Nov
22

කෘෂි රසායන ආනයනය සම්බන්ධයෙන් ජනපති අඩියක් පස්සට ගනී

 
2007 Views
   
 

ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් අද විශේෂ රැස්වීමක් කැඳවා තිබුණි. මෙහිදී කාබනික ගොවිතැන මෙරට ප්රචලිත කිරීම සඳහා අවශ්ය තීන්දු රැසක් ගැනීම සිදුවිය.

ඊට අමතරව එළවළු, බඩ ඉරිඟු සහ ධාන්ය වර්ග වැනි වගා සඳහා අවශ්යතාව මත කෘෂි රසායනික පෞද්ගලික අංශය හරහා ගැන්වීමටද අවධානය යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

මෙහිදී රජයේ හරිත කෘෂිකර්මාන්ත ප්රතිපත්තිය අනුව යමින් කාබනික පොහොර භාවිතයෙන් කෘෂිකර්මය ප්රවර්ධනය කිරීම සඳහා රජයේ ප්රධාන පොහොර සැපයුම්කරුවන් වන කොළඹ කමර්ෂල් පොහොර සමාගම හා ලක් පොහොර සමාගම ගත් ක්රියාමාර්ග සහ ඔවුන්ගේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කරුණු විමසා ඇත. එහිදී ජනාධිපතිවරයාගේ ප්රශ්න කිරීම් වලට නිසි ලෙස පිළිතුරු ලබාදීමට නොහැකි වූ අදාළ ආයතනවල ප්රධානීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි අප්රසාදයක් පළකර තිබේ.

මෙරට කෘෂි කර්මාන්තයට පොහොර සපයන ප්රධාන සමාගම් පවා රට වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ වලට පෙනී නොසිටීම සහ සහාය නොදැක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාළ නිළධාරින්ට දැඩි විවේචන එල්ල කර ඇත. ඊට අමතරව මෙහිදී අදාළ ආයතනයේ ප්රධානීන්ට වහාම රැස්වීමෙන් පිටව යන ලෙසද ජනාධිපතිවරයා දන්වා ඇති බවයි විශ්වාසනීය ආරංචි මාර්ග වාර්තා කළේ.

රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන රාජ්ය නිලධාරීන් ඇතුළු දේශපාලකයන්ද ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇති අතර රජය ගන්නා යහපත් ක්රියා මාර්ග ජනතාව වෙත නිසි ක්රමවේදයක් ඔස්සේ ගෙන යනවා වෙනුවට ඒවා විවේචනය කරමින් ජනතාව අසරණ කිරීම නොකළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්