Oct
25

නිර්භීත තීන්දුව

 
506 Views
   
 

ජනාධිපතිවරයා මීට දින දෙකකට ඉහත දී කුලියාපිටියේ ඌරුබැද්දාවට ගොස් එහි පිහිටුවන ලද සාර්ථක කාබනික පොහොර නිෂ්පාදන ස්ථානයක් හා සාර්ථක කාබනික වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කළේය. එක්තරා වැවිලිකරුවෙක් ස්වෝඋත්සාහයෙන් මසකට කාබනික පොහොර ටොන් දහතුනක් නිෂ්පාදනය කරයි. අක්කර දහතුනක සාර්ථක කාබනික වගා ව්‍යාපෘතියක් ද ඔහු පවත්වාගෙන යයි. එහි වස විසෙන් තොර එළවළු තිබේ. පලතුරු තිබේ. අක්කර දහ තුනෙහි මූලික වගාව වන්නේ පොල්ය. එහි පොල්ගස්වලට කිසිදු රසායනික පොහොරක් භාවිත කරන්නේ නැත. වගාව ඉතා සාර්ථකය. මෙබඳු ස්ථාන ගණනාවක් රට පුරා පවතී.

ජනමාධ්‍ය ආයතන ගොවි විරෝධතාවලට දක්වන අවධානය කාබනික වගා ව්‍යාපෘති කෙරෙහි දක්වන්නේ නැත. ගොවි විරෝධතාවලට පූර්ණ සහයෝගය දක්වන ජනමාධ්‍ය ආයතන තිබේ. ඒවා රසායනික පොහොර ජාලය සමඟ සමීප සබඳතා පවත්වයි. රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක යනු ලෝකයේ ප්‍රධාන ජාවාරමකි. මේ ජාවාරම කොතරම් බලවත් ද යත් විශිෂ්ට විද්‍යාඥයෝ, පර්යේෂකයෝ, වෛද්‍යවරු හා පරිසරවේදියෝ ද පොහොර සමාගම්වල කුලීකරුවන් බවට පත්ව සිටිති. මෙයින් පෙනී යන කරුණු දෙකක් තිබේ. පළමුවන්න රසායනික පොහොර සමාගම්වල බලය ඉතා ඉහළින් පවතින බවය. දෙවැන්න මහජන සෞඛ්‍ය හිතකර පරිසරය ආදිය වෙනුවෙන් පෙනී සිටින අවංක පුද්ගලයන් හා සංවිධාන අඩු බවය. ඒවා හඳුනා ගැනීම දුෂ්කර බවය.

රසායනික පොහොරම ඉල්ලමින් විරෝධතා දක්වන අය වකුගඩු ඉල්ලමින් ද විරෝධතා දැක්විය යුතු යැයි ජනාධිපතිවරයා කියා සිටී. එය හරියටම හරි කතාවකි. උද්ඝෝෂණය කළේ නැතත් වකුගඩු ඉල්ලමින් කරන ආයාචන දිනපතාම පුවත්පත්වල පළ වෙයි. රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක භාවිතය නිසා ඇතැම් පළාත්වල ජලය පානයට නුසුදුසුය. පස විනාශ වී ඇත. පරිසරය වස විෂෙන් සන්තෘප්තය. මීට වසර තිහ හතළිහකට පෙර දුටු කෘමීන්, කුඩා මත්ස්‍යයන් හා පණු වර්ග අද දැක ගත නොහැකිය. කණාමැදිරියන් ඇත්තේ ඉතා කලාතුරෙකින් තැනකය. රසායනික පොහොර හා කෘත්‍රීම කෘමිනාශක ජීව ලෝකයට අහිතකර බව සනාථ කරන්නට අමුතු පර්යේෂණ අවශ්‍ය නැත. එදා සහ අද පරිසරය දෙස බලන විට එය වටහා ගත හැකිය.

කුමන රාජ්‍ය නායකයකු බලයේ සිටිය ද කුමන දේශපාලන පක්ෂයක් රාජ්‍ය පාලනය කරගෙන ගිය ද කාබනික වගාවට යොමු විය යුතුව තිබේ. එය මානවයාගේ පැවැත්මට අදාළ මූලික සාධකයක් ලෙස පවතී. දේශපාලන නායකයන් මේ තත්ත්වය වටහාගෙන තිබුණ ද, නිර්භීත තීන්දුවක් ගන්නට ඉදිරිපත් වූයේ නැත. වත්මන් ජනාධිපතිවරයා ඒ තීන්දුව ගත්තේය. ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙබඳු තීරණයක් ගත්තේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්