Oct
27

ගෝඨාභය රාජපක්ෂ යනු, සෘජු තීරණ ගන්නා, මනුෂ්‍යයෙකු විනා, මැජික් පෙන්වන මායාකාරයකු නොවේ

 
920 Views
   
 

තව කල් තියෙනව ඉඩදෙන්න.. ගෝඨාභය රාජපක්ෂ යනු, සෘජු තීරණ ගන්නා, මනුෂ්‍යයෙකු විනා, මැජික් පෙන්වන මායාකාරයකු නො වේ. එක් වතාවක් නො ව, දස දහස් වතාවකට වැඩියෙන් කල්පනා කොට ඒ වන විට රට වැටී ඇති තත්වයේ වෙනසක් දැකීම සඳහා ජනතාව ගෝඨාභය රාජපක්ෂ රට කරවන ජනාධිපතිවරයා බවට පත්කිරීමට ඡන්දය ලබාදීමට බොහෝ පිරිසක් කටයුතු කළේය. ඔව් ඇත්ත. මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනි කියලා හිතපු අය තමයි ගෝඨාභය මහත්තයා රජ කරවීමේ කාර්‍යභාරයට දායක වුණේ. හිතට එකඟවම හිතන්නකෝ. ඔබ ඉන්නෙත් රජය කෙරෙහි ඈලි මෑලි ගතියෙන් නේද? එක හීනෙකින් එළිවෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා ඔබ අහලා ඇතිනේ.. පැරැණ්නෝ මේ කතා කියලා තියෙන්නේත් නිකං ආවට ගියාවට නෙවෙයිනේ. කොයි පැත්තට හරවලා බැලුවත් ඒ පැරැණි උපහැරණයන්වල ඇත්තක් තියෙනවා. හීනයක් දැකලා නින්දෙන් අවධිවෙන්නේ ඇඟපත පුරාම දහදියෙන් නෑවිලා ගිහින්.

බයවෙලා වතුර වීදුරුවක් බීලා ආයෙත් නිදාගත්තම ආයෙත් හීන පේන්නේ නැද්ද? නෑ නෙවෙයි පේනවා. එහෙම පෙනි පෙනී ගිහින් තමයි එළිය වැටෙන්නේ. ඒක තමයි ඇත්ත. මම මේ අටුවාටීකා ලියන්න ගත්තේ නිකං නෙවෙයි කියලත් ඔබ දැන් දන්නවා. සමහර විටෙක ඔබත්, ගෝඨාභය සර් රජ පුටුවේ ඉන්දවන්න කතිරය ගැසූ 69න් කෙනෙක් වෙන්න ඇති නේද ? දැන හෝ නොදැන රට කරවන ඇත්තෝ පිළිබඳව කවුරු හෝ ඔබට “සර් ෆේල් නේද” වගේ ඇනුම්පදයක් කියන්න ආවොත් ඔබ පෙරළා මෙන්න මේ ටික ඔවුන්ට කියන්න. මොකද ඒ අය කියන්නේ ඇත්ත නොවන බවත් ඔබ පැහැදිලි ඇත්ත දන්නා බවත් ඔවුන්ට තේරුම් ගන්න ඉඩ හරින්න. ඇත්ත සමාජගත වෙන්නේ ඉතාමත් හෙමින්. බොරුව එහෙම නෑ. බොරුව සමාජගත වෙන්නේ පත්තෑයෙක්ගේ කකුල් ප්‍රමාණයෙන්. ඒ වගේම ඒ බොරුව විෂ සහිතයි. ඇත්ත සමාජගත වෙන්නේ ඉතාමත් හෙමින්. බොරුව එහෙම නෑ. බොරුව සමාජගත වෙන්නේ පත්තෑයෙක්ගේ කකුල් ප්‍රමාණයෙන්. ඒ වගේම ඒ බොරුව විෂ සහිතයි. ඒ විෂ සහිත බොරු ප්‍රකාශ පමණක් දැන සිටි අය නොදන්නා , ගෝඨාභය මහත්තයා ජනාධිපතිතුමා බලයට පත්වුණාට පසුව සිදුවූ සාධනීය වෙනස්කම් එකින් එක දැන ගන්නකෝ.

(01) රාජ්‍ය ආයතනවල ජනාධිපතිපින්තූරය ප්‍රදර්ශනය තහනම් කරමින්, (02) ජනාධිපතිකාර්‍ය මණ්ඩලය 2500 සිට 250 දක්වා අඩු කරමින්, (03) ජනාධිපති පරිවාර රථ 03 ට සීමාකරමින්, 04) ජනාධිපති නිළ නිවස ලෙස තමන්ගේ නිවස පාවිච්චි කරමින්, (05) පාර්ලිමේන්තු සැසිවාර වෙනුවෙන් සිදුකරන මුදල් නාස්තිය අවම කරමින් හමුදා උත්තමාචාර අවලංගු කළේය. “ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට” යන කතාවට පණ පෙවූ ජනාධිපතිතුමා රටේ නායකයා ලෙස පරමාදර්ශීවීම ආදර්ශයෙන්ම පෙන්වා, එතෙක් පැවති සම්ප්‍රදාය වෙනස් කළේය. එසේත් නැත්නම් System change කළේය. (06) වසර ගණනාවක සිට විසඳුමක් නො මැති ගැටලුවක්ව තිබූ රැකියා විරහිත උපාධිධාරීන් ගේ ප්‍රශ්නය විසඳමින් වයස සීමා නො සලකා උපාධිධාරීන් 63000 කට රැකියා ලබා දෙමින්, (07) රටට අහිතකර ජිනීවා මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාවට සම අනුග්‍රහය නොදක්වමින්, (08) ටෙලිකොම් සභාපතිවරයාගේ වැටුප
ලක්ෂ 20 සිට ලක්ෂ 2 1/2 දක්වා අඩු කරමින්, (09) මාසික කුලී මුදල රුපියල් මිලියන 21ක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශය
ගොවිජන මන්දිරයට ගෙන යමින්, (10) වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කළේය.

සම්ප්‍රදායිකව සිතමින්, වෙනස් කළ නො හැකි යැයි, එසේත් නො මැති නම් කළ නො හැකි යැයි මෙතෙක් අතහැර දමා තිබූ, ඒ හේතුවෙන් ජනතාව පෙළුණු ගැටලු රැසක් විසඳමින්, පැවති සම්ප්‍රදාය වෙනස් කරමින් විසඳුම් ලබා දුන්නේය. එසේත් නැත්නම් රටතුළ System change කළේය (11) උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කරමින්, (12) පොලී මත අය කරන රැඳවුම් බද්ද කරමින්, (13) ණය සේවා බද්ද අහෝසි කරමින්, (14) දුරකතන සේවා බද්ද 25% කින්
අඩු කරමින්, (15) ඉදිකිරීම් අංශයේ බදු 28% සිට 14% දක්වා අඩු කිරීමට කටයුතු කළේය. ඔබ දැන සිටියාද පසුගිය කාල වකවානුවේ දී ඔබගේ අතේ ඇති ජංගම දුරකතනයට ඔබ රී-ලෝඩ් එකක් ගත් විට රැඳවුම් බද්ද ලෙස එදා ඔබ කොපමණ මුදලක් වැය කළේද ? අද වැය කරන්නේ කොපමණ මුදලක් ද යන වග. (16) සියලුම ආගමික ස්ථාන බදුවලින් නිදහස් කරමින්, (17) බැංකු ණය පොලී අනුපාතය 14% සිට, 9% දක්වා තනි ඉලක්කමක් ලෙස
පහත හෙළමින්, (18) කර්මාන්ත සඳහා 4% පොළිය යටතේ ව්‍යාපාර ප්‍රවර්ධන ණය නිකුත් කරමින්,
(19) දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනය ආරම්භ කරමින්, (20) ප්‍රති අපනයනය සඳහා ගම්මිරිස්, තේ, කහ ආනයනය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කළේය.

රට තුළ නිෂ්පාදන ආර්ථිකයට පණ පෙවීමේ ජනාධිපතිතුමා ගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළට ජනතාව උනන්දු කිරීම වෙනුවෙන් මෙම තීරණ ගන්නා ලද අතර, පන්සලේ පිං කැටයට මුද්‍රා තැබූ යුගය බොහෝ අයට දැන් අමතකය. ඒ වගේම රට පුරා ජනතාව “කහ” වවාගෙන කෑමටත් පුරුදු විය. (21) උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කාර්‍ය්සාධක බලකායක් පිහිටුවමින්, (22) පාතාලය, මත්ද්‍රව්‍ය වැටලීම් වේගවත් කිරීම හා ඒ සඳහා විශේෂ කාර්‍ය බලකායට බලය ලබාදෙමින්, (23) පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය
ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදුකරන මෙහෙයුම් මැඬලීමට බන්ධනාගාරය ඇතුළත දුරකතන
සංඥා අවහිර කරමින්, (24) ෆයිනස් හා කටු පොල් අලුතින් වගා කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින්,
(25) යුද්ධය අවසන්ව, වසර ගණනාවක් යනතෙක් විසඳුමක් නො වුණු ආබාධිත යුද හමුදා නිළධාරීන්ගේ
විශ්‍රාම වැටුප් ගැටලුව විසඳුවේය.

ජනාධිපතිතුමා සිය ධූරයේ ගෙවී ගිය කාලය තුළ සිදු කළ තවත් බොහෝදේ ඇත. තීරණාත්මක සමහර කාරණා පිළිබඳව පසුගිය රජයන් යටතේ වුවද විසඳුමක් නොමැතිව ඔහේ කල්මරමින් කාලය ගෙවා දමමින් ඒ ගැටලුවම ඊළඟ මැතිවරණයේ පොරොන්දු දක්වා ඇදී ගිය හැටි ඔබට මතක ඇති. රට වෙනුවෙන් බෙදුම්වාදී යුද්ධයකට පැටලී අත්පා අහිමිවූ යුද හමුදා නිළධාරීන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය එවැන්නකි. පසුගිය යහපාලනය කාල වකවානුවේ උද්ඝෝෂණවලට පවා යොමු වූ ඔවුන්, කඳුළු ගෑස් ප්‍රහාරයන්ට පවා ලක්විය. බෞද්ධයන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම වටිනාකම් ගෙන දෙන පෞරාණික උරුමය විනාශ කිරීම් හා ඒවා ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේට පවා පහර දෙන කාලයක ඔබ අප ගෙවා දැමුවා මතකයිනේ. දේශපාලන වශයෙන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ පිපාසාවෙන් පිරුණු පාලකයෝ එවන් වූ ඛේදනීය තත්වයන්ට මැදිහත්වීමක් නොකළේ කතිරයට තිබූ කෑදරකම නිසයි.
කාලෙන් කාලයට දෙපැත්තට පැන පැන වාසියම සෙවූ දේශපාලන අවස්ථාදීන්ට ගෝඨාභය ජනාධිපතිතුමා යස පාඩමක් ඉගැන්වූයේ මැතිවරණයේදී දේශපාලන වාසි බලාපොරොත්තු වන කිසිදු කෙනෙකුගේ සහයෝගයක් නොලබමින්ය. ජනාධිපතිතුමා එලෙස සෘජු දැඩි තීරණයක සිටි නිසයි ඔබගේ පෞරාණික උරුමය රැකදීමට, පාතාලය මැඬලීමට, දේශීය නොවන පරිසර හානිකර කටුපොල්, ෆයිනස් ආදිය නැවත රෝපණයට ඉඩ ඇහිරීම් ආදිය සිදු කරනු ලැබූයේ.

මෙතෙක් කිසිදු පාලකයෙකු අත නොගැසූ සම්ප්‍රදායික රාමුවෙන් බැහැර බොහෝ දේවලට ජනාධිපතිතුමා අත ගැසුවේය. විසඳුම් ලබා දුන්නේය. මෙතෙක් විසඳුමක් නොමැතිදේ දිනෙන් දින යාවත්කාලීන වන්නේය. සියල්ල එක රැයකින් සිදුකළ හැකි නො වේ. එක හීනයෙන් එළිවෙන්නෙ නෑ කියලා කිව්වේ ඒකයි. සෑම දෙයක් වෙනුවෙන්ම නියමිත කාලයක් අවශ්‍ය වන්නේය. වසර හැත්තෑවක් තිස්සේ විනාශ වූවා යැයි විපක්ෂයේ කෑ ගසන පිරිස් තේරුම් ගත යුතු එක දෙයක් ඇත. රට ගොඩ නැගීමට හෝ System Change කරන්නට ඔබ, මම ජනාධිපතිතුමාට බලය ලබා දුන්නේ වසර පහකට මිස, විරුද්ධ පාර්ශවයන් ගේ මතයට ගැලපෙන මනඃකල්පිත කාලවකවානුවකට නොවේ.
ගෝඨාභය රාජපක්ෂ යනු දුර දක්නා නුවණින් යුතු අවශ්‍යදේ වෙනුවෙන් සෘජු තීරණ ගන්නා මනුෂ්‍යයෙකු විනා, එක් මොහොතකින් හෝ එක් රැයකින් මැජික් පෙන්වන මායාකාරයකු නො වේ. (තිරුවණී විජේසිංහ)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්