Aug
13

නිර්ණාමික තෑගිබෝග එනවා අඩුයි දැන්, දැන් විවාහවෙලා දූවරු දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්නෙ

 
616 Views
   
 

මගේ උපත සිදුවෙන්නෙ ජූලි 26 දිනක, මම ගෙදර පළවෙනි දරුවා. ඉතින් අම්මා, තාත්තා කියලා තියෙනවා මාව ලැබුණම එයාලගේ ජීවිතේ සම්පූර්ණ වුණා කියලා. ඒ නිසාම ඒ දෙන්නගෙ තිබුණු ආදරේ තව තවත් වැඩි වෙන්නත් ඇති, තවමත් ඉතින් ඒ ආදරේ නො වෙ න ස් ව දෙන්නා ළඟම තියෙනවා. ඒ හැමදේම එක්ක මම හිතන්නෙ මටත් වඩා මගේ උපන්දිනය දවසෙ ඒ දෙන්නා සතුටුවෙනවා ඇති. මගෙත් එක්ක කියලාත් තියෙනවා. අම්මා තාත්තා ජීවිතේ සතුටුම වුණ දවස මම ඉපදුණු දවසෙ කියලා.

අම්මා/ තාත්තා බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නෙත් පුතෙක්වද?
එහෙම බලාපොරොත්තුවක් තිබිලා නැ හැ දුවෙක්ද පුතෙක්ද ලැබෙන්නෙ කියන දේ. ඒ කාලෙ දැන් වගේ තාක්‍ෂණය දියුණුත් නැ ති නිසා ස්කෑන් කරලා බලන්න විදියක් තිබුණෙත් නෑ නෙ. මාව ඉපදුණාට පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ පුතෙක් කියලා. ඉතින් ගොඩක් සතුටු හිතුණ කියලා කියනවා.

 

පුංචි කාලෙ උපන්දින සැමරීම් සිදුවුණේ කොහොමද?
ඒ කාලෙදි ලොකු සාද පවත්වලා තියෙනවා. පළවෙනි උපන්දිනය වෙනුවෙන් ඉහළින්ම සාදයක් පවත්වලා තියෙනවා. මට ඒවගේ ලොකු මතකයක් නැ හැ. මම දැකලා තියෙන්නෙත් ඒ කාලෙ ඡායාරූපවලින්, කොහොමත් මට අවුරුදු 10ක් විතර වනතුරුම ලොකු කේක් එකක් කපලා ඒ දවස සමරලා තියෙනවා. මොකද ඒ වනතුරු මම තමයි ගෙදර එකම ළමයා මම ඉපදිලා අවුරුදු 11කින් පසුව තමයි මගේ නංගි ගෙදරට එකතුවෙන්නෙ, ඉතින් ඒ කාලෙ උපන්දිනය ඉහළින්ම සැමරුවා.

 

පාසැල් කාලෙට ගියොත්?
පාසල් කාලෙදි ඒ දවසට අනිවාර්යෙන්ම කේක් අරන් යනවා. පුංචි කාලෙදි. ඒ වගේම ටිකක් ලොකු කාලෙදි යාළුවන්ටයි, නෑදෑයන්ටයි එන්න කියලා සාදයක් පැවැත්වූවා. ඒ මතකයන් තියෙනවා ඉතා සුන්දර කාලයක් විදියට. මට මතකයි අම්මා, තාත්තා මට ලස්සන ඇඳුම් ගෙනත් දෙනවා ඒ වගේම තෑගි ගෙනත් දෙනවා. ඉතින් ඒ අරන් දෙන ඇඳුම් අන්දවලා කේක් ගෙනල්ලා ඒවා කපලා ඡායාරූප ගන්නවා. ඉතින් පුංචි කාලෙදිත්, පාසල් කාලෙදිත් උපන්දිනය කියන දේ විශේෂ දවසක් වුණා. පසු කාලීනව නම් ඒ දේවල් වෙනස් වුණා.

 

මොකද්ද ඒ වෙනස?
ටිකින් ටික අපිට තේරුම් යන වයසට එද්දී හිතෙනවනෙ උපන්දිනය කියන්නෙ සමරන්න තරම් ලොකු දෙයක් නෙ මෙ යි කියලා. නමුත් යාළුවො එකතු වුණාම ඒවගේ දවසක් අත අරින්නෙත් නැ හැ. මොකද කට්ටිය එකතු වුණාම මොකක් හරි සාදයක් පවත්වන්න කාරණාවක් තියෙන්නත් එපැයි. අපි කොහොමත් සාද පවත්වන්න, විනෝද වෙන්න ගොඩක් ආසයිනෙ, ඒ නිසා ලොකු සාද පවත්වනවා කියලා දෙයක් නැ ති වුණත් පොඩි හරි දෙයක් කරනවා. පොඩි කාලෙ වගේ විශේෂ දේවල්නම් කෙරෙන්නෙ නැ හැ. සමහර උපන්දින දවසට දැන් රූගත කිරීම් යෙදිලාත් තියෙනවනෙ. ඒ දවස්වලට ඒ පිරිසත් එක්ක පුංචි සාදයක් සුළුවෙන් පවත්වනවා. ලොකු සාද පවත්වනවා කියලා දෙයක් දැන් නම් නැ හැ.

 

රූගත කිරීම් අතරතුර සැමරූ උපන්දිනය ගැන මතකයක් අවදි කළොත්?
2009 වසරෙ තමයි මගේ මුල්ම ටෙලිනාට්‍යය කළේ. ඒ මහේන්ද්‍ර අයියා කරපු ටෙලිනාට්‍යයක්. එහි රූගත කිරීම් තිබුණෙ රන්මිණිතැන්නෙ. ඒ දවසෙ මගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඉතින් මට මතකයි එදා මම වෙනුවෙන් සාදයක් පැවැත්වුණා. එහිදී මට තෑගි ගොඩක් එහෙමත් ලැබුණා. ඒ උපන්දිනය ඇත්තටම ලොකුම සතුටුදායක මතකයක් මගේ ජීවිතේ සිදුවුණු.

 

මතකයේ රැඳෙනම උපන්දිනයක් ගැන සඳහන් කළොත්?
මීට වසර දෙකකට පමණ පෙර සම්මාන උළෙලකදී මට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. ජනාධිපති සම්මානයක් ඒ ලැබුණෙ ජූලි 26 දිනක හරියටම මගේ උපන්දිනය දවසෙ. ඉතින් එදා සුබ පැතුම් එකතු වුණා. ඉතා ඉහළින්ම උපන්දිනය වෙනුවෙනුත්, සම්මානය ලබා ගැනීම වෙනුවෙනුත්, ඒ මොහොත ඇත්තටම ජීවිතේ නැවතත් ඉපදීමක් වගේ දැනුණේ.

 

සුබ පැතුම් ගැන කතා කළ නිසාම කියමුද රංගන ශිල්පියෙක් වුණාට පසුව උපන්දිනයට එකතුවෙන ඒ ප්‍රතිචාර ගැන?
ඇත්තටම ඒ දවසට අ ති විශාල සුබ පැතුම් සංඛ්‍යාවක් එකතුවෙනවා. පෙරටත් වඩා දැන් එකතු වෙන්නෙ, ඒ තාක්‍ෂණයේ දියුණුවත් එක්ක. ෆේස්බුක්, වට්ස්අප් වැනි සමාජජාල වෙබ් අඩවි එකතුවීමත් එක්ක ඉතින් ඒ දවසට වෝල් එක පිරෙන්නම සුබ පැතුම්, සමහර වෙලාවට ඒ හැම සුබ පැතුමකටම ප්‍රතිචාර දක්වන්නට නො හැ කි තරම් නමුත් මම පුළුවන් විදියට ඒ හැම සුබ පැතුමකටම ප්‍රතිචාර දක්වනවා. ඒ ආදරේ, ප්‍රතිචාර මට ගොඩක් වටිනවා රංගන ශිල්පියෙක් විදියට.

 

ගෙදරට තෑගි භෝග එහෙම ලැබෙනවා ඇති ඒ ආදරේ කරන අයගෙන්?
ඇත්තටම මම තනිකඩව ඉන්න කාලෙදි සුබ පැතුම්පත්, කේක්, මල් පොකුරු වගේ දේවලුත්, තෑගි ගොඩක් එහෙමත් එකතු වුණා. ඒ අතර පර්ෆියුම්, ෆෝන්, ඇඳුම් වගේ දේවල් තිබුණා. නි ර් ණා මි ක ව එකතුවුණ දේවලුත් තිබුණා. දැන්නම් ඒ දේවල් ගොඩක් අඩුවෙලා තියෙනවා. මොකද මම දැන් විවාහ වෙලා දුවලා දෙන්නෙක්ගෙ පියෙක්නෙ. දැන් බිරිඳගෙන් තමයි තෑගි භෝග ලැබෙන්නෙ.

 

බිරිඳගෙන් සර්ප්‍රයිස් ලැබිලා නැ ද් ද?
අපි විවාහ වෙන්නට පෙර හංසි එක වතාවක් මගේ උපන්දිනය වෙනුවෙන්ම ලංකාවට ආවා මාව සර්ප්‍රයිස් කරන්නම. මොකද ඇය විදෙස් ගතවෙලානෙ හිටියෙ. නමුත් අ ව ස න් මොහොතෙදී මම කොහොමහරි ඒක දැනගත්තා. ඉතින් ඇය මට මුණගැහුණු කාලෙ ඉඳන්ම මගේ උපන් දිනය දවසට මොනව හරි විශේෂ දෙයක් කළා. දැන්නම් ඉතින් අපි දෙන්නම අපිට වඩා හිතන්නෙ අපේ දුවලා දෙන්නා ගැන. ඒ දෙන්නාගෙ විනෝදය වෙනුවෙන් හැමදේම කරන්නෙ.

 

මෙවර උපන්දිනය වෙනුවෙන් සැලසුමක් නැ ද් ද?
මෙවර උපන්දිනය දවසෙ රූගත කිරීම් යෙදිලා තියෙනවා. ගොඩක් දුරට ඒ තැනකදී යම් දෙයක් සිදුවෙයි. ලොකු සැලසුමක් නැ හැ.

 

අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා වයසට යාම ගැන, තරුණ කාලය ගෙවී යාම ගැන දුකක් නැ ද් ද?
පුංචි කාලෙනම් උපන්දියක් ලබද්දී ගොඩක් සතුටුයි. දැන්නම් ඉතින් උපන්දිනයක් එනවා කියද්දී තේරෙන්නෙ වයසට යනවා අපි නාකි වෙනවා කියන දේ නෙ. තරුණ කාලය ගෙවී යාම ගැන ඉතින් දුකක් නැත්තෙමත් නැ හැ. නමුත් ඒ යථාර්ථයට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා විශේෂම දුකක් නැ හැ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්