Nov
11

බේබදු පියෙකු නිසා අපා දුක් විඳින දරු පවුලක්

 
2400 Views
   
 

පියාගේ අධික බීමත්කම නිසා ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වූ අසරණ දරු පවුලක් පිළිබඳව පුවතක් සීගිරිය මයිලැත්තාව ප්රදේශයෙන් වාර්ථා වෙයි. තමන්ට අත්විඳීමට සිදුව ඇති මෙම අමිහිරි සිදුවීම තවත් කිසිදු දරුවකුට අත් වෙන්නට ඉඩ නොදී දරුවන්ට බිරියට සිදුකරන හිරිහැර නවතා දමන්නැයි මෙම පවුලේ වැඩිමහල් දියණිය එවැනි පියවරුන්ගෙන් ඉල්ලීමක් ද කළාය.

සීගිරිය මයිලැත්තෑව ප්රදේශයේ කඩාවැටීමට ආසන්න නිවසක පදිංචි වී සිටින ඒ.ඒ. ඉන්දිකා දමයන්ති (41) මව, ඇයගේ මව වන එච්.ජී බිසෝ මැණිකේ (60), වයස අවුරුදු 15ක් වූ චමෝදි උපමාලි දියණියත්, චලනි සංසලා අවුරුදු 12ක් වූ දියණියත්, චානුක ලක්ෂාන් 19 හැවිරිදි පුතාත් මෙම අඳුරු ජීවිතයට මුහුණ පා සිටී. අධික ලෙස බීමට ඇබ්බැහි වූ පියා දැනට වෙනත් ප්රදේශයකට ගොස් තනිවම ජීවත් වෙන අතර ඒ වෙන කිසිවක් නිසා නොව ප්රදේශවාසීන් සහ පොලිසියේ බලපෑම් නිසා බවද පවුලේ අය පවසති.

තම සැමියා අධික ලෙස මත් වතුර බීමට පුරුදු වී දරුවන්ට තමන්ට සහ තමන්ගේ මවට නිතර නිතර පහරදී අනේක දුක් හිරිහැර සිදු කරන බවත් ඔවුන් දිනපතාම කැලෑවල රැය පහන් කරන බවත් පහරකෑමට ලක් වූ ඇතැම් අවස්ථාවල දී ඇඳි වත පමණක් ඉතිරි වන සිද්ධීන් රැසකට මුහුණ දී දරුවන්ගේ අධ්යාපන කටයුතු සහ ජීවිතයේ සියලු බලාපොරොත්තු අත්හැර දමා දිනකට වේලක් දෙකක් කුමන හෝ ආකාරයෙන් රැගෙන ජීවත් වන තත්ත්වයට පත්ව ඇති බවත් දරුවන්ගේ මව වන ඉන්දිකා දමයන්ති මහත්මිය පැවසුවාය.

පාසල් වියේ පසු වුවද පාසල් යාම සඳහා අවැසි උපකරණ පොත්පත් නිල ඇඳුම් සපත්තු ආදිය නොමැතිකම බරපතළ ගැටලුවක් බව මෙම දරුවෝ පවසති. පවුලේ මව වන ඉන්දිකා දමයන්ති ප්රදේශයේ පෞද්ගලික ආයතනයක් අතුපතු ගා ලබා ගන්නා මුදලින් සියලු දෙනාගේ ජීවිත ගැටගසා ගන්නා බව ඇය පැවසුවාය. තම සැමියා තමන්ට මෙන්ම තමන්ගේ මවට දරුවන්ට ලබා දෙන කටුක දඬුවම් පිළිබඳව ඇය අප සමඟ හඬා වැටෙමින් කීවාය.

දරුවන් සහ තමන්ගේ ඇඳුම් සියල්ල ඇලකට දමා විනාශ කරන බවත් දරුවන්ට ආහාර සඳහා ගැන විත් තිබෙන දේවල් ද ඇළට දමා විනාශ කිරීම්, පහරදීම් නිතරම සිදු වන බවත් ඇය පැවසුවාය. දරුවන්ට පහර දීම ඉවසා ගනු නොහැකිව සීගිරිය පොලිසියට සිදු කළ පැමිණිලි අනුව තම සැමියා හට නිවසට පැමිණීමට නොහැකි වන පරිදි පොලිසිය උපදෙස් ලබාදී තිබෙන බවත් ඇය දරුවන්ගේ අධ්යාපන කටයුතු සිදුකරගැනීම සඳහා සමාජයෙන් කාගේ හෝ උදව් උපකාරයක් බලාපොරොත්තුව සිටින බවත් ඇය හැඬූ කඳුළින් සදහන් කළාය.

අමිහිරි අත්දැකීම් පිළිබඳව එම පවුලේ වැඩිමහල් දියණිය වන චමෝදි උපමාලි මෙසේ පැවසුවාය.

“අපේ අප්පච්චි හැමදාම බොනවා. හවසට ඇවිල්ල අම්මටත් අපිටත් හොඳටම පහර දෙනවා. අපි ලොකු මහත් වෙනකම්ම වැඩිම දවසක් ගේ ඇතුලෙ නිදාගෙන නැහැ. කැලේ තමයි ඉන්නේ මට වගේම නංගිලා දෙන්නටත් අයියටත් පහර දෙනවා. අයියා බැරිම තැන මහණ වෙලා හිටියා. පස්සේ මහණකම ඉවත් කරගත්තා. දැන් අයියා කොළඹ පැත්තෙ ගිහිල්ලා ඉන්නවා මේසන් අත්වැඩ දෙන්න. තාමත් අයියාගේ වයස අවුරුදු 19යි. නංගිලා දෙන්නටයි මටයි ඉගෙන ගන්න විදිහක් නැහැ. අම්මට අපිට උගන්වන්න මිල මුදල් නැහැ. අඩුම තරමේ අපට වැසිකිළියක් වත් නෑ. ඉන්න ගේ කඩා වැටෙන්න ළඟයි.”

තමන් විඳි අමිහිරි අත්දැකීම් පිළිබඳව වයස අවුරුදු 12 ක් වූ අහිංසා මධුෂානි දියණිය මෙසේ පැවසුවාය.

“අප්පච්චි හැමදාම අපට ගහනවා. අම්මටත් ගහනවා. දවසක් මගේ බෙල්ල මිරිකාගෙන හිටියා. මම බොහොම අමාරුවෙන් බේරුනේ අල්ලපු ගෙදර නැන්දලා ඇවිල්ල තමයි බේරගත්තේ. අපේ අයියට අලවංගුවකින් ගහලා ගොඩක් අමාරු වුනා. ඒ වගේම කිරි අම්මාට පිහියෙන් ඇනලා එයා බේරුනේ ගොඩක් අමාරුවෙන්. අම්මගෙ කකුල කැපුවා කඩුවකින්. චූටි නංගිට ගැහුවා.”

අපි ගොඩක් බයෙන් ජීවත් වෙන්නේ. තමන් විඳින කටුක අත්දැකීම් පිළිබඳව අදහස් දැක්වූ මෙම පවුලේ දරුවන්ගේ මව,

“අපි ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. මහත්තයා හොඳටම ම ත් පැ න් වලට ඇබ්බැහි වෙලා. සීනි අරන් ඇවිල්ලා තව මොනවද දාලා හදාගෙන ඒව බොනව. ඒවට අමතරව කසිප්පු ගමේ තියෙනවා. ඒවා ගෙනැල්ලා බොනවා. හැමදාම ගෙදර රණ්ඩු. දරුවොත් එක්ක මම කැලේ පැනලා තමයි බේරෙන්නෙ. මගේ අම්මට හත් පොළකට පිහියෙන් ඇන්නා. කඩුවකින් මගේ කකුල් පවා කපලා තියෙන්නෙ. මගේ ඔළුවේ බත් මුට්ටි ගහල හැමතැනම තුවාල කරා. අද අපට වේලක් හරි කාලා ඉන්න තියෙන්නෙ මං වැඩ කරන තැන අතුපතු ගාලා ගන්න මුදල් වලින්. මට ඒ මුදලින් දරුවන්ට උගන්වන්න බැහැ. ඒ වගේම ඉන්න කාමර දෙක තෙමිලා කඩා වැටෙන්න ලඟයි. ගෑණු ළමයි තුන් දෙනෙක් ඉන්නේ. ඒ අයට යන්න අඩුම තරමේ වැසිකිලියක්වත් නෑ. අඳින්න ඇඳුමක් නෑ. මට දරුවන්ගේ අධ්යාපනය සඳහා කවුරුහරි උදව් කරනවා නම් ඒ වගේම නොතෙමී ඉන්න දොර වහගෙන දූලත් එක්ක නිදාගන්න කාමර දෙකක් හදලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.”

ඔවුන්ගේ ලිපිනය,

ඒ.ඒ. ඉන්දිකා දමයන්ති, නොම්බර 168, මයිලත්තාව, සීගිරිය. 

දුරකථන අංකය – 0715990853 

ඇගේ නමින් ඇති මහජන බැංකුවේ දඹුල්ල ශාඛාවේ ගිණුම් අංකය – 200110047766

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්