Mar
6

වයසට නොගැලපෙන විලාසිතා වලට මිනිස්සු හිනාවෙනවා – ඇඟ කෙට්ටු කාලෙට සුදු පාට අඳිනවා

 
9580 Views
   
People-laugh-at-age-appropriate-fashions---wear-white-when-skinny  

වර්තමානයේ රංගන ක්ෂේත්‍රයේ සිටින දිදුලන තාරකාවන්  ගෙන් එක් අයෙකු ලෙසට ඇයව හඳුන්වා දිය හැක. දක්ෂතා රැසකින් පරිපූර්ණ සොඳුරු ඇය සොයා අපි ගියේ ”‍ෆැෂන්  ”‍පිටුවෙන් නවතම ආරයෙ කතාබහ කටය. ශලිනි තාරකා නම් ඇය සමග අපි මෙවර කතා කරමු.

කොහොමද මේ දිනවල ඔබේ වැඩ කටයුතු ?

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් සිද්ධ වෙන නිසා ටිකක් විතර කාර්යබහුලයි.

ෆැෂන් කියන විෂය ඔබ දකින්නේ කොහොමද?

මම හිතන්නේ ෆැෂන්  කියන්නේ අපිව ලස්සනට තියන්න උපකාරී වන පැකේජ් එකක්.ඒකෙ ඇඳුම් විතරක්ම නෙමෙයි තියෙන්නේ.අපි කතා බහ කරන විදිහ ,අඳින පළඳින විදිය, ඇවිදින විදිහ, බාහිර පාර්ශ්වයක් එක්ක ගනුදෙනු කරන විදිහ, කන බොන විදිහ, කොන්ඩ මොස්තර කරන විදිහ, මේ හැමදේම ෆැෂන්  ඇතුලෙ තියෙනවා … ගැලපෙන විදිහට ෆැෂන් කලහම හිතට මහ අමුතු ගැම්මක් ආත්ම ආත්මවිශ්වාසයක් දැනෙනවා.

ඔබ හැමදාමත් ලස්සනට අඳින කෙනෙක් විදියට අපි දකින්නේ ?

ඔව්. මම හරිම ආසයි  පිළිවෙළට, පිරිසුදුව  ගැළපෙන විදියට අඳින්න. ඒ හැරෙන්න ඉහළම වෙළඳ නාම යටතේ මුදලින් වැඩිම ඇඳුම් තෝරා ගන්නවා කියලා දෙයක් නම් මගේ චොයිස් එක ඇතුලේ නැහැ.

විලාසිතාවක් තෝරා ගනිද්දි වැඩිපුරම සැලකිලිමත් වන්නේ මොන වගේ කරුණු කෙරෙහිද?

යන තැන, යන වෙලාව,ගැන ගොඩක් ම සැලකිලිමත් .පන්සලකට මළ ගෙදරකට යන විදියට උත්සවයකට යන්න බෑනේ .එහෙම තැනට ගැලපෙන්නෙ නැති විදිහට ඇඳුම් තෝරා ගත්තොත් වෙන්නේ අපි නොසිතන විදිහට අපහසුතාවයට පත්වෙන්න ඒකයි.

කාලයත් එක්ක විලාසිතා කරන විදිහ වෙනස් වෙනවාද?

අනිවාර් යෙන්ම ඔව්. වයසත් එක්ක අපි විලාසිතා කරන විදිය වෙනස් වෙනවා. පුංචි කාලෙදි කොන්ඩ දෙකක් බැඳලා  ලස්සන පුංචි පුංචි ඇඳුම්  අදින්න ආසයි .

නව යොවුන් වියට එනකොට අපි අපේ ලස්සන, අපේ ඇඟේ හැඩය, සමේ පාට ඉස්මතු වෙන විදිහට විලාසිතා කරන්න පුරුදු වෙනවා. වයස අවුරුදු තිහක් හතළිහක් වෙනකොට විලාසිතා කරනකොට අපි බොහෝ දේවල් ගැන හිතන්න පුරුදු වෙනවා. සමහර වෙලාවට ඒ වයසේදී විවාහ වෙලා මවක්, බිරිඳක් විදිහට සිටිනවා නම් අපි කරන විලාසිතා තවත් වෙනස් වෙනවා. ඒ වගේ බාහිර කරුණු බොහොමයක් එක්ක විලාසිතා කරන විදිය වෙනස් වෙනවා කියලයි මගේ හැඟීම. විශේෂයෙන්ම මම හිතනවා වයසට නොගැලපෙන විදිහට විලාසිතා කළොත් වෙන්නේ අපි බාහිර පාර්ශවයේ හිනාවට ලක් වෙන එක. උදාහරණයක් විදිහට පුංචි කාලේ කොන්ඩ දෙකක් බැඳලා ඉන්න කොට සූරතල් පෙනුමක් තිබුණත්  ලොකු කෙනෙක් ඒ වගේ විලාසිතාවක් කළොත් සමහරවිට හිනාවට ලක් වෙන්න පුළුවන්.

ඔබ විලාසිතා තෝරා ගැනීමේදී වඩාත් ගැලපෙන පාට මොනවා දී ?

සෑම පාටකට ම  කැමතියි. නමුත් කහ පාට ඇඳුම් වලට මගේ ඇඟේ පැහැය වැඩි කරලා පෙන්නනවා කියලා හිතෙනවා .සුදු පාට ඇඳුම් ඇන්දහම පිරිච්ච ගතියක් තියෙනවා .ඒ පාටට මහත  පේන නිසා ඇඟ කෙට්ටු කාලෙට සුදු පාටට හුරු ඇඳුම් තෝරගන්නවා.
කළුපාට  ඇඳුම් වලට ඇඟ ටිකක් කෙට්ටුවට පේන නිසා , ඇඟ මහත කාලෙට තද පාට එහෙමත් නැත්නම් කළු පාට  ඇඳුම්  විලාසිතා  වැඩිපුර තෝරා ගන්නවා.

විලාසිතා කිරීමේදී අනුකරණය කරනවද?

විලාසිතා කියන මාතෘකාව ඇතුළෙම තියෙන්නෙම අනුකරණය  තමයි. කවුරු හරි කරන විලාසිතාවක් දැකලා තමයි තවත් කෙනෙක් ඒවා තෝරා ගන්නේ.

විශේෂයෙන්ම මෝස්තර නිරූපණය වැනි විෂයයක් ලෝකයේම ප්‍රසිද්ධ වී  තිබෙන්නේත් විලාසිතා ලෝකයට හඳුන්වා දීම නිසයි.ඒ නිසා දකින විලාසිතාවක් තමන්ට ගැලපෙන විදිහට කරන එක වැරද්දක් නැහැ. ඇත්තටම විලාසිතා කියන්නෙම අනුකරණය.

විලාසිතා වලින් කැපී පෙනෙන උත්සාහ කරන කෙනෙක් ද ඔබ ?

පෞද්ගලික ජීවිතයේදී මම මට ගැළපෙන  විදිහට සරලව පහසුව අඳින්න  පුළුවන් ඇඳුම් තෝරා ගන්නවා. රඟපෑම් කටයුතු වල දී නම් චරිතයට ගැළපෙන විදිහට විලාසිතා කෙරෙනවා. ඒ හැරෙන්න විලාසිතාවලින් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න කොයි වෙලාවක වත් මම උත්සාහ කරන්නෙ නැහැ .

පොදුවේ විලාසිතාවක් කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

ශරීරයේ උස ,ශරීරයේ මහත, සමේ පාට, වයස වගේම සහභාගි වන තැන අනුවත් විලාසිතා තෝරා ගත යුතුයි .එසේ නැතුව කවුරුත් කරපු පලියටවිලාසිතා නොකළ යුතුයි. නිළියක් ඇඳන් හිටපු පලියට, පත්තරේක මැගසින් එකක තිබුණු පලියට ,ඩමියක අන්දලා තිබුණු පලියට ගොඩක් වෙලාවට බොහෝ විලාසිතා අපිට ගැලපෙන්නේ නැහැ .ඒ නිසා මුදලක් වියදම් කරලා කරන විලාසිතාවක් ගැන දෙවරක් සිතිය යුතුයි කියලා මම පෞද්ගලිකව හිතෙනවා ..

අසුන්තා එදිරිසූරිය / ඡායාරූප – සජීව ලක්ෂාන්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්