Oct
28

යුධ හමුදාපති වෙනුවෙන් පත්තු කළ වෙඩි රුසියන් වෙඩි

 
709 Views
   
 

රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ ආරාධනයෙන් රුසියාවේ නිල සංචාරයක නිරත ශ්රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්ර සිල්වා ඉකුත් අඟහරුවාදා (26) දින රුසියානු හමුදාවේ ආරක්ෂක සන්නද්ධ රථ සේනාංකවලින් එකක් වන මොස්කව් නුවරට යාබදව පිහිටි ‘නිරන්තර සූදානම’ (constant readiness) සේනාංකය ලෙස ප්රකට 4 වන ආරක්ෂක සන්නද්ධ රථ සේනාංකයේ (4th Guards Tank Division) සංචාරයක නිරත විය.

එම සේනාංකයේ සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ව්ලැඩ්මයර් ස්වාද්ස්කි (Vladimir Zavadsky) කටයුතු කරන අතර එම සේනාංකය විසින් නිෂ්පාදනය කරනු ලබන සන්නද්ධ රථ, ඒ සඳහා යොදාගන්නා උපකරණ සහ ලෝහමය ද්රව්ය මෙන්ම එහි නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳව සහ ශ්රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ට දක්වන ඉහළ ගෞරවයක් ලෙස සජීවී වෙඩි තැබීමේ නිදර්ශනයක් ද මෙහිදි පවත්වන ලදී.

එසේම, ඉන්ධන ඉතිරි කරගනිමින්, පරිසරයට හිතකාමී ලෙස සන්නද්ධ රථ ධාවනය සහ වෙඩිතැබීම පිළිබඳ පුහුණු කිරීම, ඒ සඳහා නිර්මාණය කර ඇති සමාකෘති සහ අනෙකුත් තාක්ෂණික අංශවල විවිධ පැතිකඩයන් පිළිබඳව මෙන්ම එම සේනාංකයේ නිලධාරින් විසින් සිය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම සඳහා ශ්රී ලංකා යුද්ධ හමුදාවට පුහුණු වැඩසටහන් ලබාදීමට එකඟත්වය පල කරන ලදී. විවිධ කාලගුණික සහ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන පරිදි භාවිතා කරන උපකරණ නිෂ්පාදනය කිරීම පිළිබඳව සහ නවීන තාක්ෂණයෙන් යුත් සන්නද්ධ රථ සහ ලොව පුරා බහුලව භාවිතා වන භටපිරිස් ප්රවාහන කරන සන්නද්ධ රථ කිහිපයක් මෙන්ම බර යන්ත්රෝපකරණවල අමතර කොටස් ඉතා සූක්ෂම ලෙස එකලස් කර අලුත්වැඩියා කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීමට ද යුධ හමුදාධිපතිතුමන්ට අවස්ථාව හිමිවී තිබෙනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්