Jun
30

මෙන්ඩා, දික්වැල්ල සහ ඩැනිට දෙන්න යන ද’ඩුවම මෙන්න

 
2946 Views
   
 

විනය වි’රෝධීව හැ’සිරුණු බවට චෝදනා එල්ල වීම නිසා එංගලන්ත සංචාරය අතරතුර යළි ශ්‍රී ලංකාවට කැඳවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල නිරෝධායනය සඳහා කොච්චිකඩේ තරු 3 හෝටලයකට යොමු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට්හි වගකිවයුතු නිලධාරියෙක් ඊයේ (29දා) පැවැසීය.

සාමාන්‍යයෙන් ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් නිරෝධායනයට ලක්කරන්නේ තරු 5 හෝටල්වල බවත් එහෙත් මේ ක්‍රීඩකයන් තිදෙනාම තරු 3 හෝටලයකට යොමුකළ බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉහළ නිලධාරීන් පිරිසක් මෙම ක්‍රීඩකයන් සම්බන්ධව ගතයුතු තීන්දු තීරණ පිළිබඳව ඊයේ (29 වැනිදා) දිනයේදීත් සාකච්ඡා කළ බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.

‘‘ඔවුන්ට දෙන ද’ඬුවම පිළිබඳව තීරණය කරන්නේ විනය පරීක්‍ෂණයෙන් පසුවයි. ඔවුන්ගේ නිරෝධායන කාලය දවස් 14 ක් වෙනවා. ඊට පසුව විනය පරීක්‍ෂණය පවත්වනවා. මොනවා වුණත් ඔවුන්ට ලොකු ද’ඬුවමක් දෙන්න ඕන. යම් කාලසීමාවකට ක්‍රිකට් තහනම් කරන්න ඕනෑ. ඒ වගේම මුදල් ද’ඩයක් නියම කරන්නත් ඉඩ තිබෙනවා. සමහරවිට එය මිලියන 05 ක් වුණත් වෙන්න පුළුවන්. ඒත් මේ කිසිවක් තවම ස්ථිර නැ හැ. තීරණය කරලා නැ හැ. හැබැයි ද’ඬුවමක් නොදුන්නොත් ඔවුන් හැදෙන්නෙත් නැ හැ. අනෙක් අය හැදෙන්නෙත් නැ හැ යැයිද අදාළ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. අදාළ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ඊයේ (29 වැනිදා) දහවල් දිවයිනට පැමිණීමෙන් පසුව කෙළින්ම නිරෝධායනය සඳහා යොමුකර තිබිණි.

කුෂාන් සුබසිංහ – දිවයින

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්