Oct
22

“ඉන්ධන මිල වැඩි කරපු ගමන් බස් ගාස්තු වැඩි කරනවා” – ගැමුණු විජේරත්න

 
581 Views
   
 

කොන්දොස්තර හෝ රිය සහායක නොමැතිව මඟී ප්‍රවාහන බස් රථ ධාවනය කළ හැකි පරිදි මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක් වූ බස් කර්මාන්තයේ ආදායම් අහිමි වීම සහ සේවක හිඟය ඇතුළු ගැටලු සැලකිල්ලට ගනිමින් එම යෝජනාව සිදු කළ බවයි.

මේ අතර ඉදිරියේදී ඉන්ධන මිල ගණන් වැඩිවීමක් සිදුවුවහොත් ඊට සාපේක්ෂව එසැණින් බස් ගාස්තු ද ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (ඔක්. 21) පැවති මාධ්ය හමුවකදී එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් රථ සඳහා වන අමතර කොටස්වල මිල ගණන් ඉහළ යාම, මගීන් නොමැති වීම, කොන්දොස්තරවරු සහ ඇතැම් රියැදුරන් සේවයෙන් ඉවත්ව තිබීම, දිගු කාලයක් ධාවනය නොකිරීම නිසා බස් රථ අබලන් වීම මෙන් ම, ලීසිං මුදල් ගෙවීමෙි අපහසුතා ආදී ගැටලු රාශියකට පෞද්ගලික බස් රථ සේවය මුහණ දී සිටින බවය. වසරකට අධික කාලයක් තිස්සේ නිසි පරිදි බස් රථ ධාවනය නොවන බස් රථ කර්මාන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව වෙත කළ යෝජනා සියල්ල හමස් පෙට්ටියට දැමූ බව ද ආණ්ඩුව “බස් කර්මාන්තය අද මරලා පෙට්යට දාලා ඇණත් ගහලා ඉවරයි” යනුවෙන් ද ඔහු සඳහන් කළා.

“ලංකාවේ බහුතරයක් නියෝජනය කරන්නේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය. අපේ සියලු ම බස් හිමියන්ගේ නියෝජනයක් තමයි මම අද ප්රකාශයට පත් කළේ. මොකද මේ ලීසිං වාරිකය ගෙවන්න හැකියාවක් නෑ. මේ අවුරුදු එක හමාරක් බස් ගෙවල්වලනේ. 40%යි බස් ධාවනය වුණේ. ලංකාවේ මේ මොහොතෙත් බස් ධාවනය වෙන්නේ 30-35% ත් අතර ප්රමාණයක්. ඒ වගේ ම ජනතාව නෑ. වැඩ කරන මිනිසු නෑ. රජය අර්බුදයක ඉන්න බව අපි දන්නවා. අවුරුදු එක හමාරක් තිස්සේ කොවිඩ් එක්ක රට යන්න අපි යෝජනාවක් කළා. ඒවා හමස් පෙට්ටියට දැම්මා. රජයේ සේවකයින්ට අවුරුදු 1 1/2ක් පඩි දීලා තියෙනවා. අපිට අවුරුදු 1 1/2ක් ආණ්ඩුව මොක ද කරේ? අපි රටේ දළ දේශිය නිෂ්පාදනයට 12%ක දායකත්වයක් ලබාදීලා තියෙනවා. ආණ්ඩුව සල්ලි අච්චු ගගහා පඩි දුන්නාට අපිට කරන්න දෙයක් නෑ. ඒකට නිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනෑ. අපි කර්මාන්තයක් විදියට ආණ්ඩුවට සල්ලි දුන්නා. අපේ බස් කර්මාන්තය අද මරලා පෙට්යට දාලා ඇණත් ගහලා ඉවරයි ආණ්ඩුව.” 

මේ අතර පසුගිය දිනෙක වෙනත් බස් සංගමයක් බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් කළ ප්රකාශයක් සම්බන්ධයෙන් මෙහිදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් මාධ්යවේදියෙකු විමසූ අවස්ථාවවේදී ඔහු පළ කළේ මෙවැනි අදහසකි. 

මාධ්යවේදියා – වෙනත් සංගමයකින් කිව්වා හාල් මෝල් හාල් මිල වැඩි කරනවා වගේ. කිරිපිටි සමාගම් කිරිපිටි මිල වැඩි කරනවා වගේ ඔවුන් තීරණය කරනවා කියලා කිව්වා ඉදිරියේදී බස් ගාස්තු ගැන? 

“එහෙම බස් ගාස්තු වැඩි කරන්න නෛතික හැකියාවක් නෑ. බස් ගාස්තු වැඩි කරන්න අපි බැඳිලා ඉන්නවා රජයට. රජයට යටත්ව තමා පෞද්ගලික බස් කර්මාන්තය ක්රියාත්මක වෙන්නේ. කිසිදු පුද්ගලයෙකුට හිතුමතේ එවැනි වැඩිකිරීමක් කරන්න හැකියාවක් නෑ. අපේ පිරිවැයන් ආණ්ඩුවට යෝජනා කරලා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා ලොකු ප්රොසෙස් එකක් තියෙනවා. අධිකරණයේ පිහිට පතන්නේ නැතිව අපිට වැඩිකරන්න හැකියාවක් නෑ. ඒක නිසා අපි පැහැදිලිව ම බොහෝ ම ඉක්මනටම වැඩි කරන්න අවස්ථාව තියෙනවා. නමුත් මේ තත්ත්වය කොච්චර පිරිවැය වැඩි වුණත් අපිට පාලනය කරගෙන යන්න හැකියාව තියෙනවා තව දින කිහිපයක්. ඒ සඳහා අවශ්ය නිර්ණායක අපි ප්රවාහන අමාත්යංශය වෙත ඉදිරිපත් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඉන්ධන වැඩි වුණොත් බස් ගාස්තු වැඩි⁣වෙනවා. ඒක ආපහු දෙකෙන් එකක් නෑ. ඉන්ධන වැඩිවුණොත් ඒ හා සමගාමීව වැඩිවෙච්ච අනික් පිරිවැයන් එක්ක තමා බස් ගාස්තු වැඩි කරන්න කටයුතු කරන්නේ. මොක ද එසේ නොමැතිව කර්මාන්තය ගෙනියන්න විදියක් නෑ. ඉන්ධන රුපියලකින් වැඩිවුණත් බස් ගාස්තු වැඩි කරන්න වෙනවා.” 

මාධ්යවේදියා: ඉහළ දමන්නේ අවම ගාස්තු ද? 

“අවම ගාස්තු නොවේ. ඒ චක්රය ම වැඩිවෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව තමා තීරණය කරන්නේ. අපි නිර්ණායකයන් ඉදිරිපත් කරලා ඒ අවශ්ය දත්තය ඉදිරිපත් කරලා බස් ගාස්තු සම්බන්ධයෙන් ක්රියාදාමය ක්රියාත්මක කරන්න පුළුවන්. අවම ගාස්තුව පිළිබඳ මට දැන් කියන්න බෑ. ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව තමයි බස් ගාස්තු ඉදිරියේදී වැඩිවෙන්නේ.” 

මෙහිදී බස් කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරමින් ඒ මහතා සඳහන් ක⁣ළේ, රට තුළ ඉන්ධන නාස්තිය අවම කළ යුතු බවත් පෙට්රෝලියම් සමාගමේ විශාල වශයෙන් සිටින සේවක පිරිසට ඉහළ වැටුප් ගෙවීම් ආදිය නිසා විශාල නාස්තියක් සිදුවෙමින් පවතින බවත් ය. කෙසේ වෙතත් නිර්ණායක 12ක් අනුව බස් ගාස්තු ඉහළ දැමීමට සිදු විය හැකි බවත් “ආණ්ඩුවට මෙය සෙල්ලමකට නොගන්නා ලෙස” දන්වන බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්