Nov
16

රුසියානු මිසයිලයක් නිසා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගඟනගාමීන් සැඟවෙයි

 
1994 Views
   
 

රුසියාව විසින් චන්ද්රිකා නාශක අවියක් අත්හදාබැලීම සමඟ ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ හදිසි තත්වයක් මතු වී තිබෙනවා. මේ පිළිබඳව වාර්තා කරමින් CNN පුවත් සේවය පැවසුවේ ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ ගඟනගාමීන්ට වහාම ඉන් ඉවත් වීමට සූදානමින් පසුවන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

රුසියාවේ චන්ද්රිකා නාශක අවිය සාර්ථක වීම සමග දැවැන්ත සුන්බුන් ප්රමාණයක් නිකුත් වී තිබූ අතර මෙම කොටස් ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය ගැටීමට අවදානමක් පැවතීම මෙම තත්ත්වයට බලපා තිබුණා.

මෙහිදී සියලු ගගනගාමීන්ට අභ්යවකාශ යානයක සැඟවෙන ලෙස හදිසි මට්ටමේ අනතුරු ඇගවීමක් නිකුත් කළ බවයි නාසා ආයතනය පැවසුවේ. මේ පිළිබඳව වාර්තා කරමි නාසා ආයතනය සඳහන් කළේ රුසියානු අවි අත්හදා බැලීම සමග දහස් සංඛ්යාත සුන්බුන් ප්රමාණයක් අභ්යවකාශයේ විසිර ගිය බවයි.

මෙම කොටස් ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය ගැටීමට මේ දක්වා අවධානමක් පවතින බවද නාසා ආයතනය පවසනවා. ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ ඇමරිකානු හවුල්කරුවා වන රුසියාව මෙවන් ක්රියාවක නිරත වීම ඇදහිය නොහැකි බවයි නාසා ආයතනය පැවසුවේ.

මෙහිදී අවදානමට ලක්වූ ගගනගාමීන් අතරට රුසියානු ගගනගාමීන් දෙදෙනෙකු ද ඇතුළත් වනවා. මෙම චන්ද්රිකා නාශක අවිය මගින් නිර්මාණය කළ සුන්බුන් වලාකුළක් තුළින් ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය ගමන් කරමින් පවතින අතර මෙය අභ්යවකාශ මධ්යස්ථානයට මාරක මට්ටමේ අවදානමක් මතු කරන බවයි නාසා විද්යාඥයන් පැවසුවේ.

දිනපතා අවස්ථා තුනකදී මෙම අභ්යවකාශ කසළ තුළින් ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය ගමන් කරමින් පවතින අතර මෙම අවස්ථා තුළ යානා තුළ සැඟවීමට ගගනගාමීන්ට සිදුවී තිබෙනවා. මෙහිදී චීනයේ අභ්යවකාශ මධ්යස්ථානයද අවදානමකට ලක් වූ බවයි නාසා ජොන්සන් මධ්යස්ථානය පැවසුවේ.

මෙම අත්හදා බැලීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරන බව අමෙරිකානු අභ්යවකාශ හමුදාවේ ප්රධානීන් ජෙනරාල් Games Dickinson පැවසුවා. මෙම අවිය මගින් නිර්මාණය කළ අභ්යවකාශ සුන්බුන් වසර කිහිපයක් පුරා තර්ජනයක් බවට පත් විය හැකි බවයි ඔහු පැවසුවේ.

මෙම සුන්බුන් කොටස් ලෝකයේ චන්ද්රිකා පද්ධතිවලට නිරන්තර අවදානමක් මතු කරනු ඇති බවට ද අනතුරු අඟවා තිබෙනවා. ලෝකයේ දුරකථන සේවා, අන්තර්ජාල, කාලගුණ සහ මූල්ය පද්ධති වලට අදාල චන්ද්රිකාවන් මේ සමග ඕනෑම මොහොතක දී බිඳවැටීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

මෙම අනතුරු දායක තත්ත්වය සම්බන්ධයෙන් මිත්ර රටවල් සමග හදිසි සාකච්ඡාවක් සිදු කරන බවයි අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශක නෙට් ප්රයිස් පැවසුවේ. මේ වන විට ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය පෘථිවියේ සිට සැතපුම් 220ක් ඉහළින් ගමන් කරමින් පවතිනවා.

ඊට වඩාත් ආසන්න අභ්යවකාශ කලාපයක් තුළයි රුසියාවේ චන්ද්රිකා නාශක අවිය පුපුරවා හැර තිබුණේ. මේ සම්බන්ධයෙන් පූර්ව මට්ටමේ අනතුරු ඇඟවීමක් රුසියාව විසින් නිකුත් කර නොතිබීම ද විශේෂිත වනවා.

වර්ධනය වී ඇති අවදානම් තත්වය සමග දිනපතා පැය 02ක් අභ්යවකාශ යානා තුළ සැඟවීමට ගඟනගාමින්ට සිදු වී තිබෙනවා. යම් ගැටීමකින් අභ්යවකාශ මධ්යස්ථානය විනාශ වුවහොත් වහාම අභ්යවකාශ මධ්යස්ථානයෙන් පිටත්වීම සඳහායි මෙම ආරක්ෂිත පියවර අනුගමනය කරමින් පවතින්නේ.

මීට පෙර ඇමරිකාව, රුසියාව, චීනය සහ ඉන්දියාව විසින් සාර්ථක මට්ටමෙන් චන්ද්රිකා නාශක අවි අත්හදා බැලීමට සමත් වී තිබුණා.

මෙම අවි, ලෝකයට වැදගත් චන්ද්රිකා පද්ධති සඳහා නිරන්තර අවදානමක් මතු කරමින් පවතින බවයි ත්යන්තර මාධ්ය පවසන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්