Feb
19

පිය පදවිය බලාපොරොත්තුවෙන් ඉන්න ජනප්‍රිය ගායක මනේජ් සංජය පුංචි පැටියා වෙනුවෙන් කරන්න යන වැඩේ

 
621 Views
   
 

ලංකාවේ අපේ සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වෙමින් ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ගායන ශිල්පියෙකු තමයි මනේජ් සංජය කියල කියන්නේ. ඇත්තෙන්ම මෙරට තාරුණ්‍යය නියෝජනය කරන ගායකයෙකු වන ඔහුව මේවෙද්දී මෙරට නොදන්න කෙනෙකු නැති තරම්. කොහොම නමුත් හිරු ස්ටාර් සිසන් ටු රියලිටි තරඟය හරහා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහුව මේවෙනකොට මෙරට පමණක් නොවෙයි විදේශීය රටවල අය පවා හදුනනවා. ඇත්තෙන්ම මනේජ් කියන මේ චරිතය ගායන හැකියාව මෙන්ම නිහතමානීත්වයද තම ජීවිතය තුළ රඳවා ගනිමින් තමයි මේ ආකාරයට සංගීත ලෝකය තුළ දිගු ගමනක් යන්නේ

කොහොමහරි ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ මේ නිහතමානී ගායන ශිල්පියා ගැනයි. ඇත්තෙන්ම මනේජ් සංජය වඩාත් ජනප්‍රියත්වයට පත්වෙන්නේ සමාජ මාධ්‍ය තුළ කිව්වොත් නිවැරදියි. නිරන්තරයෙන් අපට ඔහුව සමාජ මාධ්‍ය තුළ දැකගන්නට ලැබෙන්නේ මංගල උත්සව තුළ සප්රයිස් තුළින් තමයි. ඒ කොහොම උනත් ආදරවන්තයින්ගේ දිනයේ දී අපූරු සටහන් පෙලක් අපට මනේජ්ගෙ මුහුණු පොත තුළින් දැකගන්නට ලැබෙනවා. ඒ ඔහු ⁣ඔහු⁣ට පුළුවන් ආකාරයට අසරණ කිහිප දෙනෙකුට පිහිට වෙන අවස්ථා පිළිබඳවයි

කෙසේවෙතත් ඔහු මේවෙනකොට ලාංකීය ජනයා වෙනුවෙන් නව ගීත නිර්මාණ රැසක් හදුන්වා දී තිබෙනවා. ඔහු අතින් නිර්මාණය වන ගීත බොහෝ විට රසික හදවත් සොරකම් කරන්න සමත් වෙනවා කිව්වොත් නිවැරදියි. කොහොම නමුත් මනේජ් කියන්නේ මේවෙනකොට උතුම් පිය පදවිය බලාපොරොත්තුවෙන් පසුවෙන ජනප්‍රිය ගායකයෙක්. ඒ බව අපට ඔහුගේ සමාජ මාධ්‍ය ගිනුම ඔස්සේ දැකගන්නට ලැබෙනවා

ඇත්තෙන්ම ඔහු තවමත් නොඉපදුන පුංචි පැටියා වෙනුවෙන්ද ගිතයක් නිර්මාණය කරන බවයි අපට දැනගන්න ලැබුනේ. ඉතින් ඔහු ගායනා කරන මේ ලස්සන ගීතයත් ඔබට නුදුරේදීම අසන්නට ලැබේවී. කොහොමහරි ඉතින් උතුම් මව්පිය පදවිය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න මනේජ් සංජය මහතාට සහ ඔහුගේ බිරිඳට ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපි හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්