Mar
17

බැඳුම්කර නඩුවට අදාළව රවි කරුණානායක ඇතුලු 08 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

 
1593 Views
   
 

බැඳුම්කර නඩුවට අදාළව රවි කරුණානායක ඇතුලු 08 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, මාර්තු 23 වනදා දක්වායි.

මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් එහි විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද අධිචෝදනා පත්‍ර භාර දුන්නා.

2016 වසරේ මාර්තු මස 29 සහ 31 යන දිනයන් හිදී සිදුවූ මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ මීට අදාළ නඩුව විභාග වනවා.

මහ බැංකු බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා අධිකරණ නියෝගයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවට නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 21 වන දා අධිකරණයට දැනුම් දී තිබුණා.

රජයට කෝටි 3,698 ක් පාඩු කිරීම ඇතුලු තවත් චෝදනා 32ක් ඔවුන්ට එරෙහිව එල්ලවී තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්