Jun
1

කොවිඩ් ආසාදිත භික්ෂූන් වහන්සේලාට විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

 
1441 Views
   
 

කොවිඩ් ආසාදිත මහා සංඝරත්නය උදෙසා සැලසුම් කළ ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය අද (01)  දින මහනුවර දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

 

මහනුවර සංඝරාජ මාවතේ (වැවරවුමේ) පිහිටි ඩෙවොන් සමූහ ව්‍යාපාරයට අයත් ගොඩනැගිල්ලක් කොවිඩ් මෙම නිවාරණ භික්ෂු උපස්ථාන පවත්වාගෙන යාමට ලබා දී ඇති අතර එහි ආසාදිත භික්ෂුන් වහන්සේලා හතලිහක් සඳහා සියලු පහසුකම් සහිතව නේවාසික පහසුකම් ලබා ගත හැකි බව සඳහන්.

 

මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා ඇතිව, මහනුවර ශ්‍රී දළදා මාලිගාව, මහනුවර ශ්‍රී මහා විශ්ණු දේවාලය හා මහනුවර ජාතික රෝහල සමග අත්වැල් බැදගනිමින් මෙම නිවාරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා.

 

දුම්බර – එම්.ආර්. ප්‍රදීප් (ada.lk)

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්