Sep
26

වාහන ආනයන සීමා ලිහිල් වෙන දිනය

 
794 Views
   
 

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. රටට විදේශ විනිමය ගලා ඒම සිදුවන ආකාරය මත ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි ඔහු කියාසිටියේ. දැනට කොවිඩ් මර්දන එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක බැවින් සංචාරක ව්‍යාපාරය ඉතා කඩිනමින් යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කලා.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ සම්මන්ත්‍රණයකදීයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව කියාසිටියේ. අපනයනය මූලික වූ කර්මාන්ත ද ඒ හරහා නැවත ආරම්භ කිරීමට හැකි වනු ඇති බව තම විශ්වාසය බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්