Mar
4

ඉංජිනේරුවෙකු ලෙසින් උපාධිය සම්පූර්ණ කළ කඩවසම් රංගන ශිල්පී ඉශාර මදුශාන්

 
4051 Views
   
 

මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන දෙරණ නාලිකාවේ විකාශය කෙරෙන ටෙලි නාට්‍යය අතුරින් අතිශය ජනප්‍රියත්වයට පත් ටෙලි නාට්‍යයක් තමයි ” දෙවන ඉනිම” කියල කියන්නේ. ඇත්තෙන්ම මෙම ටෙලි නාට්‍ය මෙරට තරුණ පරම්පරාව අතර අතිශය ජනප්‍රියත්වයට පත් ටෙලි නිර්මාණයක් ලෙස අපට හදුන්වන්න පුලුවන්. කොහොම නමුත් මෙම ටෙලි නාට්‍යය ඔස්සේ අපට දැකගන්නට ලැබෙන කඩවසම් රංගන ශිල්පියෙකු තමයි ඉශාර මධුශාන් කියන්නේ

කෙසේවෙතත් ” දෙවනි ඉනිම ” ටෙලිනාට්‍යයේ ලිහිනිගේ පෙම්වතා ලෙස රංගනයෙන් දායකත්වය ලබාදෙන ඔහුට මේවෙද්දී ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා. ඒ බව නොරහසක්. කොහොමහරි ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ කඩවසම් රංගන ශිල්පියා ගැනයි. කොහොම නමුත් ඉෂාර කියල කියන්නේ රංගන ශිල්පියෙකු පමණක් නොවෙයි. ඔහු මෙරට ගුරුවරයෙකු ලෙසත් කටයුතු කරනු ලබනවා

කොහොම නමුත් ඔහු මේවෙනකොට ලාංකීය සිසුන්ට නොමිලේ ඔන්ලයින් ගණිත විෂය උගන්වන අතර ඒ පිළිබඳ මේවෙනකොට නොදන්න කෙනෙකු නැති තරම්. කොහොම නමුත් මේ කඩවසම් තරුණියා පසුගිය දවසක ඔහුගේ සිහිනයක් සැබෑකර ගනිමින් උපාධිධාරියෙක් ලෙස උපාධිය ලබාගන්නවා. ඇත්තෙන්ම සරසවි සිහිනය තුළ සිටින කෙනෙකු අපේක්ෂා කරන ඉහළම සතුට තමයි ඔවුන්ගේ උපාධිය ලබා ගැනීමේ සතුට

කොහොමහරි ඉතින් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරුවෙක් ලෙස අධ්‍යාපනය හදාරපු ඔහු මේ විදිහට උපාධිය ලබාගෙන තිබෙනවා. ඉතින් මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළකුත් ඔහු සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුම්වලට එක්කර තිබුණා. එලෙස ඔහු එක්කළ ජායාරූප සියල්ලට මෙරට බොහෝදෙනෙකු සිය සුබපැතුම් එක්කර තිබෙන ආකාරය අපට දැකගන්නට ලැබුණා

මෙරට රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතරතුර ගුරුවරයෙක් ලෙසත් ඔහු සුවහසක් සිසු දරුවන්ට ගණිතය විෂය උගන්වමින් මහත් සේවාවක් සිදු කරනවා. ඒ විතරක් නොවෙයි ඔහු මේවෙද්දී ඉන්ජිනේරුවෙකු ලෙසත් මේවෙද්දී සිය උපාධිය හිමිකරගෙන තිබෙනවා. ඇත්තෙන්ම ඔහු කෙනෙකුට ජීවිතයේ පහසුවෙන් ලබාගත නොහැකි ආකාරයේ අවස්ථාවන් තුනක්ම සැබෑ කරගෙන තිබෙනවා

ඉතින් මේ විදිහට මෙරට කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යමින් ගුරුවරයෙකු ලෙසත් සමාජයට වැදගත් කාර්‍යබාර්‍යයක් ඉටුකරන ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපි ඇයට හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්