May
25

ජනතාවගේ හැසිරීම ගැන සෞඛ්‍ය අංශවල කණගාටුව

 
1322 Views
   
 

දැඩි සංචරණ සීමා පනවනු ලබන්නේ කොවිඩ් -19 රෝග තත්ත්වය පාලනය කිරීමට වන අතර ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සංචරණ සීමා ලිහිල් කළ අද (25) දිනයේදී ජනතාව විශාල වශයෙන් ප්‍රධාන නගර කරා එක්රැස් වූ ආකාරය දැක ගැනීමට හැකිවූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය යහපත් නොවන බවත් මෙමගින් තවදුරටත් කොවිඩ් -19 වෛරසය ව්‍යාවප්තවීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

අද උදෑසන 04.00 සිට සංචරණ සීමා ලිහිල් කෙරුණු අතර එය අද රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මකය.

ඒ අනුව යළිත් රාත්‍රී 11.00 සිට දිවයින පුරා දැඩි සංචරණ සීමා පැනවෙන අතර එය එළඹෙන 7 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්