Feb
5

” මම ආදරය කරලත් තියෙනවා මට ආදරේ අහිමි වෙලත් තියෙනවා” දුෂේනි මියුරංගි

 
799 Views
   
 

දුෂේනි මියුරංගි කියල කියන්නේ මේ දිනවල ලාංකිකයන් හැමෝගෙම ආදරය දිනාගත් චරිතයක්. ඊට හේතුව වෙන්නේ ඇය වර්තමානයේ සිය රංගන දායකත්වය ලබාදෙන පාර දිගේ ටෙලි නාට්‍යයේ බන්ටි කියන චරිතයයි. ඇත්තෙන්ම ඇය සිය රංගන දායකත්වය දක්වන බන්ටි කියන චරිතයට හිමිවෙන්නේ ඉහළ ජනතා ආකර්ෂණයක්. පසුගිය කාලයේ ඉන්දියාවේ ජීවත්වු ඇය නැවත මෙරටට පැමිණෙන අතර කොරෝනා වෛරස් තත්ත්වය නිසාවෙන් මෙරටට කොටුව තිබෙනවා. ඒ හේතුවත් සමග ඇය නැවත වරක් මෙරට කලා ක්ෂේත්‍රය සමගින් සම්බන්ධ වෙනවා

කොහොමහරි ඉතින් පාසල් කාලයේ බොහොම ලැජ්ජාශීලී කෙනෙක් වෙච්චි දුෂේනි කියන්නේ පළමු වතාවට මේ තරම් ජනප්‍රියත්වයක් හිමිකර ගත්තු බවයි. ඉතින් තමන්ගෙ පාඩුවේ හෙමින් තමන්ගේ ගමන යන ඇය පසුගිය දිනක තමන්ට ලැබෙන ප්‍රතිචාර ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි

” ඇත්තටම මට මෙහෙම ප්‍රතිචාර ලැබෙන්නේ පලවෙනි වතාවට. කවදාවත් හිතුවේ නෑ මේ වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබේවි කියලා. මට මේ වගේ ආදරවක් ලැබෙද්දි ආයේ ඉන්දියාවට යන්න දුකයි. ඒ නිසා මම තීරණය කරා ඉන්දියා වගේම ලංකාවේ වැඩ කටයුතු කරන්න. කොහොමත් මම භාරගත්ත වැඩ හැම එකක්ම ඉවර කරලා තමයි ඉන්දියාවට යන්නේ. මොකද මම බාර ගත්ත වැඩ අතරමග නවතලා කවුරුත් අසරණ කරන කෙනෙක් නෙවෙයි.” කියලයි

ඔබ ඇයි ඉන්දියාවට යන්න තීරණය කලේ …?

කලින් කලට මගේ ජීවිතේට එන ප්‍රශ්න එක්ක මනුස්සයෙක් හැටියට මගේ හිත වෙනස් වුනා. කොහොමත් මම එක තැන පල් වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි. අලුත් අලුත් දේවල් අත්හදා බලන්න කැමතියි. කොහොමත් ප්‍රශ්න එක්ක මට මේ රට දාල යන්න ඕන කියලා හිතුනා. අලුත් අත්හදාබැලීම් බලන්න තමයි මම ගියේ. මම ඉන්දියාවට ගිහින් කරපු වැඩ ගැන ඉදිරියේදී බලාගන්න පුළුවන්

දුෂේනි ඔබේ ගම් ප්‍රදේශය ගැන මතක් කලොත් …?

මම ගමක හැදුන කෙල්ලෙක්. මගේ ගම මාතර වෙද්දි දැන් පදිංචියක් කුරුණෑගල. මම හිතන්නේ ගමක ඉපදෙන්නත් වාසනාවක් කියන දේ තියෙන්න ඕන. මම බොහොම නිදහස් නිස්කලංක ළමා කාලයක් ගත කරපු කෙනෙක්. මම කලාවට එන්නේ කොළඹ ආවට පස්සේ

ඇත්තටම දුෂේනි කියල කියන්නේ සුන්දර තරුණියක්. ඉතින් ආදරය ගැන මතක් කලොත්

මම කවදාවත් ආදරයට වෛර කරන කෙනෙක් නෙවෙයි. මගෙන් වෙන් වෙලා ගිය කෙනෙක්ට වුනත් මම වෛර කරන්නේ නැහැ. මම ආදරෙන් පැරදිලා නැහැ. මොකද මම ගොඩක් ශක්තිමත් කෙනෙක්. මම ආදරය කරලා තියෙන මට ආදරේ අහිමි වෙලත් තියෙනවා. හැබැයි කොතනකවත් ලියවෙලා නැහැ ආදරේ කියන දේ අපට අයිති වෙන්නම ඕන කියලා. ආදරේදි අහිමිවීම් කියන දේ අයිති දෙයක්. මොකද අපි ළඟ නැති සතුට තව කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්. මම හිතන්නේ ආදරේදි අපි හැමෝම සතුටින් ඉන්නවා ඕන. විවාහය කියන දේ තීරණය කරන්නේ මමමයි. තවම මම විවාහ කියන දේට නම් සූදානමක් නැහැ. ඉදිරියේදී ඒ ගැන බලමු

මේ විදිහට තමයි ඇය මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය සිය වර්තමාන ජීවිතය ගැන වගේ රංගන දිවිය ගැන අපිට කිව්වේ. ඉතින් මේවෙනකොට කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇයට ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්