Nov
19

රුවන්වැලි මහ සෑ රදුන්ට පමණක් දෙවෙනි වන සඳහිරු සෑ රදුන්

 
1458 Views
   
 

ලංකා ඉතිහාසයට මේ සා වීශාල දාගැබක් එකතුවන්නේ වසර 1700 කට පමණ පසුවයි.. පූජනීය රැවන්වැලි මහ සෑ රදුන්ට පමණක් සිරස් උසින් දෙවන වන බෞද්ධ විහාරස්ථානයකට අයත්වන සෑම අංගයකින්ම සමන්විත විශ්මය ජනක ඉදිකිරීමකි. වසර 30 ක් පුරාවට ලක්වැසියනට ඉමහත් වද වේදනාවන් ලබා දුන් දහස් ගනනක් රණවිරැවන් මියගිය, දහස් ගනනින් අහිංසක පුරවැසියන් මියගිය, කුරිරැතම යුද්ධයක් වෙනුවෙන් කැපවී තම ජීවිත පුදා රට රැකගත් අභිමානය සිහිගන්වන බෞද්ධ ස්මාරකයක් වේ.

සෙබළුන්ගේ ශ්රමය, මුදල් ආධාර, ලක්වැසියන්ගේ ශ්රම සහාය, මූල්යමය සහාය මත ගොඩනැගුනු මෙම චෛත්යය යහපාලන කාලයේදී කුඩමිමාගේ සැලකීමකට ලක්වුවත් යලිත් ගෝඨාභය බලයට පැමිණීමත් සමඟ ඉක්මනින්ම වැඩ නිමකර සඟසතු කිරීම සිදුවිය.

අනුරාධපුර අහසට අලුත් රන් කොතක්.., පැළන්ඳවූ ඊයේ දවස, ස්ථුප ගඩොල් කෝටි දෙකහමාරකින්, සිමෙන්ති කොට්ට 181,000කින්, වැලි කියුබ් 15000කින් , අළු හුණු කිලෝ එක් කෝටි දාසය ලක්ෂයකින්, සියලූම වැඩ රණවිරුවන් අතින් හා පැමිණෙන අයගේ ශ්රම දායකත්වයෙන් ඉදිවූ රණවිරුවන්ගේ පඩියෙන් කැපෙන මුදල් සහ ජනතාවගේ ආධාර මුදලින්. ගොඩනැගුන, පොළවට මිහිදන් වූ හැම රණවිරුවෙකුටම.

උතුම් නිර්වාණ සුවය පතා, ආබාධිත වූ සියලූම රණවිරුවන්ට නීරෝගී සුවය පතා, රණවිරු සෑය නොහොත්, සඳහිරු සෑය ඉදිවූ වගයි… ස්තූපය තැනීමට වෙහෙස වූ සියලූම දෙනාට පූජා කරන මලක් මලක් ගානේ පිං ලැබේවා…!! තිස් වසරක යුද්ධයේ දිවි හිමියෙන් සටන් වැදුන සියලුම දෙනාට සියලූම කුසල් රැස් වේවා….!!

 

පරාක්රම බස්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්