May
14

අගමැති වූ පසු රනිල් වික්‍රමසිංහ කියූ අපූරු කතාව

 
2169 Views
   
 

අගමැති වුණාට පස්සෙ රනිල් හරි අපූරු කතාවක් කියනවා අපිට ඇහුණ. මෙන්න ඒකෙ සාරාංශය

දෙවන ලෝක යුද්ධය වෙලාවෙ චර්චිල් අගමැති වෙනකොට එයත් එක්ක හිටියෙ හතර දෙනෙකු පමණක් බව.

හැබැයි චර්චිල් අර්බුදය විසඳන්න භාරගත්ත බව

තමුනුත් කලේ ඒකම බව

ඇත්තටම මොකක්ද ඒ කථාව ?

ඒ කථාව ඇතුලෙ තියෙන ගොඩක් අය නොදත් කතාවක් තමා චර්චිල් යටතේ War Time Cabinet එකක් හැදුණ බව ඒ වගේම මේ වෙලාවෙ Economy Rescue Cabinet එකක් හැදෙන්න ඕනි කියල අපි විශ්වාස කරනව. හැබැයි ඒ කැබිනට් එකේ අත්‍යාවශ්‍යයෙන්ම සිටිය යුතුම මිනිස්සු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නව කියලත් අපිට විශ්වාසයි. ඒ කට්ටිය අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක් කියලත් අපි දන්නව. හැබැයි මේ වෙලාවෙ ඉන්ධන පෝළිම්, ගෑස් පෝළිම් නැති, විදුලිය තියෙන, තුන් වේල කන රටක් හදාගන්න කරන Rescue Mission එකට ඒ මිනිස්සු කිහිප දෙනා ඉන්නම ඕනෙ කියල අපි විශ්වාස කරනව. අපි එහෙම විශ්වාස කරන මිනිස්සු කීපදෙනාගෙන් කෙනෙක් ඊයෙ කියල තිබ්බ එයා මේ Rescue Mission එකට එකතු වෙන්නෙ නැහැ කියලා. ඇත්තටම පුද්ගලිකව ගත්තොත් ඔහුට වැරැද්දක් කියන්නත් බැහැ. එකක් දන්නව එයා මොන පක්ෂයක හිටියත් හොරෙක් නොවන බව. ඒ පුද්ගලය ගැන ඕගොල්ලොම හිතාගන්න.

ඇත්තටම මේ වෙලාවෙ අපි කරන්න ඕනෙ අර කොටි බල ප්‍රදේශයට පැනලා කරපු අතිශය අවදානම් ආයේ එන්න හම්බවෙයි ද කියලා විශ්වාසයක් නැති මට්ටමේ දරුණු සටනක් කියල අපි හොදටම දන්නව. කොටින්ම කිව්වොත් Suicide Mission එකක්. ඉතින් තව පාරක් ජනතාව ඉස්සරහට යන්න හිතන් ඉන්න අය ඒ වගේ Mission එකකට බැහැලා තමන්ගෙ පුද්ගලික Political Career එකට Risk එකක් ගන්න කැමති නැහැ කියල අපි හොදටම දන්නව. එහෙම වෙනවනම් එහෙම කරන්න හිත හදාගන්න තමන්ගෙන් එහා ලෝකයක් ගැන හිතන මහා විශාල මිනිස්සු වෙන්න ඕන. එහෙම ඓතිහාසික මිනිස්සු ලේසියෙන් බිහිවෙන්නෙ නැහැ කියල විශ්වාසයි.

කවුරු කැමති වුණත් නැතත් මේ Mission එක සාර්ථක කරගන්න නම් අතිශයින්ම දක්ෂ සහ වැඩක් කළ හැකි මිනිස්සු ටිකක් අපිට අත්‍යවශ්‍ය වෙනව කියන එක පැහැදිලියි. ඒක පාර්ලිමේන්තුවෙ ඉන්න 225 හොයාගන්න බැරි නම් අපිට Extra Mile එකක් ගිහින් හරි ඒ අයව එකතු කරගන්න ඕන. මේ වෙලාවෙ ජාතික ලැයිස්තුවෙ මන්ත්‍රීධූර 17 ක් තියෙනවා පොහොට්ටුවට. මෙන්න මේ 17 න් අවම වශයෙන් 5ක් විතර පාවිච්චි කරන්න පුළුවන් ඕන නම් එහෙම සුවිශේෂී දක්ෂයො කිහිප දෙනෙක් ඇතුළට ගන්න. අපි මේ කතා කරන්නෙ වෙච්ච් දේ නෙමේ අදට මේ දැන්ම වියයුතු දේ.මේක ලියන්නෙ රනිල් වෙනුවෙන් නෙමේ. හෙට රනිල්ට අගමැතිකමෙන් යන්න වෙලා සජිත් හරි අනුර හරි එතනට එනවනම් අපි මේ විදියටම ඒ අයටත් සහය දෙනවා ආයෙත් මේ රට තිබුණු තැනට ගේන්න.

මෙන්න මේ ටිකත් අපි හොදට මතක තියාගමු මේක රනිල් Fail වෙනවද Pass වෙනවද කියන ප්‍රශ්නයක් නෙවෙයි. අපි කන්න බොන්න නැතුව Petrol පෝළිම් ගෑස් පෝළිම් වල ඉන්නකොට ඒ මනුස්සය කොහොමත් ගෙදරට වෙලා AC එක දාගෙන Film බල බල ඉන්නැති. හෙට ගෙදර ගියත් එයා ඒ විදියටම චූන් එකේ ඉඳියි. හැබැයි අපි ආයෙත් පෝළිමට එකතු වෙන්න ඕන. කළුවරේ ඉන්න ඕන ඒ නිසා මේ වෙලාවෙ රට Pass කරගන්න ඕන වගේම රට Pass කරගන්න නම් මේ මොහොතෙ කළ යුත්ත කරන්නම ඕන. කළ යුත්ත කරන්න නම් රටක් විදියට අපි එකට ඉන්න ඕන. මොකද කළ යුත්ත ඉතාම නීරසයි. තිත්තයි. වේදනාත්මකයි. හැබැයි මේ මොහොතේ කළ යුත්ත කළොත් තව මාස කිහිපයකින් අඩුම තරමේ අපි හම්බ කළොත් කාල ඇඳලා ඉන්න පුළුවන් තැනකට එයි. ඒ නිසා අරාජිකත්වය කියන බොර දියේ බලයට මාවතක් හොයන කෙනෙක් හෝ එහෙම කෙනෙක් වෙනුවෙන් නොදැනුවත්වම හෝ දැනුවත්ව පාවිච්චි වෙන කෙනෙක් නොවී අරාජිකත්වයෙන් එළියට එන මාවතක් හොයන මනුස්සයෙක් වෙන්න අපි දැන්වත් පුරුදුවෙමු.

කවුරු, කොහොම, කවදා ,කොහේ කිව්වත් හැමදාම ලෝකෙ ඕනම රටක බලය හුවමාරුවෙන්නෙ ඕනෙ ව්‍යයවස්ථානුකූලව කියල අපි අමතක කරන්න නරකයි. අන්න ඒ ව්‍යවස්ථාවෙන් පිට පැනල බලය අරගන්න කැරලි දෙකක් ඇතිවුණා වගේම හමුදා කුමන්ත්‍රණයකුත් ඇතිවුණා. හැබැයි රටේ වාසනාවට ඒ තුනම සාර්ථක වුණේ නෑ. අපි විශ්වාස කරනව ඒරටේ වාසනාව තවමත් මේ මහපොලවෙ පවතිනව ඇති කියල. අපි ඔක්කොම ඒ වාසනාව වෙනුවෙන් සටන් කරමු අපි අතර තියෙන දේශපාලන මත ඔක්කොම පැත්තකට දාල.

තිබුණ තැනට රට ආපහු අරන් ආවට පස්සෙ අපි ආයෙත් බලය වෙනුවෙන් දේශපාලනය කරමු.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්