Jun
2

කුස තුළ මි යගිය බිළිඳියට කොවිඩ්

 
1281 Views
   
 

ගැබිනි මවකගේ කුස තුළදි මි යගිය සති 37ක් වයසැති බිළිදියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණ බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි ම රණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත.

 

ගැබිනි මව දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහමෝදර මාතෘ රෝහලට ඇතුලත්ව ඇති අතර කුස තුලදි දරුවා මියගොස් ඇත. මි ය යාමෙන් පසුව බිළිදියට කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

 

ගැබිනි මව බුස්ස මහමුදලිමාවතේ පදිංචිකාරියකි. ඇයට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා කරන්දෙණිය කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලැබ යළි නිවසට පැමිණ ඇත. පසුව දරු ප්‍රසුතිය සඳහා මහමෝදර මාතෘ රෝහලට ඇතුලත්ව ඇත. මෙකි ගැබිනි මවගේ දරු දෙදෙනා හා සැමියා ද නිවස තුළ නිරෝධායනයට ලක්කොට ඇති බව සඳහන්.

 

ජිනේෂ් නානායක්කාර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්