Jan
6

කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කළ වගයි

 
1995 Views
   
 

2022 වසරේ ආරම්භක සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොළහි ඉතිහාසයේ වැඩිම අගයක් වාර්තා වී තිබේ. එමෙන්ම සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ මුල් වතාවට ඒකක 13,000 අගය ඉක්මවා ගොස් ඇත. ඉකුත් වසරේ කොළඹ කොටස් වෙළඳපොළ 80% ක වර්ධනයක් අත් කර ගෙන ඇත.

මේ වසර ආරම්භයේ දී එය තවත් ඉහළ යන ලකුණු පෙන්නුම් කරයි. ආයෝජකයන් වැඩි පිරිසක් කොටස් වෙළඳ පොළ වෙත යොමු වීම වත්මන් සාධනීය තත්ත්වයට හේතුව බව වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි. සියලු කොටස් මිල දර්ශකය පළමු වරට ඒකක 13,000 ඉක්මවා ගොස් ඒකක 13,076 ක් හැටියට දවස අවසානයේ දී සටහන් වූ අතර SNPSL20 යන මිල දර්ශකය එනම් තෝරා ගත් සමාගම් 20 ක් අඩංගු මෙම මිල දර්ශකය 4480 ක් ලෙස දවස අවසානයේ සටහන් වී ඇත.

ඒ අනුව එකම දවසක් ඇතුලත සිදු වූ වැඩිම ගනුදෙනු සංඛ්යාව මෙසේ සිදු වූ අතර එය වාර්තාගතවී ඇති අතර දිනය තුළ ගනුදෙනු 86,321 ක් ක්රියාත්මක වී ඇති අතර වෙළඳපොළ ප්රාග්ධනීකරණ අගය ලෙස රුපියල් ට්රිලියන 5.8 ක් ලෙස සටහන් විය .

2022 ජනවාරි මාසයේ පළමු දවස් 03 සලකා බැලුවහොත් දිනකට පිරිවැටුම රුපියල් බිලියන 12ක් ඉක්මවා ගොස් ඇති අතර මෙම දවස් තුන ඇතුලත පමණක් සියලු කොටස් මිල දර්ශකයෙහි 6.9% ක එනම් 7% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. SNPSL20 මිල දර්ශකයේත් 5.8% ක වර්ධනයක් සටහන් කර ඇත. ඒ අනුව පෙනී යන්නේ 2022 වර්ෂයේ කොටස් වෙළඳපොළ හොඳ ආරම්භයක් සිදු වී ඇති බවයි. එය මුලු වර්ෂයටම ආශිර්වාදයක් බව පැහැදිලිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්