන්න (මෙම කතාවේ එන සියලුම නම් ගම් ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න. විශේෂ ස්තුතිය ප්‍රගීත්. එස්. නාලින්ද සොහොයුරාට.)

මෙන්න බලන්න තවත් ගොසිප්